සාම්ප්‍රදායික චාරිත්‍රයක් ඉටු කරමින් සංස්කෘතික අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අද (10) පෙරවරුවේ දී තංගල්ල කාල්ටන් නිවසේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් පිළිගන්වන ලදී.
ජනාධිපති ආර්යා ශිරන්ත වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB