නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක දැක්ම ජනපති සුරතින් විවෘත වේ

    නොවැම්බර් 02, 2014
    1948 පෙබරවාරි 04 වනදායින් පසු ශ්‍රී ලාංකීය ජනතා නායකයන් ජාතියට කළ දායාදයන් හා ඒ ආශ්‍රිත සිදුවීම් හා යාවුණු දුර්ලබ සේයා රූ දැක්ම ඊයේ (01) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී විවෘත විය.
     
    ඊයේ ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය හෙටින් (03) අවසන් වන අතර උදෑසන 09.00 සිට රාත්‍රි 07.00 දක්වා විවෘත ව පවතී.
     
    මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදු කරන අතර "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතාගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.
     
    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක්විය. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දරුවන් මෙන් ම ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය.
     
    මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරු, මැති ඇමැතිවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, අධ්‍යක්ෂ (මාධ්‍ය) වසන්ත ප්‍රිය රාමනායක, ප්‍රදර්ශනයේ නිර්මාණ අධ්‍යක්ෂණය කළ ජේ. සුදත් සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya