අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන බෝග නිෂ්පාදනයට අවධානය- කෘෂිකර්ම අමාත්‍ය

    මාර්තු 08, 2019

    විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන බෝග නිෂ්පාදනයට අවධානය යොමු කර තිබෙන බවත් එම බෝග වර්ග ගොවීන්ට හඳුන්වදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08)පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව සඳහන්  කළා.

    ඉතිහාසයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම වී අස්වැන්න මෙවර වාර්තා වුණා. එය වී මෙක්ට්‍රික් ටොන් මිලියන  03කට ආසන්න අස්වැන්නක්.වී මිල ප්‍රමාණවත් නෑ. මෙයට ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.අප්‍රේල් මාසයේ සිට මිල  ගැසට් කරනවා.නව ක්‍රමවේදයන් ඔස්සේ කෘෂිකර්මාන්තයෙන් ගොවියා ශක්තිමත් කරන වැඩපිළිවෙලක් දියත්  කරනවා. සමෘද්ධියේ අසාධාරණයට පත්වූවන්ට සාධාරණයක් වුණේ නෑ.නිලධාරීන් බැලුවේ තම පාක්ෂිකයන්  ශක්තිමත් කරන්නයි. පිළිගන්න වෙනවා අකමත්තෙන් වුවත්.සමෘද්ධිය කියන්නේ ජාතිය ශක්තිමත් කිරීමේ  වැඩසටහනක්.

    සමෘද්ධි සහනාධාර පවුල් ලක්ෂ හයකට දෙන්න කටයුතු කර තිබෙනවා. පක්ෂ පාට භේදයකින් තොරව කළොත්  නියම සුදුස්සන්ට ලැබෙයි. නියම සුදුස්සන්ට යනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.සාධරණ ලෙස සැවොම  එකතුවෙලා දිය යුතු පුද්ගලයන්ට ලබාදෙමු.

    එළවළු අතිරික්තයක් තිබෙනවා. මිල විශාල ලෙස වැඩි වී නෑ.වව්නියාව ආර්ථික මධ්‍යස්ථනය සිංහල අවුරුද්දට  පෙර විවෘත කරනවා. මඩකලපුවේ ආර්ථික මධ්‍යස්ථනයක් හදනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන  බෝග නිෂ්පාදනයට අවධානය යොමු කර තිබෙනවා. ගොවීන්ට එම භෝග හඳුන්වදීමට කටයුතු කරනවා . අයවැය මඟින් රටේ සියලු අංශ සොයා බලා තිබෙනවා යැයි ද  අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya