අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

    අප්‍රේල් 16, 2014

    සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (16) ගම්පහ කොස්සින්න යටවත්ත රජමහා විහාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැකැත් චාරිත්‍රවලට අනුව පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.


    ප්‍රදේශවාසී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය කොස්සින්න, යටවත්ත රාජමහා විහාරය සහ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරය යන උභය විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්දාභිධාන නායක හිමිගේ හා කොස්සින්න රජමහා විහාරාධිකාරී උඩුගම්පොල ගුණානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.


    සුබ නැකතට ජනාධිපතිතුමාගේ හිසතෙල් ගැල්වීම සිදුකරනු ලැබුවේ සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්දාභිධාන නායක හිමියන් විසිනි.


    ජනාධිපතිතුමාගේ පැමිණීම සිහිපත් කරමින් විහාරාධිපති හිමියන් වෙත සමරු තිළිණයක් ජනාධිපතිතුමා විසින් පිළිගන්වන ලද අතර විහාරාධිපති හිමියන් විසින් ජනාධිපතිතුමා වෙත තිළිණයක් පිළිගැන්වීම ද එහි දී සිදුවිය.


    අද උදෑසන සිට ම විහාරස්ථානය වෙත විශාල ජනකායක් රැස්ව සිටි අතර එම ජනතාව විහාරස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමන්ව මහත් හරසරින් පිළිගනු ලැබූහ.


    දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් විජේරත්න සහ ප්‍රාදේශීය මහජන නියෝජිතවරු රැසක් ද මේ මහෝත්සවයට එක් ව සිටියහ.


    HC/pmu_pics: Sudath Silva

     

    Traditional State Oil Anointing Ceremony 1

    Traditional State Oil Anointing Ceremony 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya