නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කරන ප්‍රකාශ හෙළා දකිනවා

    ඔක්තෝබර් 30, 2014
    300කට අධික පිරිසක් විපතට පත් කරමින් කොස්ලන්ද, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කළ ප්‍රකාශය හෙළා දකින බවත් විපතක් වාසියකට හරවා ගන්න උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදාළ ඛේදවාචකය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හා රජය ගත් ක්‍රියාමාර්ග විස්තර කරමින් සභාව ඉදිරියේ කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ව නැගී සිටි ජෝන් අමරතුංග මහතා කරන ලද චෝදනාවට පිළිතුරු ලෙසිනි.

    ජෝන් අමරතුංග මහතා අදාළ සිද්ධිය පිළිබඳ ව විපක්ෂය ලෙස තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරන බව පවසමින් මෙය රජයේ වරදකින් සිදු වූවක් ලෙස හුවා දක්වමින් රජයට චෝදනා කළේය. මේ තරම් විශාල විපතක් සිදු වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙම සිද්ධිය හඳුන්වා දීමට ගිය අමරතුංග මහතාට ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් සුනාමිය ගැන මතක් කර දුන්නේය. සුනාමිය වෙනයි මෙය ආණ්ඩුවේ දැනුවත්කම මත සිදු කර ගත් විපතක් බවට චෝදනා කළ ඒ මහතා සිද්ධිය පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවත් අනතුරක් සිදු වන බව දන්නේ නම් මිනිසුන්ට ගෙවල් සාදා දී ඉවත් කළ යුතු ව තිබූ බව ද කීය.

    එහිදී නැගී සිටි අමාත්‍යවරයා මෙයින් දේශපාලන වාසියක් ගන්න එපා යැයි තරයේ කියා සිටියේය. දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍ය නම් රජය විවාදයක් ලබාදීමට සූදනම් බවත් විපත සැපතක් කරගැනීමට උත්සාහ නොකරන ලෙස ද අමාත්‍යවරයා දැඩි ව ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya