අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 04ක් සාපේක්ෂව වී මිල අඩු මට්ටමක පවත්වා ගත්තා

    අප්‍රේල් 10, 2014

    වී මිලදී ගැනීම සඳහා වූ රජයේ සහතික මිල 2013 වසරේ නාඩු කිලෝවක් රුපියල් 28.00 සිට 32.00 දක්වා ද සම්බා කිලෝවක් රුපියල 30.00 සිට 35.00 දක්වා ද වැඩි කළ ද සහල් මිල පසුගිය වසර 04ක කාලය තුළ සාපේක්ෂව අඩු මිල මට්ටමක පවත්වා ගැනීමට රජයට හැකියාවක් ලැබුණු බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    පසුගිය සති දෙක, තුන තුළ විවෘත වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකින් වැඩි වුණ බව සත්‍යයකි. එයට හේතු රාශියක් ඇත. නියඟය ඇතුළු අහිතකර දේශගුණික තත්ත්වයන් නිසා වී නිෂ්පාදනය අඩුවේය යන විශ්වාසය මත පුද්ගලික වෙළෙඳුන් සහතික මිලට වඩා වැඩි මිලකට මහ කන්නයේ වී තොග දිවයින පුරාම මිලයට ගැනීමයි. එය සහල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකියි. නමුත් මෙහි වාසිය ගොවියාට ලැබෙන බව අමතක නොකළ යුතුයි.

    සහල් මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම සමනය කළ යුතු බව රජය අදහස් කළ නිසා ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 77.00ක් ද සුදු නාඩු කිලෝවක් සඳහා රුපියල් 68.00ක් ද රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 66.00ක් ද සුදු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 66.00ක් ද රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 60.00ක් ද වශයෙන් උපරිම මිලක් රජය විසින් නියම කරනු ලැබීය. ඊට ද අමතරව වෙළෙඳපොළේ සහල් සුලබ කිරීම සඳහා ආනයනික සහල් සඳහා වන ආනයනික තීරු බද්ධ වූ රුපියල් 20 ද එකතු කළ අගය මත වූ බද්ධ ද වරාය හා ගුවන් තොටුපොළ ආනයනික බද්ධ, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද ඇතුළත් ව මෙතෙක් පනවා තිබූ සියලු බදු ඉවත් කරමින් සහල් කිලෝවක් සඳහා වූ මුළු බද්ධ රුපියල් 05කට සීමා තර තිබෙන බව ඔහු කීය.

    උත්සව සමයේ අල, ළූණු, එළවළු, පලතුරු හා මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ස්ථාවර මට්ටමකින් සුලභව ලබා ගත හැකිව තිබේ. උත්සව සමයේදී සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමටත් වෙළෙඳුන් විසින් වැඩි මිලට විකිණීම සිදු කරනු ලබන්නේ ද යන්න පිළිබඳවත් භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පිළිබඳවත් පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකක විසින් නිරන්තර පරීක්ෂාවට ලක් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya