අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූතාන දූත පිරිසක් පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 10, 2014

    භූතානයේ විශේෂ දූත පිරිසක් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී කතානායක චමල් රාජපක්ෂ හා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරු හමු වූහ.


    මේ දූත පිරිසේ නායකයා ලෙස කටයුතු කරන්නේ භූතාන ජාතික කවුන්සිලයේ සභාපති වන ආචාර්ය සෝනම් කින්ගා මහතායි. භූතානයේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති කර්මා යෙසර් රයිදි, එහි උප සභාපති සන්ගේ ඛන්දු, ආර්ථික සබඳතා කමිටුවේ සභාපති ටෂී වන්ග්යාල්, එහි උප සභාපති පේමා ටෙන්සිං, සමාජ හා සංස්කෘතික සබඳතා කමිටුවේ උප සභාපති ටාෂී ප්හුන්ට්ෂෝ, කමිටු සාමාජිකයන් වන සෝනම් වන්ග්චුක්, කමල් බහදූර් ගුරුන්ග්, හැන්සාඩ් හා පර්යේෂණ අංශයේ ප්‍රධානී ඩොර්ජි ග්යාල්ත්ෂෙන් හා දූත පිරිසේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කර්මා යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.


    කතානායකවරයා හමු වූ දූත පිරිස පසුව ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී සාකච්ඡා පවත්වන ලදී.

    HC/NDH/pics: Nuwan Duminda /Thanuja


    Bhutan delegation 12


    Bhutan delegation 13


    Bhutan delegation

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya