අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති තංගල්ලේ සිට අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරයි

    අප්‍රේල් 14, 2014

    රාජ්‍ය නායකයා ලෙසින් දහසක් රාජකාරී මධ්‍යයේ වුවත් සෑම වසරකම සිංහල සිරිතට මුල් තැන දෙමින් පවුලේ ඥාති මිත‍්‍රාදීන් සමඟින් සිය නිවසේ සිට අලුත් අවුරුද්ද සමරන ජනාධිපතිතුමා මෙවරද තංගල්ල කාල්ටන් නිවසේ සිට අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


    නැකතට ලිපි ගිනි දල්වා චාරිත‍්‍ර ඉටු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ, ලුතිතන් යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන මහතවරුන් ඇතුළු පිරිස රාජපක්ෂ පවුලේ අනෙකුත් ඥාතීහු සමඟ එක්ව චාරිත‍්‍රවල නිරත වූහ.


    වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය ඉටු කරමින් කාල්ටන් පරිශ‍්‍රයේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.


    උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දට තම ආදරණීය නායකයාට සුබ පතන්නට ප‍්‍රදේශවාසී ජනතාව වැල නොකැඩී කාල්ටන් නිවසට පැමිණි අතර එම ජනතාව සුහදව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන්ට ආහාර පානවලින්ද සංග‍්‍රහ කළේය.


    අලුත් අවුරුද්දට සෑම නිවසකම පැළයක් රෝපණය කිරීමට ජනාධිපතිතුමාගේ සංකල්පය මත කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ අනුව කාල්ටන් නිවසට පැමිණි සියලුදෙනා වෙත සුදු හඳුන්, කළුවර ඇතුළු වටිනා පැළ බෙදාදීමද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.


    මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇති අතර එහි සභාපති ඊ.ඩබ්ලිව්. ප‍්‍රතාපසිංහ, අධ්‍යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුම යන මහත්වරු ද ඊට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

     

    HC/pmu_pics: Sudath Silva

    new year 2014 carlton 1

    new year 2014 carlton 2

    new year 2014 carlton 3

    new year 2014 carlton 6

    new year 2014 carlton 7

    new year 2014 carlton 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya