නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යවරයෙකු තම ධූරයෙන් ඉවත් වුව හොත් එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත්වෙනවා

    නොවැම්බර් 19, 2014

    එජාපය හැදූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යවරයෙකු තම ධූරයෙන් ඉවත් වුව හොත් එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත් වන බව ද එම අමාත්‍යාංශය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මන්ත්‍රීවරයෙකුට ඇත්නම් ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා හෝ සභානායකවරයා පාර්ලිමේන්තුවේදී අය-වැය විවාදයේදී පිළිතුරු දෙනු ඇතැයි ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී ඉතිහාසයේ පළමු වරට විෂයභාර අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නොමැතිව අමාත්‍යාංශයක වැය ශීර්ෂ විවාදයට ගන්නට සිදු වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසූ අවස්ථාවේදීය.

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස සිටි පාඨලී චම්පික රණවක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් මේ අමාත්‍යංශය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නොමැති වීමත් ඊට හේතුවයි.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya