අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කථාව 2019-ජනතාවට ශක්තිය,දුප්පතුන්ට රැකවරණය - එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා- සහන ණය යෝජනා රැසක්

    මාර්තු 05, 2019

     ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය - එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා,

     මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 ට අදාළ යෝජනා ඇතුළත් අයවැය කතාව ඉදිරිපත් කළේ ය.

    එහිදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය කතාව මෙසේය.

    පූර්විකාව

    1. ගරු කථානායකතුමනි, මාගේ දෙවන ජාතික අයවැය මෙම සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

    2. 2018 අවසානයේ දී ඇති වූ ව්‍යාකූලතාවයන්ගෙන් අනතුරුව ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් වී ඇති අතර ආර්ථික වර්ධනයේ වැඩිවීමක් අත්කර ගැනීමට ද අපට හැකිවී ඇති බව මා සතුටින් ප‍්‍රකාශ කරනවා. නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පැවති අඳුරුතම දින 52 ක කාලයෙන් පසු ස්ථාවරභාවය යළිත් අත්කර ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදු වුණා.

    3. 2018 ඔක්තෝබර් 26 දින වන විට අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පැවති නියඟය හේතුවෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආදායම් තත්ත්වය අතිශයින් අඩාල වී තිබූ අතර එය සමස්ත ආර්ථිකයට ද දැඩි ලෙස සෘණාත්මක බලපෑමක් එල්ල කලා. ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල ගණන් දෙගුණයක් දක්වා වැඩි වී තිබු අතර ඇමරිකා එක්සත් ජනපද සංචිත බැංකු පොලී අනුපාත දිගින් දිගටම වැඩි කරනු ලැබුවා. මෙම දේශීය හා ගෝලීය අභියෝගයන් හමුවේ වුවද ආර්ථිකය ස්ථාවරභාවයකට ගෙන ඒමට  අපගේ රජයට හැකි වුණා.


    4. 2018 ඔක්තෝබර් අවසානයේ සිට ලෝක වෙළදපලේ ඛනිජ තෙල් මිල ගණන් සීග‍්‍රයෙන් අඩු වුණා. ඇමරිකා එක්සත් ජනපද සංචිත බැංකු පොලී අනුපාත අඩු වීමේ ප‍්‍රවනතාවක් ඇති වුණා. ඒ අනුව, පරිභෝජන මට්ටම් වැඩි වෙන්නට පටන් ගැණුනා. ආර්ථික කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති නොවුනානම්, 2019 වන විට ඉහළ ආර්ථික වර්ධන ප‍්‍රතිලාභ අත් කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබුණා. අපහ මුහුණ දීමට සිදු වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අවාසනාවන්ත ලෙස ශ‍්‍රී ලංකාවට එම ප‍්‍රතිලාභ ලැබීමට තිබූ ඉඩකඩ වැලකී ගියා.


    5. ආර්ථික කටයුතු පිළිබඳව වූ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන්, දැඩි පරිශ‍්‍රමයෙන් උපයාගත් විදේශ විනිමය දින 52 ක් තුළ ඇ.ඩො. බිලියනයක් අහිමි කරමින්, අපගේ ණය හා කොටස් වෙළඳපලින් ප‍්‍රාග්ධනය දිගින් දිගටම පිට රටට ගලා ගියා. එම නිසා අනෙකුත් නැගී එන ආර්ථිකයන් හි මුදල් හුවමාරු වටිනාකම නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතියද ඇ.ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් ඉතිහාසයේ වාර්තාගත අවම මට්ටමකට ළඟා වුණා.

    6. ශ‍්‍රී ලංකාව සඳහා වන ණය ශ්‍රේණි පහළ දැමීම හේතුවෙන් අපගේ විදේශ ණය ගැනීම් වියදම ද්විත්ව අංකනයක් දක්වා සීග‍්‍රයෙන් වැඩි වුණා. 2019 වසරේ දී ඇ.ඩො. බිලියන 5.9 ක තරම් ප‍්‍රමාණයක විදේශ ණය ගෙවීමට ඇති නිසා මෙම තත්ත්වය අතිශයින් අහිතකරයි. Lonely Planet සඟරාව මගින් ශ‍්‍රී ලංකාව අනර්ඝතම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර තිබීමෙන් හා සංචාරක ව්‍යාපාරය නංවාලීමට නව වැඩසටහනක් දියත් කිරීමෙන් අනතුරුව රට තුළ මතු වූ ව්‍යාකූලවූ දේශපාලනික පරිසරය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩාළ වුණා.

    7. මෙම වාතාවරණය තුළ 2018 දෙසැම්බර් 17 දින අප නැවතත් බලයට පත් වුණා. අපගේ විදේශ අංශයට ඇති වූ අහිතකර බලපෑම අප විසින් නැවත යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය මාස 2 තුළ දී වෙළඳපල කටයුතුවල විශ්වාසනීයභාවය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. අද අපගේ විදේශ ණය ගැනීම් වියදම පදනම් අංක 200 වඩා වැඩි ප‍්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ජනවාරි සිට මේ දක්වා රජයේ ණය සුරැුකුම්පත් සඳහා රු. මිලියන 3,400 ක ආයෝජන ගලා ඒමෙන් විදේශ ප‍්‍රාග්ධනය ආර්ථිකයට යළිත් ලැබෙමින් පවතින බව සලකුණු කෙරෙන අතර ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ද සියයට 1.5 කින් ශක්තිමත් වී තිබෙනවා.

    8. ඒ අනුව, දේශපාලන කුමන්ත‍්‍රණය හේතුවෙන් ඇති වූ හානියෙන් වැඩි ප‍්‍රමාණයක් යථා තත්ත්වයට පත් කිිරීමට හැකි වී තිබෙන අතර ආර්ථිකය යළිත් ස්ථාවරභාවයට පත් වී තිබෙනවා. ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා අප ආරම්භ කළ වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා.

    9. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතිනවා. පසුගිය දශක පහක කාලය තුළ ප‍්‍රථම වතාවට ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් 2017 දී වාර්තා කිරීමට හැකි වූ අතර 2018 දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 දක්වා වර්ධනය කර

    ගැනීමට හැකි වී තිබෙනවා. 2015 දී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9 ක ප‍්‍රාථමික ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. ලෝක වෙළඳපලේ ප‍්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි වෙමින් පවත්නා පරිසරයක වුව ද උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණා. අපගේ අපනයනවල හා සෘජු විදේශ ආයෝජනවල ඉහළම වර්ධනය 2017 වසරේ දී වාර්තා කිරීමට හැකිවුණු අතර එම ප‍්‍රවණතාවය 2018 වසර තුළ දී තවත් වර්ධනය වුණා. විදේශ ලැබීම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වන පරිදි ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපගේ රජයේ අපේක්ෂාව අනුව මෙම ජයග‍්‍රහණයන් අත් කර ගැනීමට හැකි වී තිබෙනවා.

    10. ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ අපට භාර ගන්න සිදු වූයේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. එසේ වුවත්, ආර්ථිකයේ ස්ථාවරත්වය අත්කර ගැනීමට සහ මතු වූ ව්‍යාකූලතාවයන් සාර්ථක ලෙස සමතුලනය කිරීමට අපට හැකි වී තිබෙනවා. ඵලදායී නොවන වියදම් හා ගන්නා ලද ණය ආපසු ගෙවීම ස`දහා නිසි සැලසුමක් නොමැතිව මෙන්ම අධික පිරිවැයක් සහිතව විදේශ ණය ගැනීම් පසුගිය රජයේ පාලන කාලය තුළ දී දිගින් දිගටම දක්නට ලැබුණා. 2014 වසරේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක හා අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14 ක වැනි අඩු මට්ටමක පැවතුණා. 2000 වසරේ දී දළ දේශීය

    2

    නිෂ්පාදිතයෙන් සියයට 15 ක බදු ආදායමක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 ක අපනයන ආදායමක් පැවතුණා. මෙම ප‍්‍රවනතා හා සැසඳීමේ දී පසුගිය දශක දෙකක කාලය තුළ වාර්තා වූ ඉහළ පිරිවැයක් සහිතව අධික ණය ගැනීම් නිසා ආර්ථිකය විකෘති තත්ත්වයක පැවතුණා.

    11. පෞද්ගලික ව්‍යවසාය නංවාලීම හරහා ආර්ථික වර්ධනය අත් කර ගැනීම රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ ඉදිරිපත් කළ ‘‘නීල හරිත’’ අයවැය මගින් ඉදිරිපත් කළ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ වැඩසටහනෙහි අරමුණ මෙයයි. කෙසේ වෙතත්, පෞද්ගලික ව්‍යවසාය ලෙස මා අදහස් කරන්නේ සාධාරණ වෙළඳපලක් තුළ තරඟ කිරීම සඳහා තමන්ගේ නව නිර්මාණ යොදාගනු ලබන අව්‍යාජ ව්‍යවසායකයන්, සැබෑ ශ‍්‍රී ලාංකිකත්වය මුසු කළ කුඩා හා මධ්‍ය පරිමාණයේ වෙළඳ හා වාණිජ ව්‍යාපාර මෙන්ම ගෝලීය වෙළදපල තුළ තරඟකාරීව කටයුතු කරමින් ජයගත හැකි ශ‍්‍රී ලාංකික සමාගම්ය.

    12. තරඟකාරීත්වයට හා සාධාරණ වෙළඳපල පරිසරයකට එරෙහි වන පෞද්ගලික අංශයේ කොටසක් ද සිටිනවා. පසුගිය රජයේ චෞර පාලනයට හිතවත්ව කටයුතු කළ බොහෝ අය ගජමිතුරු ධනවාදයෙන් අධික ලෙස ප‍්‍රතිලාභ අත්කර ගත්තා. මිලියන 20 ක ජනතාවගේ දිවියට බර පටවමින් ආනයන බදු ආරක්ෂණයේ ප‍්‍රතිලාභ ලබමින් මෙම සමාගම් තර වුනා. අධික මිල ගණන්වලට ලබා දුන් රජයේ කොන්ත‍්‍රාත්වලින් මෙම සමාගම් අනිසි ප‍්‍රතිලාභ ලබා ගත්තා. ඒවායේ බර තවමත් අප ගෙවනවා. චෞර පාලනයෙන් ප‍්‍රතිලාභ ලැබූ ඇතැම් පිරිස් පැවති ඒකාධිපති පාලනය නැවත ගෙන ඒමේ අපේක්ෂාවෙන් සිටිනවා. එම පිරිස විසින් චෞර පාලකයින්ගේ සමාගම්වලටත් පුද්ගලික ගිණුම්වලටත් අයුතු ලෙස ධනය රැුස් කරගෙන තිබෙනවා. මෙම පිරිස කුඩා වුවත්, පෞද්ගලික අංශය තුළ බලසම්පන්න හා බලපෑම් ඇති කළ හැකි කණ්ඩායමක්. ආර්ථික වර්ධන යාන්ත‍්‍රණය ලෙස අපට අවශ්‍යවන්නේ එවැනි පෞද්ගලික අංශයක් නොවේ. එවැනි කණ්ඩායම් යල්පිනූ යුගයක නෂ්ඨාවශේෂයක් ලෙස අප සලකනවා.

    13. හැකියාව තුලින් ජයග‍්‍රහණයන් අත්කර ගතහැකි පෞද්ගලික අංශයක් අප නිර්මාණය කරනවා. නීතිරීති අනුව කටයුතු කරන සැමට සමානව ක‍්‍රියාත්මක විය හැකි පුද්ගලික අංශයක් අප විසින් ගොඩනංවනවා. අප රටෙහි සංවර්ධනය හා නවීකරණය වලකාලන ආරක්ෂණවාදී සිතිවිලිවලින් මිදුන පෞද්ගලික අංශයක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය වෙනවා. සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සහිත සමාජ සාධාරණත්වය සහතික කරන, වෙළඳපල කඩා වැටීම් ඇති විට පමණක් රජය මැදිහත්වන සංදර්භයක ක‍්‍රියාත්මක ආර්ථික ලිහිල්කරණ වැඩ සටහන් පසුගිය අයවැයෙන් මා ඉදිරිපත් කළා. මෙම වැඩපිළිවෙළ අප විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් එහි ප‍්‍රධාන අංශයන් සවිමත් කිරීමට කටයුතු කරනවා.

    14. ලිහිල් ප‍්‍රතිපත්ති සහිත විවෘත වූ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා වන අපගේ අධිෂ්ඨානය වෙන කවරදාටත් වඩා තිරසාරයි. ආනයන සඳහා අදාළ වන තීරුබදු හා

    3

    සමගාමී බදු ක‍්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව, වෙළදාම අවහිර කරමින් පවත්නා බාධක ඉවත් කරනවා. ඒ සමගම ව්‍යාපාරික ආයතන හා ඒවායේ සේවකයින්ට මුහුණ දීමට සිදුවන තරඟකාරීත්වයේ අභියෝග ජය ගැනීම පිණිස ප‍්‍රතිතෝලන (anti dumping) නීති විධිවිධාන ක‍්‍රියාත්මක කරනවා. එමෙන්ම, එවැනි අභියෝගයන්ට මුහුණ දීමට වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා.

    15. සමාජ ආරක්ෂණ ජාලය සහ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් තව දුරටත් ආයෝජනය කිරීමට අප ක‍්‍රියා කරනවා. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප‍්‍රමාණයක් ලබා දෙමින් එම වියදම්වල ගුණාත්මකභාවය නංවාලීමට ද ප‍්‍රමුඛතාවය ලබා දෙනවා. කාර්යක්ෂමතාවය ඇති කිරීමෙන් මෙන්ම ප‍්‍රතිලාභීන් හඳුනාගැනීම පිළිබඳව අයහපත් මට්ටමක පැවති අපගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල වෙනස් කළ යුතු වෙනවා. ප‍්‍රතිලාභීන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කිරීමට හා ජනතාව සවිබලගැන්වීමට හැකිවන පරිදි මෙම වැඩසටහන සංශෝධනය කළ යුතු වෙනවා.

    16. අපගේ පුරවැසියන් සවිබල ගැන්වීම අප රජයේ මූලික අරමුණක්. දේශපාලන සවිබලගැන්වීම, සමාජ සවිබල ගැන්වීම හා ආර්ථික සවිබලගැන්වීම තුළින් මෙම අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. ප‍්‍රතිලාභීන් නිසි ලෙස හඳුනාගනු ලබන ශක්තිමත් සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහනක් සහිතව දිළිදු සහ දුබලතාවයන්ගෙන් යුතු ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අප යොමු වෙනවා. මෙම වසරේ අයවැයෙන් ජනතාව සවිබලගන්වමින් ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ වැඩසටහන තුළ කටයුතු කරන පොහොසත් සමාජයක් බිහි කිරීමට අතහිත දෙනවා.

    කඩිනම් ග‍්‍රාමීය සංවර්ධනයක් කරා - ගම්පෙරළිය

    17. ‘‘ගම්පෙරළිය’’ වැඩසටහන 2018 ජූනි මසදී ආරම්භ කළ අතර එමගින් යටිතල පහසුකම්වල මතු වී තිබුණ හිඩැස පිරවීම අපේක්ෂා කරනවා. ගම් සහ නගර, සංවර්ධන මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමේ හැකියාව ඇති බැවින් ඒවා ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා.

    දවස් 52 හි සිදුවූ කුමන්ත‍්‍රණයේ පළවන ගොදුර බවට පත් වූයේ මෙම වැඩසටහනයි. නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් ඔවුන්ගේ පළමුවන රැුස්වීමේ දී මෙම වැඩසටහන නතර කර දමන ලදී. නමුත් අපගේ රජය විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙම වසරේ ජනවාරි මසදී යලි ආරම්භ කරන ලදී. මැතිවරණ කොට්ඨාශයක් වෙනුවෙන් 2019 වර්ෂයේදී වෙන්කරන ප‍්‍රතිපාදනය රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩිකරන ලදී. එසේම මෙම වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට ද කටයුතු කළා. ඒ සඳහා 2019 වර්ෂය වෙනුවෙන් රු. මිලියන 48,000 ක් වෙන් කර තිබෙනවා. උදාහරණයක් ලෙස, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා වෙන්කර ඇති ප‍්‍රතිපාදනය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම.  

     

     එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ඇරඹුම‘‘

    18. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අප තරුණ ප‍්‍රජාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යවසායකත්ව සමාජයක් බිහි කිරීම සඳහා අපගේ බැංකු මගන්ි සහනදායී පොලී අනුපාතයක් මත ප‍්‍රාග්ධනය ලබා දීමට ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය වැඩසටහන දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක වන පරිදි 2018 ජනවාරි මස දී හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක‍්‍රමය තව දුරටත් පුළුල් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කටයුතු සලසන ලද අතර වඩාත් ක‍්‍රියාකාරී ලෙස ප‍්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබනවා. ජාතික තරුණ සේවා සභාවේ සහතිකපත්ලාභීන්ට ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙනවා.

    19. ගරු කථානායකතුමනි, පසුගිය මාස කීපය තුළ පමණක් ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය යෝජනා ක‍්‍රමය යටතේ ව්‍යවසායකයින් 30,000 කට වඩා ප‍්‍රතිලාභ ලබාගෙන ඇති අතර මේ සඳහා රු. මිලියන 60,000 ක් පමණ මුදා හැර තිබෙනවා. මෙම ණය යෝජනා ක‍්‍රමයේ සම්පූර්ණ ලැයිස්තුව සවිස්තරාත්මකව මෙහි අමුණා තිබෙනවා.  

    20. කෙසේ වෙතත්, ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය යෝජනා ක‍්‍රමය යටතේ සැලකිය යුතු පොලී ප‍්‍රමාණයක් රජය විසින් දරා ගනිමින් පැවතිය ද, කුඩා ව්‍යවසායකයින් තව දුරටත් බැංකුවලින් ඉල්ලන ඇප සුරැුකුම් ඉදිරිපත් කිරීමේ අභියෝගයට මුහුණ පා සිටියි. එම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ඇප සුරැුකුම් ලබා දීම පිණිස ශ‍්‍රී ලංකා මහ බැංකුව යටතේ අරමුදලක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා.

    21. එසේම, නව ව්‍යවසායකයින් අධෛර්්‍යයමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් පිළිබඳව පැමිණිලි අපට ලැබෙමින් තිබෙනවා. එම නිසා මෙම පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂිත දුරකථන අංක 1925 යටතේ ඇමතුම් මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවා.

    22. මූල්‍ය පිරිවැය පිළිබඳව අවධානය යොමු කිරීමට අමතරව, ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය යෝජනා ක‍්‍රමය නිෂ්පාදන සංවර්ධනයෙහි හා ව්‍යාපාර කළමනාකරණයෙහිලා වෙළඳපල සම්බන්ධ වීමට නව ව්‍යාපාර ආරම්භ කරන්නන්ට හා කුඩා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙනවා. ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ප‍්‍රතිලාභීන් අදාළ ක්ෂේත‍්‍රයන් හි දක්ෂතා වර්ධනය කිරීම සඳහා කර්මාන්ත තාක්ෂණ ආයතනය   තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය   අපනයන සංවර්ධන මණ්ඩලය  වැනි රජයේ ආයතන හා විශ්ව විද්‍යාල මෙන්ම විශාල ප‍්‍රමාණයේ පෞද්ගලික සමාගම් හා සම්බන්ධ කරනු ලබනවා. නව ව්‍යාපාර ආරම්භයන් සහ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වන විශාල පරිසර පද්ධතිය බවට ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය වැඩසටහන පත් කරනවා.

    23. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදනය තුලින් ඒවාට වඩා හොඳ අවස්ථා ලබා දීම අවශ්‍ය වෙනවා. සියළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප‍්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය සංශෝධනයන් කෙටුම්පත් කරනු ලබනවා. ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුවෙන් දැරිය හැකි වනු පිණිස මුළු වටිනාකමින් සම්පාදනය කරන ණය ප‍්‍රමාණය වැඩි කිරීමටත් කුඩා ට‍්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කිරීමටත් කටයුතු කරනවා.

    ජීවනෝපාය නංවමින් ආර්ථික වර්ධනය කරා

    24. ගරු කථානායකතුමනි, ඵලදායීතාවය ඉහළ නැංවීම හා ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයන්ට හේතුවන තාක්ෂණය හඳුන්වා දීමට සහ ක‍්‍රමවේද වෙනස් කිරීම තුළින් කෘෂි, ධීවර හා වැවිලි අංශයන් හි ඵලදායිතාව ඉහළ නැංවිය හැකියි.

    25. කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතිය මගින් කෘෂි තාක්ෂණයේ සාර්ථක ගොඩනැගීමත් ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කිරීමත් සිදු කෙරෙමින් පවතී. අප විසින් කෘෂි ව්‍යාපාර අගය දාමයන් සහ :ඩ්කමැ ක්‍ය්සබ* ගොවීන් අතර ඇති සම්බන්ධතාවය සඳහා තාක්ෂණය යොදා ගැනීමෙන් සහ උසස් තත්ත්වයේ අස්වැන්නක් සහිත බෝග වගාවන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙම වැඩසටහන හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය හා කෑගල්ල යන දිස්ත‍්‍රික්ක 5 සඳහා ද ව්‍යාප්ත කරනවා.

     26. කෘෂිකර්මයේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා කාර්යක්ෂම වූත් ඵලදායී වූත් ගබඩාකරණ පහසුකම් ලබා දීමයි. එම පහසුකම් සැපයීම පළමු වරට දඹුල්ලේ දී ඉදිකිරීමෙන් පසු රජය විසින් මෙවැනි නවීන දේශගුණික තත්ත්වයෙන් පාලනය කෙරෙන ගබඩා පහසුකම් කටුනායක, ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙටිපොල ඇති කිරීම සඳහා ආයෝජනය කරනවා. මෙවැනි ගබඩා පහසුකම් ක‍්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සඳහා පෞද්ගලික ව්‍යවසායයන්ට ආරාධනා කරනු ලබනවා. ඊට අමතරව, මෙම දේශගුණික පාලන සැපයුම් පහසුකම් සේවා ස්ථාපිත කිරීම සඳහා වන මූලික වියදම : ඉවත් කිරීමෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනු ලබනවා.

    27. කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදකයින්ට තම බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වාදී ඇති ,දිරිසවිය, ණය යෝජනා ක‍්‍රමය තවදුරටත් පුළුල් කරමින් කුඩා පරිමාණ සත්ත්ව පාලන කටයුතුවල යෙදී සිටින අයට හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ යෙදී සටින ස්වයං රැකියාලාභීන්ට මෙම ණය යෝජනා ක‍්‍රමය පුළුල් කරනු ලබනවා.

    28. රට තුල ටයර් නිෂ්පාදනය සඳහා සහ රබර් ආශ‍්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හි`ගකම ප‍්‍රධාන ගැටළුවක් වී පවතිනවා. මේ සඳහා රබර් අලූතින් වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් දැනටමත් රුපියල් මිලියන 800ක් වෙන්කර ඇත.

    29. වර්තමානයේ දේශීය ටයර් නිෂ්පාදකයන්ට එම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ හෝ ස්වයං නිෂ්පාදන මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නොමැත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබාදීමට යෝජනා කරනවා.

    30. පොල් කර්මාන්තය සඳහා අගය වැඩිකිරීමේ අවස්ථා කැපී පෙනෙන ලෙස තිබුණ ද රට තුල දැනට ක‍්‍රියාත්මක වන නියාමන ක‍්‍රියාවලිය එම කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බාධාවක්ව පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වියලන ලද පොල්, පොල්කටු අගුරු සහ පොල් මද සැකසීමේ කර්මාන්ත සඳහා දැනට පවත්නා බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රියාවලිය පිළිබඳව නැවත සලකා බලමින් එය ලිහිල් කිරීමට කටයුතු කරනවා.

    31. පිගන් කර්මාන්තය ද මැටි වැනි අමු ද්‍රව්‍ය කැනීමේදී හා ප‍්‍රවාහනයේදී එවැනිම ප‍්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. එම තත්ත්වයට විසදුමක් ලෙස පවතින්නා වූ නීති රීති නැවත සලකා බලමින් පරිසර සුරක්ෂිතතාවය ද ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් සමාලෝචනය කිරීමට පියවර ගන්නවා.

     

    32. ලෝකයේ හොදම කුරුදු ලෙස ,ලංකා කුරුදු, ජාත්‍යන්තර වෙළදාමේ තරඟකාරී වාසියක් ලැබූව ද එම කර්මාන්තය ද විවිධ ගැටළුවලට මුහුණදී තිබෙනවා. අපනයනය කරන අවස්ථාවේ සියලූම කුරුඳු අපනයනකරුවන් තම නිෂ්පාදන තත්ත්ව පාලන පරීක්ෂණයන්ට ලක් කිරීම අනිවාර්ය කරනවා. කෙසේ වෙතත්, මෙවැනි සහතික පරීක්ෂණයෙන් අසමත් වන විට ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් මාස 12 ක් තුළ දියුණු කර ගැනීමට අපනයන වෙළදපොල ප‍්‍රවේශ වැඩසටහන මගින් උපකාර කරනවා. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පහසුකම් සපයනු ලබනවා.

    33. කුරුඳුු තලන්නන්ගේ හිඟය මඟ හරවා ගැනීම සඳහා බලපිටිය සහ කොස්ගොඩ පිහිටුවා ඇති කුරුඳු කර්මාන්තයේ පුහුණු කිරීමේ ආයතනය සම්පූර්ණ ධාරිතාවයකින් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

     

    34. ශ‍්‍රී ලංකාවේ කුරුඳු සඳහා භූගෝලීය ආවේනිකත්වය ලබා ගැනීමට මෙම නිෂ්පාදනයන්ගේ අන්‍යන්‍යතාවය සුරක්ෂිත කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට අනුකූලව උපකාර කරනු ලබනවා.

     

    35. කෘෂිකාර්මික හා වැවිලි කර්මාන්ත අංශය සඳහා මනා ජල කළමනාකරණ ප‍්‍රවේශයක් තහවුරු කරමින් එම අංශයන්ට ආධාර පිණිස මොරගහකන්ද - කළුගඟ බහු කාර්යය

     සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට නිම කෙරෙනු ඇත. ඒ අනුව යල හා මහ දෙකන්නයෙහිම වගාවන් සිදු කිරීම තහවුරු කිරීම සඳහා මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හි`ග කලාපවලට ජලය බෙදා හැරීම සඳහා වයඹ මහ ඇළ, මිනිපේ සහ උතුරු මැද පළාත දක්වා දිවෙන ඇල මාර්ගයන් හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. මේ සඳහා මේ වන විටත් රු. මිලියන 12,000 ක් වෙන් කොට ඇත. වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටළුව නිරවුල් කිරීම සඳහා තේ මණ්ඩලය සමඟ සාකච්ඡුා කර කඩිනම් විසඳුමක් ලබා දෙනවා.

    36. ‘‘නංවමු ලංකා’’ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායයන් සංවර්ධන වැඩසටහන සඳහා සහාය ලබා දීමට මා යෝජනා කරනවා.

     

    37. දැනට වැඩ ආරම්භ කර ඇති දැදුරු ඔය ව්‍යාපෘතිය, මැණික් ගඟ වාරි ව්‍යාපෘතිය හා මොරැුන්න ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප‍්‍රධාන ව්‍යාපෘති 07 ක ජල මාර්ග හා ප‍්‍රධාන වැඩ නිම කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් මිලියන 2,410 ක් 2019 වසර සඳහා වෙන් කරනු ලැබේ. මෙමගින් කෘෂිකර්මාන්තයේ නියැළි පවුල් 21,000 කට සෘජුව ප‍්‍රතිලාභ සැලසෙනු ඇත.

     38. ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලාංකීය ධීවර නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයේ වෙළදපල විවෘත කිරීමත් සමඟම යුරෝපා සංගමයට පමණක් මත්ස්‍ය අපනයනය සියයට 14 කින් වැඩි වී ඇත. එනම් ඇ.ඩො. මිලියන 290 දක්වා එහි වටිනාකම් වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත්, ප‍්‍රධාන වශයෙන් නිෂ්පාදන ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන් සැපයුම තවදුරටත් සීමා වී තිබෙනවා.

    39. ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති ධීවර වරායන්, නැංගුරම්පලවල් හා ගොඩබෑමේ ස්ථානවල වැඩ නිම කිරීමට, පේදුරුතුඩුව හා පේසාලේ නව ධීවර වරාය දෙකක් ඉදිකිරීමට, මණ්ඩතිව් හි නැංඟුරම්පලක් ඉදිකිරීමට රු. මිලියන 1,300 ක් දැනටමත් වෙන් කර ඇත.

     40. සාම්ප‍්‍රදායික යොත්පන්න සහ බහුදින යාත‍්‍රාවල මාළු කල්තබා ගැනීම සහ ආරක්ෂිත ප‍්‍රමිතීන් දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඒ අනුව, ශීතාගාර ස්ථාපිත කිරීම, ගුණාත්මකව හා ආරක්ෂිතව මසුන් ඇල්ලීමේ තත්ත්වය දියුණු කිරීමේ ක‍්‍රමවේද හා හදිසි අවස්ථාවන් පෙන්නුම් කරන ගුවන්විදුලි සංඥා උපකරණ හා මුහුදට වැටුණු ධීවරයන් සොයා ගැනීමේ උපකරණ ආදිය මිල දී ගැනීමට දැරිය යුතු පිරිවැය සියයට 50 ක් රජය විසින් දරනු ලබන අතර ‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ‘රන් අස්වැන්න’ ණය යෝජනා ක‍්‍රමයෙන් ඉතිරි සියයට 50 ක මුදල ලබා දීමට කටයුතු කරනවා.  

     

     සංවේදී සමාජයක් කරා

    41. ප‍්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිළේ කිරි වීදුරුවක් රටේ සියළුම ග‍්‍රාමීය පාසල්වල ලමුන් සඳහා ලබා දීමට කටයුතු කරනවා.

    42. ගරු කථානායකතුමනි, සියළු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම සමාජයේ අවදානමට භාජනය වන හා ආන්තිකරණයට ලක් වී ඇති පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුුරු කළ යුතු බැව් අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ආර්ථික නිදහස හා ජනතාව සවිබල ගැන්වීම් වලකාලන අසමතුලිතතාවයන් පිටුදැකිය යුතු වෙනවා.

     43. ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව මධ්‍යම ආදායම් මට්ටමට පත් වී ඇතත් රුපියල් මිලියන ගණන් ආයෝජනය කරමින් නවීන පන්නයේ අධිවේගී මාර්ග ව්‍යාපෘති හා නගර සංවර්ධන ව්‍යාපෘති ආදිය ක‍්‍රියාත්මක කළ ද නිවාස 260,000 තරම් ප‍්‍රමාණයක මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නැත. උදාහරණයක් ලෙස කැලිෆෝනියාවේ ඉදිකර ඇති මාදිලියේ අධිවේගී මාර්ග, චීනයේ වැනි රටවල ඉදිකර ඇති ආකාරයේ සම්මන්ත‍්‍රණශාලා සහ ක‍්‍රීඩාගාර වැනි දැවැන්ත ගණයේ ව්‍යාපෘති ඉදිකර ඇතත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නොමැති නිවාස 15,000ක් පමණ තිබෙනවා.

     දිවයින පුරා පවත්නා එවැනි නිවාස සියල්ලටම මූලික සනීපාරක්ෂක පහසුකම් වසර දෙකක් තුළ සපයමින් පුරවැසියන් දශ ලක්ෂයකට ප‍්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා.  

    44. බොහෝ බස් නැවතුම්පලවල හා දුම්රිය ස්ථානවල ඇති සනීපාරක්ෂක පහසුකම් අතිශය අප‍්‍රසන්න මට්ටමක පවතිනවා. එම නිසා එම පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදල් වෙන් කරනු ලබනවා. ඒ අනුව, කාන්තාවන් හා පිරිමින් මෙන්ම විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන්ට ද එම පහසුකම් සැපයීමට කටයුතු කරනවා. එම පහසුකම් ගොඩනැංවීමෙන් අනතුරුව ඒවා නඩත්තු කිරීම පිණිස පෞද්ගලික අංශයට ආරාධනා කරනවා.

    45. ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සිසුවියන් වීම පිළිබඳව අප ආඩම්බර වුව ද ශ‍්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට 30 ක් පමණක් වේ. ඒ නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් යැපෙන්නන් මෙන්ම සමාජයේ බල නොගැන්වූ කොටසක් බවට පත්වී තිබෙනවා. ළමා සහ වැඩිහිටියන් සුරැුකීමේ පහසුකම්වල පවත්නා ඌනතාවය සහ අනම්‍ය කම්කරු නීති පැවතීම හේතුවෙන් කාන්තාවන් කිසිදා ශ‍්‍රමබලකායට එක් නොවීම හෝ ශ‍්‍රම බලකායට එක් වූ අය හැර යාමට හේතු වී තිබෙනවා.

    46. ඒ අනුව, සේවකයින් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැුකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනවා. එසේම, පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලදී දරුවන් රැුකබලාගන්නා මධ්‍යස්ථාන, තෝරාගත් පාසල්වල ගොඩනැඟීමට ආධාර ලබා දෙනවා. එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක ‘රැුකවරණ’ සහන ණය යෝජනා ක‍්‍රමය මගින් පුද්ගලික අංශයට ද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.  

    47. ළමා සුරැුකීමේ මධ්‍යස්ථාන, පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී ළමුන් රැුකබලා ගැනීමේ මධ්‍යස්ථාන හා එවැනි පහසුකම් සපයන ආයතන ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ඇත.

    48. ශ‍්‍රමබලකාය සඳහා කාන්තා දායකත්වය සීමාවීම, ආර්ථික වර්ධනයට බාධාවක් බව පැහැදිළිවම හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, තෙමසක ප‍්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මසකට රු. 20,000 ක උපරිමකයට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අතිරේක අඩු කිරීමක් ලෙස සැලකීමට යෝජනා කරනවා. එමගින් පෞද්ගලික අංශයේ සේවා නියුක්ත මව්වරුන් සඳහා මාස තුනක අනිවාර්ය ප‍්‍රසූත නිවාඩු ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. එසේම ප‍්‍රසූත නිවාඩු මාස 4 දක්වා ලබා දෙන්නේ නම් 4 වන මාසය සඳහා අතිරේක අඩු කිරීම සියයට 100 ක් දක්වා ලබා දෙනවා. මෙම සහනය වසර 5 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

    49. කාන්තාවන් ජනගහනයෙන් සියයට 50 කටත් වඩා නියෝජනය කළ ද ව්‍යාපාරයන් හි ජ්‍යෙෂ්ඨ තනතුරුවල ඔවුන්ගේ නියෝජනය සීමාසහිත වේ. සමාජීය ව්‍යුහාත්මක තත්ත්වයන් හා ව්‍යාපාරික පරිචයන් මෙයට හේතු වී තිබෙනවා. එම නිසා සමාජයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ කාර්ය භාරයෙන් ඇය බැහැර කොට ඇත. ඒ අනුව, ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වූ කාන්තා නියෝජනය වැඩි කිරීමට ක‍්‍රමානුකූල ප‍්‍රවේශයක් මා යෝජනා කරන අතර මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දිරිමත් කරනු ලබනවා. (විස්තර සටහන් ෂෂෂ (ඈ*

    50. අපේ ආර්ථිකයට කාන්තාවන්ගේ ක‍්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීම සඳහා ඔවුන් හට පහසු වේලා තුළ වැඩ කිරීමටත්, නම්‍යශීලී වැඩකරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට මම මේ සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. මේ මගින් බොහෝ කාන්තාවන් සක‍්‍රීය ලෙස ආර්ථික ක‍්‍රියාවලියට සහභාගී වනු ඇත.

    51. ගරු කථානායකතුමනි, මේ රටේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ ක‍්‍රියාවලියේ අසමානතාවයට හේතූ වී ඇත්තේ ඒ සදහා නිසි නියාමනයක් නොමැති නිසාත් එවැනි

    සේවාවන් සැපයීමේ හිඟකමක් පැවතීම නිසාත්ය. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ‘‘ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය’’ ශක්තිමත් කර එම කාර්යාලයෙන් සුදුසු නියාමන ක‍්‍රමවේදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා.ඒ සම`ගම වැඩිහිටියන් රැක ගැනීමේ පහසුකම් දියුණු කිරීම පිණිස අදාල ආයෝජන වැඩි කරන ලෙස පෞද්ගලික අංශයෙන්ද ඉල්ලා සිටිනවා. එවැනි ආයෝජන සඳහා ‘‘ රැකවරණය’’ ණය යෝජනා ක‍්‍රමය ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ ණය පහසුකම් යටතේ හදුන්වා දෙනවා.

    52. වර්තමානයේදී විශේෂ හැකියාවන් සහිත  පුද්ගලයන් සඳහා රුපියල් 3000 මාසික දීමනාවක් ගෙවනවා. එම මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන අතරම අඩු ආදායම්ලාභී පුද්ගලයින් 72000 කට එම දිමනාව ලබා දීමට හැකි වන පරිදි රුපියල් මිලියන 4320 ක් ඒ සඳහා වෙන් කරනවා. මෙම අරමුදල් වෙන් කිරීම මගින් දීමනා ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛනය නැති කිරීමට අපට හැකි වෙනවා.

     53. දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයගේ සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට කටයුතු කරනවා. පෞද්ගලික ආයතනයක් අවම වශයෙන් එවැනි අය පස් දෙනෙකුවත් සේවයේ යොදවා ගන්නේ නම් රුපියල් 15000 ක උපරිමයකට යටත්ව සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා රජය විසින් ලබා දෙනවා.

     54. දැනට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගීන් 21,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ලබා දෙනවා. මෙම දීමනාව ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛණය නැති කිරීම පිණිස තවත් රෝගීන් 5,000 ක් සඳහා එම දීමනාව ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1,840 වෙන් කරනු ලබනවා

    බොහෝ විට අපගේ හිරගෙවල් පිරී තිබෙනනේ කුඩු මාෆියාවට හසු වූ අහිංසකයන්ගෙන් මිස කුඩු රජවරුන්ගෙන් නොවේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 30 අඩු අය වේ. ඔවුන් නම ගිය අපරාධකරුවන් හා එකට තැබීම එවැන්නක් නිවැරදි කිරීමට ඇති හො`ද ක‍්‍රමයක් නොවේ. එවැනි අය පුනරුත්ථාපනය කිරීම සඳහා සියළු පහසුකම් සහිතව ‘‘ණසඉඉමඑ‘’’ වර්ගයේ ගොවිපලවල් 2 ක් බන්ධනාගාර අධිකාරිය යටතේ අඹේපුස්ස හා වීරවිල ඇති කරනවා. මෙම කටයුතු සඳහා පෞද්ගලික අංශය හා සිවිල් සමාජයේ ද සහභාගීත්ව දිරිමත් කරනු ලබනවා.

    සුළු අපරාධ සඳහා වැරදිකරුවන්වූ කාන්තාවන්ගෙන් අද වන විට හිර ගෙවල්වල තද බදය වැඩි වී ඇත. කිසිඳු පරිවර්තනයක් මේවායේ සිදු නොවීමෙන් මේ තත්ත්වය දිගටම පැවතීමට ඉඩ ඇරියහොත් ඔවුන්ගෙන් වැඩි දෙනකු නම ගිය අපරාධකරුවන් බවට පත්වීම වැළැක්විය නොහැකිය. ඔවුන්ගේ කලා කුසලතා, අත්කම් සහ වෙනත් ඵලදායී ජීවන කුසලතා වර්ධනය සඳහා වඩා මානුෂීය තත්ත්වයෙන් යුත් පුහුණු ආයතනයක් දොම්පේ ප‍්‍රදේශයේ ඇති කිරීමට යෝජනා කරනවා.

     ගරු කථානයකතුමනි, 2018 වසර තුළ දී පුද්ගලයින්ගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීමේ දී සැලකිය යුතු ප‍්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. අපගේ උපායමාර්ගය වන්නේ යහපත් නිවාස පදනමක් ඇති කිරීමයි. අවදානමට ලක් වී ඇති නාගරික, ග‍්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්නා අතර 2019 වර්ෂය සඳහා රු. මිලියන 24,500 වෙන් කරනවා.

    මේ සමඟම උතුරු නැගෙනහිර පළාත්වල ගඩොලින් නිමකරන නිවාස 15,000 ක් ඉදිකිරීමට 2019 වර්ෂයේ දී දැනටමත් වෙන් කරන ලද රු. මිලියන 4,500 යොදා ගනු ලබනවා. මෙම කාර්යය සඳහා තවදුරටත් රු. මිලියන 5,500 ක අතිරේක ප‍්‍රතිපාදනයක් ද ලබා දෙනවා. උතුරෙන් බලහත්කාරයෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ ගැටළුව විසදීම සඳහා දැනට ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට ද සම්පත් මුදා හරිනු ලබනවා.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සාධාරණ මිල ගණන් පදනම් වෙමින් මැදි ආදායම් නිවාස ව්‍යාපෘති රැසක් නිම කොට ඇත. වාද්දුව, රාගම, යක්කල, කුණ්ඩසාලේ, බොරැුල්ල, පන්නිපිටිය ආදී ප‍්‍රදේශවල 2019 වසරේ දී එවැනි යෝජනා ක‍්‍රම කීපයක වැඩ අවසන් කිරීමට මෙන්ම තවත් කිහිපයක් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ලබනවා.

    කෙසේ වුවද, පළමු වරට නිවාස ලබා ගන්නා මැදි ආදායම්ලාභීන් සඳහා රු. මිලියන 10 දක්වා සියයට 6 පොලී අනුපාතය යටතේ වසර 25 ක ආපසු ගෙවීමේ කාලයක් සහිත ‘්‍යදපැ ීඇැඑ ්‍යදපැ. නම් වූ සහනදායී ණය යෝජනා ක‍්‍රමයක් රජය විසින් ආරම්භ කරනු ඇත. මෙම ණය යෝජනා ක‍්‍රමය විවාහ වන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප‍්‍රථම නිවාසය මිල දී ගැනීමට හෝ ඉදිකිරීම සඳහා යොදා ගත හැක. පෞද්ගලික අංශය ඉදිකරනු ලබන මධ්‍යම පාන්තික තට්ටු නිවාස මිල දී ගැනීම පිණිස ද ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය යෝජනා ක‍්‍රමය භාවිතා කළ හැකියි. 

    විදේශගත වූ ශ‍්‍රමිකයන් ඔවුන්ගේම නිවසක් සාදා ගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇත. එයට විසදුමක් වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදේශගත ශ‍්‍රමිකයන් ස`දහා ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ යටතේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට ‘සිහින මාළිගා‘ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙනු ලබනවා. මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ රු. මිලියන 10 ක ණයක් අවුරුදු 2 ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ද ඇතුළුව අවුුරුදු 15 ක ගෙවීමේ කාලයකට ලබා ගත හැකියි. මේ සඳහා සියයට 75 ක පොලියක් රජය විසින් දරනු ලැබේ. තව දුරටත් විදේශ ශ‍්‍රමිකයින්ගේ පවුල්වලට සහාය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කරනවා. 

     ගෝලීය වෙළඳපලට ප‍්‍රවේශවීම - අපනයනය

    තිරසර ආර්ථික වර්ධනයට හා ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම පිණිස කඩිනමින් අපනයන වර්ධනය කිරීමත් අනෙකුත් විදේශ ආදායම් නංවාලීමත් අත්‍යවශ්‍ය වෙනවා. 2018 අයවැය මගින් ප‍්‍රකාශ කළ පරිදි අපනයන වෙළඳපල ප‍්‍රවේශ යෝජනා ක‍්‍රමය හා ජාතික අපනයන ක‍්‍රමෝපාය දියත් කරනු ලැබුවා. අපනයන වෙළඳපලට පිවිසීමේ වැඩසටහන සඳහා රු. මිලියන 400 ක් වෙන් කර ඇති අතර ජාතික අපනයන ක‍්‍රමෝපාය සඳහා රු. මිලියන 250 ක් ද වෙන් කරනු ලබනවා. ජාතික අපනයන ක‍්‍රමෝපාය යටතේ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය නංවාලීමේ යටිතලපහසුකම් වැඩි දියුණු කිරීම පිළිබද අන්තර්ගත වෙනවා. එය රාජ්‍ය - පෞද්ගලික දෙඅංශයේ සහයෝගීතාවයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ අනුව, අපනයන නිෂ්පාදන හා ආනයන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.

    කලාපීය වටිනාකම් දාමය හා වෙළඳ ගිවිසුම් ජාලය සම්බන්ධ කිරීමේ ක‍්‍රමෝපායකට රජය අනුගතවී ඇත. සාර්ථකව නිම කරන ලද සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම හා එයින් ලබා ගත් අත් දැකීම් දැනට සකච්ඡුා වෙමින් පවතින ඉන්දියා, චීන හා තායිලන්ත වෙළද ගිවිසුම් සම්බන්ධයෙන් යොදා ගනු ලබනවා.

    ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඉන්දීය හා චීන වෙළඳපලට පිවිසීම සඳහා ක‍්‍රමෝපායන් සකස් කරනවා. වෙළදපලවල දැනටමත් ජයග‍්‍රහයන් අත් කරගත් ව්‍යවසායකයන්ගේ අත්දැකීම් මේ සඳහා යොදා ගනු ලබනවා. ටේ‍්‍රඞ් හවුස්නිර්මාණය කිරීමේ වැඩසටහනක් මගින් මෙම කාර්යන් තව දුරටත් දිරිමත් කරනු ලබනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ද ලබා ගන්නවා. ඔර්ාැ ්‍යදමිැි වැඩසටහන මගින් ශ‍්‍රී ලාංකික සමාම්වල, බෙදාහැරීම් ජාලවලට මිලදී ගන්නන්ගේ ජාලවලට සහ වෙළඳපල අනෙකුත් පහසුකම්වලට පිවිසීමට ඉඩ ලැබෙනවා.

    2017 නොවැම්බර් අයවැය යෝජනා පරිදි අයිතම 1200 කට අදාළ තීරු බදු හා සමගාමී බදු ඉවත් කළා. ජීවන වියදම පහත දැමීම හා ආර්ථික තරඟකාරීත්වය වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කළා. එය 2019 වසර සඳහා ද තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. සියළු සංයෝජිත වර්ගීකරණ සංකේතාංක වලට අදාළ සෙස් බදු පියවරින් පියවර ඉවත් කිරීම තව දුරටත් සිදු කරනවා. කර්මාන්ත මේ ස`දහා අනුකූලවීමට අවශ්‍ය කාලය ලබා දීමට ආනයන බදු හා සමගමී බදු පියවරින් පියවර ඉවත් කිරීම වසර 5 ක් තුළ සම්පූර්ණ කරනවා.

    66. ව්‍යාපාර සහ ආයෝජන සඳහා දරන මූලික වියදම අඩු කිරීම සඳහා වරාය සහ

    ගුවන්තොටුපල සංවර්ධන බද්ද (සංයෝජිත වර්ගීකරණ අංක 84 සහ 85 * යන්ත‍්‍ර සහ උපකරණ සඳහා සියයට 2.5 උපරිමයකට යටත්ව අඩු කිරීමට යෝජනා කිරීම කරනු ලැබේ. ඉදිකිරීම්, සංචාරක සහ නිෂ්පාදන ආයතනවල අතරමැදි භාණ්ඩ සදහා පිරිවැය ඉහළ දමන සෙස් බද්ද අඩු කිරීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා වසර තුනක් තුළ අදියර වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.

    67. මෙම ක‍්‍රියාවලියෙන් ආනයන මගින් ඇතිවන විශාල තරගකාරීත්වයට මුහණ දීම සඳහා

    ගෘහස්ථ කර්මාන්තවලට විශාල පිටුබලයක් ලබා දෙනවා. ප‍්‍රතිතෝලන සහ ආරක්ෂිත නිීති සම්පාදන අවස්ථා මෙම පාර්ලිමේන්තුව මගින් දැනටමත් සම්පාදනය කර ඇත. ඊට අතිරේක තාක්ෂණය සහ පුහුණුව ඉහළ නැංවීම සඳහා දැරිය යුතු පිරිවැයට මුහුණ දීමට අපහසු ආයතන සහ පුද්ගලයන් සඳහා ව්‍යාපාර ගැලපීමේ වැඩටසහන් ක‍්‍රමානුකූලව නිර්මාණය කර ඇත.

    සියළුම සංයෝජිත වර්ගීකරණ අංකවලින් සියයට 10 සංවේදී අයිතම ලෙස සලකන අතර එම අයිතම කොටස් වශයෙන් ක‍්‍රියාත්මක වන තීරු බදු හා සමඟාමී බදු සඳහා අදාළ කරනු නොලැබේ. එසේම, ආනයනික නිෂ්පාදන ඇතුළු සියළුම නිෂ්පාදන සඳහා

    ගුණාත්මක ප‍්‍රමිතිය සහතික කිරීම සඳහා ජාතික ගුණාත්මක යටිතල පහසුකම් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගනු ඇත.

    68. ඊට අනුකූලව වෙළඳ ගැලපීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට වෙළඳ හා ඵලදායීතා කොමිෂමක් ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. වසර දෙකක් තුළ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

     ශ‍්‍රී ලාංකික සමාගම් විසින් සිදු කරනු ලබන නව නිපැයුම් හා තාක්ෂණයන්ට උදව් කිරීම සඳහා ව්‍යවසායකත්ව නව නිපැයුම් වැඩටහන ක‍්‍රියාත්මක කරනු ලැබේ. තවද, සංකල්ප සනාත කිරීම  පර්යේෂණ හා සංවර්ධනය  සහ තාක්ෂණ යොදා ගැනීම සදහා ගැලපුම් ප‍්‍රදාන  ලබා දෙමින් වසර තුනක් ඇතුළත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලැබේ.

    අලූතින් ව්‍යපාර ආරම්භ කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීමට අදාළව පසුගිය අයවැය මගින් හඳුන්වා දෙන ලද සීමිත වගකීම් හවුල් ව්‍යාපාර ක‍්‍රමය සඳහා මූලික කෙටුම්පත් සකස් කර අවසන්ව ඇති අතර මේ වසරේ දී එහි නෛතික රාමුව සම්පූර්ණ කිරීමට අදාළ කටයුතු සිදු කිරීමට යෝජනා කරනවා.

    71. බැංකු මගින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප‍්‍රාග්ධන වෙළඳපලක් සංවර්ධනය කිරීමේ දේශීය අවශ්‍යතාවයක් මතු වී ඇත. ප‍්‍රබල ද්‍රවශීලී ණය ප‍්‍රාග්ධන වෙළඳපලක ප‍්‍රධාන මූලිකාංගය වන්නේ රජයේ සුරැුකුම්පත් වෙළඳපලයි. ඒ සඳහා තැන්පතු සහතිකවලින් තොර සංවර්ධන ණයකර හා තීරු බදු සහිත කූපන් භාණ්ඩාගාර බිල්පත් ලෙස අපි හඳුන්වා දෙනවා. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව ඉදිරියේ දී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමයි.

     මෙතෙක් ලබා ගත් ඉහළම විදේශ සෘජු ආයෝජන ප‍්‍රමාණය 2017 හා 2018 වසරවල ලබා ගැනීමට හැකි වූ අතර විදේශ ආයෝජන තව දුරටත් රට තුළ පුළුල් ලෙස ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා ඉහල වටිනාකමක් සහිත ආයෝජන සඳහා දිරි ගැන්වීමේ වැඩසටහනක් යෝජනා කරනවා. මෙයට ආයෝජන වටිනාකමින් සියයට 150 ක් තරම් සැලකිය යුතු ප‍්‍රාග්ධන දීමනාවක් සහ ආයෝජනය කරනු ලබන අවස්ථාවේ දෙනු ලබන ඇ. ඩොලර් මිලියන 50 , 100, හා 1,000 ට වැඩි ආයෝජන සඳහා වූ බදු සහන ද ඇතුලත් වේ. 

    පෞද්ගලික අංශය සමඟ සාකච්ඡුා කිරීමෙන් අනතුරුව කර්මාන්ත විසින් හඳුනාගෙන ඇති වැදගත් නිරීක්ෂණ සැලකිල්ලට ගෙන දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනු ලබනවා.  

    අපනයන ප‍්‍රවර්ධනය උදෙසා තවදුරටත් බිංගිරිය සහ වගවත්ත කර්මාන්තපුර සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජනා කරනවා.

    කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කන්කසන්තුරය, නැගෙනහිර මාන්තායි, පරන්තන්්, කොන්ඩාච්චි, කින්නියා, සමන්තුරේ සහ ත‍්‍රිකුණාමල ප‍්‍රදේශවල කර්මාන්තපුර ඉදිකරනු ඇත.

     තොරතුරු තාක්ෂණ මූලාරම්භයන් ,"Arts to Sience Interìship"  වැඩසටහන යටතේ IT-BPM සහ KPO ආයතන මගින් ප‍්‍රධාන වශයෙන් රැුකියා විරහිත කලා උපාධිධාරීන් 1000 ක් පුහුණු කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රජය විසින් මාස 12 ක කාලසීමාවක් සඳහා මාසික වේතනයෙන් සියයට 50 හෝ රු. 25,000 උපරිමයක් දක්වා ගෙවීම් කිරීමට දැනමටත් රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.

    තොරතුරු තාක්ෂණික සේවාවන්හි නිරත වූවන් සඳහා සමාගම් විසින් වැටුප් ගෙවීම සඳහා දරනු ලබන අතිරේක පිරිවැයෙන් සියයට 35 අඩු කිරීම සඳහා එම සේවාවන්ට බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහළ දැමීමට කටයුතු කරනු ලබනවා.

    නාවික, රේගු, ආගමන විගමන, නිරෝධායන සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITT)  , ශ‍්‍රී ලංකා ප‍්‍රමිත ආයතනය SLSI හා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජනායතනය (NARA) වැනි ජාතික මට්ටමේ තත්ත්ව පාලන ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මුහුදු සීමා පාලන ඒකකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එසේම රට තුළට නීති විරෝධී භාණ්ඩ රැගෙන ඒම සහ මත් ද්‍රව්‍ය වෙළෙදාම තුරන් කිරීම සඳහා ශ‍්‍රී ලංකා රේගුව සිය සමුද්‍රීය ඒකකය ප‍්‍රතිෂ්ඨාපනය කරනු ඇත.

    79. රජය නව රේගු පනතක් කෙටුම්පත් කිරීමේ ක‍්‍රියාවලියක නිරතව සිටී. කෙසේ වෙතත්, විනිවිදභාවය වැඩිකිරීම සහ උපදේශනය, අභියාචනා ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ අවදානම් කළමනාකරණය මගින් වෙළදාම දියුණු කිරීමට පහසුකම් සැලසීම සඳහා අදාළ මූලික සංශෝධන අන්තර්කාලීනව හඳුන්වාදීමට යෝජනා කරමි. මේ අතරින්

     උපදේශනය සඳහා අනුබල දෙන්නා වූ සංශෝධන ක‍්‍රියාත්මක කිරීමට පෙර අදාළ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමට ද කටයුතු කරනු ලැබේ.

    ආදායම් රැුස්කරන අපගේ ප‍්‍රධානතම දෙපාර්තමේන්තු වන රේගුව, දේශීය ආදායම්, සුරාබදු යන ආයතනවල ඔවුන්ගේ ආදායම් රැුස්කිරීමේ පදනම් පුළුල් කිරීම, එකතු කරන මුළු ආදායම වැඩිකිරීම සහ ආදායම් කාන්දුවීම හා ගෙවීම් පැහැරගැනීම අවම කිරීම උදෙසා පියවර ගැනීමට ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යාංශයෙහි පිහිටුවීමට ද කටයුතු කරනවා.

    81. හඳුනාගනු ලැබූ අඩු අවදානම් වෙළෙදුන් හා නිශ්කාෂණ නියෝජිතයන්ගේ නිශ්කාශණ කටයුතු කඩිනම් කිරීම පිණිස 2019 වර්ෂයේදී රේගුව විසින් බලයලත් ආර්ථික මෙහෙයවන්ගේ වැඩසටහන දියත් කරනු ලබයි. මේ ආකාරයෙන් නිශ්කාෂණ කටයුතු අවදානම පාදක කොට ගෙන සිදු කිරීම මඟින් නීතිරීතිවලට අනුකූලතාවයක් දක්වන වෙළෙදුන් සඳහා පහසුකම් සපයන අතර අධි අවදානම් බහාලූම් සඳහා වැඩි වශයෙන් සිය සම්පත් යෙදවීමට රේගුවට හැකි වනු ඇත .

    82. පාරිභෝගික ආරක්ෂාව පිණිස නිශ්චිත අයිතමයන් සඳහා පාලිත මිල ගණන් රජය විසින් පනවා ඇත. කෙසේ වෙතත්, බාධාවකින් තොරව සැපයුම සහතික කිරීම සඳහා සාධාරණ මිල ගැලපුම් කිරීම අවශ්‍යතාවයක් වී ඇත. මේ කරා යොමුවීමේදී, විනිමය අනුපාත උච්ඡුාවචනය හා අනෙකුත් විචල්‍යයන් සැලකිල්ලට ගෙන කාර්තුමය වශයෙන් ඒවා සමාලෝචනය කිරීම සඳහා රජය විසින් ක‍්‍රමවේදයක් හඳුන්වාදෙනු ඇත.

    83. මැණික් කැපීම හා ඔප දැමීම සඳහා ආනයනය කෙරෙන යන්ත්‍රෝපකරණ මත පනවා ඇති වරාය හා ගුවන්තොටුපොල බදු, රේගු බදු මෙන්ම ආනයනික නොකැපූ මැණික්

    ගල් මත පනවා ඇති වරාය හා ගුවන්තොටුපොල බදු සියයට 7.5 සිට සියයට 2.5 දක්වා අඩු කිරීමෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සහාය දෙනු ඇත.

    84. සංචාරක කර්මාන්තය, ආර්ථික වර්ධනය සඳහා කෙටි කාලයක් තුළ දායක වීමට ඉහල විභවයක් ඇති ප‍්‍රධාන අංශයකි. මෙම අංශයේ පවත්නා ආවේණික පිරිවැය හඳුනාගනිමින් සංචාරක සංවර්ධන අධිකාරියේ :ීඛඔෘ්* ලියාපදිංචි හෝටල් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ලැබීම් මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.

    85. සංචාරක නියෝජිතයන් විසින් ඇ.එ.ජ. ඩොලර් අගයෙන් නිකුත් කරන ඉන්වොයිස් සඳහා එම මුදලින්ම ගෙවීම් කිරීම අනිවාර්යය කිරීමට යෝජනා කරමි. මේ සඳහා අවශ්‍ය වන්නා වූ මාර්ගෝපදේශ ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ඇත.

    86. ගරු කථානායකතුමනි, දියුණු තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාල ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීම හේතුවෙන් සම්ප‍්‍රදායික හෝටල් කර්මාන්තය වෙනස් වී, සංචාරක ක්ෂේත‍්‍රයේ අවිධිමත් අංශය පුළුල් වී එහි විධිමත් නියාමනයක් නොමැති තත්ත්වයට පත් ව ඇත.

    87. අන්තර්ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීමේ ක‍්‍රමවේදයෙහි ඇති වාසි පිළිගන්නා අතරේ සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක‍්‍රමයෙන් විධිමත් ආර්ථික ක‍්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව අප අවබෝධ කරගෙන සිටිනවා. ඒ් අනුව, 2020 අපේ‍්‍රල් මස 01 දිනෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණි. මෙම කටයුත්ත පහසු කිරීම සඳහා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇත.

    88. ක‍්‍රීඩා සංචාරක ව්‍යාපාරය වැනි නව මාන කරා කර්මාන්ත විවිධාංගීකරණය කිරීමට සහාය වීමේ අපගේ ප‍්‍රතිපත්තිය අනුව, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික ඨද ණ්රඑ තරග පැවැත්වීමේ හිතකර ගමනානන්තයක් බවට ප‍්‍රවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. ඒ වෙනුවෙන් තරඟ සඳහා යොදාගැනෙන ඨද ණ්රඑ හා ඨද ණ්රඑ ටයර් මත පනවා ඇති රේගු බද්ද හා සෙස් බද්ද ඉවත් කරනු ලබනවා.

    89. අපනයන ක්ෂේත‍්‍රයට අදාළ වන සියයට 14 ක සමාගම් ආදායම් බදු ප‍්‍රතිශතයට යටත්් වන අංශයන්ට අදාළ වන ආර්ථික සේවා ගාස්තු සියයට 0.5 සිට සියයට 0.25 දක්වා අඩු කෙරේ. මෙය අපනයන, තොරතුරු තාක්ෂණ සහ සංචාරක, ක්ෂේත‍්‍රවල අභිවෘද්ධිය සඳහා විශාල පිටුවහලක් වනු ඇත.

    90. හෝටල් නවීකරණය සඳහා සහය ලබා දීමට තෝරාගත් අයිතම කිහිපයක් මත අය කරන සෙස්  බද්ද අඩු කෙරෙනු ඇත.

    91. සංචාරක ආකර්ෂණය පවත්නා ස්ථානවල දැනට අසතුටුදායක මට්ටමක පවත්නා සනීපාරක්ෂක පහසුකම්, දැන්වීම් පුවරු, ආරක්ෂිත කුටි, තොරතුරු කුටි යනාදී පොදු පහසුකම් වැඩිදියුණු කිරීම හා ස්ථාපනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අවශ්‍ය අරමුදල් යොදවනු ඇත.

    92. 2019 ජූනි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි විදේශ සංචාරකයන් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයන් හා අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ගෙන් ජාතික උද්‍යාන සහ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන සඳහා අය කරන ඇතුළත් වීමේ ගාස්තුව සියයට 50 කින් අඩු කරනු ලබනවා.

    93. දේශීය ඉදිකිරීම් සමාගම්වලට සහායවීම පිණිස, මුළුමනින්ම විදේශ ආධාර මත ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතියක හැර, දේශීය ඉදිකිරීම් හෝ උපදේශන සමාගමක් සමග

     බද්ධ ව්‍යාපාරයක් පිහිටුවීමෙන් තොරව, කිසිදු විදේශීය ඉදිකිරීම් සමාගමකට රජයේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඉඩ ලබානොදෙනු ඇත. මෙය තාක්ෂණය හුවමාරුව මඟින් දේශීය සමාගම්වලට ප‍්‍රතිලාභ සලසා දීමට උපකාරී වනු ඇත.

    94. තීරු බදු හා සමාගම් බදු සඳහා යෝජිත සංශෝධනයක් සමග ප‍්‍රධාන කොන්ත‍්‍රාකරු  මත අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමෙන් ඉදිකිරීම් පිරිවැය අඩු වනු ඇත.
    95. දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයට තවදුරටත් සහය වීම සඳහා මම පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.

    අ. එක්සත් ජනපද ඩොලර් ලක්ෂ 4ක් හෝ ඊට වඩා මුදලක් මහල් නිවාස සඳහා ආයෝජනය කරන විදේශිකයන්ට අවුරුදු 3 ක් සඳහා නේවාසික වීසා ප‍්‍රදානය කිරීම. මෙම ක‍්‍රියාවලිය මෙම වසරේ සිට ක‍්‍රියාත්මක වේ. එම අදාල
    විදේශිකයා ආයෝජනයෙන් ඉවත් වන විට නේවාසික වීසා තවදුරටත් වලංගු නොවනු ඇත.

    ආ. ආනයනය කරනු ලබන ඉදිකිරීම් ද්‍රව්‍ය මත පනවා ඇති සෙස් බද්ද සියයට 30 අඩු කිරීමට.

    96. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2019 වසරේ සිට සියලූම වාණිජ ගොඩනැගිලි සඳහා අවම බලශක්ති ප‍්‍රමිතීන් හඳුන්වාදෙනු ලබනවා. ඒ අනුව, දැනට පවත්නා වාණිජ ගොඩනැගිලි සඳහා එම ප‍්‍රමිතීන්වලට අනුගත වීම උදෙසා වසර 05 ක කාලයක් ලබාදෙනවා.


    97. ගරු කථානායකතුමනි, ඉදිකිරීම් කර්මාන්තයේ භාවිත කරන බොහොමයක් ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා අවම ප‍්‍රමිතීන් පනවා නොතිබීමෙන් දැනට වැඩ නිම කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල තිරසාර බව හා ස්ථාවර බව සම්බන්ධ අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඒ අනුව 2020 අපේ‍්‍රල් මස වන විට ශ‍්‍රී ලංකා

    ප‍්‍රමිතිි ආයතනය විසින් සනීපාරක්ෂක උපකරණ, පයිප්ප, නාන කාමරවල ජල පෙරණ හා ජලනල සඳහා අවම ප‍්‍රමිතීන් යාවත්කාලීන කර ක‍්‍රියාත්මක කරනවා. මෙය ජලය අපතේ යාම වළක්වා ගැනීමේ මූලික විසදුමක් ද වනු ඇත.

    දැනුම මගින් මෙහෙයවනු ලබන කුසලතා පූර්ණ සමාජයක්

    98. ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සඳහා වූ අපගේ ආයෝජන උපාය මාර්ගය යටිතල පහසුකම් සුලභතාවය සහ විෂය නිර්දේශ හා ගුරු පුහුණුව වර්ධනය කිරීම තුළින් ශිෂ්‍යයන්ගේ විශිෂ්ඨතාවය ඔපනැංවීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම යන ද්විත්ව පරමාර්ථය මත මෙහෙයවනු ලබනවා.

     99. සෑම දරුවෙකුම සඳහාම ‘වසර 13 ක අධ්‍යාපනය තහවුරු කිරීම’ සඳහා වන අප රජයේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට තවදුරටත් සහාය දෙනවා. ඒ අනුව, අප විසින් විද්‍යාගාර, පන්තිකාමර, පුස්තකාල, සනීපාරක්ෂක හා පානීය ජල පහසුකම්, ගුරු නිවාස ආදිය වැඩි දියුණු කිරීම සඳහා දැනටමත් රුපියල් මිලියන 32,000 ක් වෙන්කර තිබෙනවා.

     ඒ අතරම, දැනට පවතින පහසුකම් යොදා ගනිමින් ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා තාක්ෂණය යොදා ගනු ලැබේ. මෙම පාඨමාලා පාසල් නිවාඩු කාලයේ දී පවත්වනු ලැබේ.

    101. ගරු කථානායකතුමනි, අපගේ විෂයමාලා කටපාඩමින් ඉගෙනීම වෙනුවට විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක ඉගෙනීම අරමුණු කර ගනිමින් නවීකරණය කරනු ලබනවා. දැනට අවසන් කෙරෙමින් පවතින ීඔෑඵූ් ප‍්‍රධාන සැලැස්ම අපගේ අනාගත ආයෝජන සඳහා මග පෙන්වනු ඇත. මේ මගින් ගණිතය සමග සංගීතය හෝ ජීවවිද්‍යාව සමග ඉංග‍්‍රීසි වැනි විෂයයන්ගේ සංකලන හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට අවස්ථාව සැලසෙනු ඇත.

     ගරු කථානායකතුමනි, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත‍්‍රයේ රටේ ඉහළම ප‍්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඞ්, ඵෂඔ, ඔක්ස්ෆර්ඞ්, කේම්බි‍්‍රජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන ීජයදක්රියසච දෙර ෑාමජ්එසදබ්ක ෑංජැකකැබජැ- ීෑෑ අරමුදල දියත් කරන බව මා ඉතාමත් සතුටින් ප‍්‍රකාශ කරමි. 2019 අගෝස්තු විභාගයේ ප‍්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යත්ව සඳහා ප‍්‍රථම කණ්ඩායම තෝරාගනු ලැබේ. එක් එක් විෂය ධාරාවේ ඉහළ ප‍්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා ශිෂ්‍යත්ව 14 ක් පිරිනමනු ඇත. මෙසේ තෝරාගනු ලබන්නන් නැවත පැමිණ අවම වශයෙන් අවුරුදු 15 ක් ශ‍්‍රී ලංකාවේ සේවය කළ යුතුය. ප‍්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව ගණන ඉදිරි වර්ෂවල දී වැඩි කරනවා.

    පෙර පාසල් අධ්‍යාපනය සඳහා ආයෝජන කිරීම නොසලකා හැර ඇත. පෙර පාසල් නියාමනය කරන්නා ලෙස රජය විසින් තහවුරු කරනු ලැබූ මෙම අංශයේ ආයෝජන දිරි ගැන්වීමට අපේ්ක්ෂා කරනවා.

    104. එමෙන්ම, ශ‍්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනය සඳහා නෛතික රාමුවක් හඳුන්වා දෙනු ලැබේ. ජාතික විෂය මාලා රාමුවක්් හඳුන්වා දෙමින් පෙර පාසැල් ගුරුවරුන්ගේ පුහුණුව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ලබනවා.

     රජයේ ලියාපදිංචි පෙර පාසල් ස්ථාපනය හා අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයට පහසුකම් සැලසීම සඳහා එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ

     පොලියෙන් සියයට 50 ක් රජය දැරීමේ පදනම මත සහනදායී ණය යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. (විස්තර සටහන් ෂෂෂ (ආ*-1.16*

    106. අපගේ විශ්ව විද්‍යාලවල, දේශන ශාලා, මහාචාර්ය ඒකක, දෙපාර්තමේන්තු සංකීර්ණ, පුස්තකාල හා ආපනශාලා ආදී යටිතල පහසුකම් අවශ්‍යතා සැපිරීම සඳහා දැනටමත් රුපියල් මිලියන 25,000 වෙන් කර ඇත. වයඹ හා සබරගමුව විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨ සඳහා අනුපූරකයක් ලෙස කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක පිහටුවනු ලබනවා. අප රටේ කඩිනමින් සැපිරිය යුතු අවශ්‍යතාවක් වන වෛද්‍ය ක්ෂේත‍්‍රය හා සහසම්බන්ධිත වෘත්තීන් වෙත ශිෂ්‍යයන් යොමු කිරීමට පහසුකම් සැලසීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටු වීමට කටයුතු කරනවා. පිළිකා, දියවැඩියා හා ආසාදිත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සඳහා කාලයට ගැලපෙන, නව්‍ය තාක්ෂණයෙන් හෙබි විද්‍යාගාරයක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරනවා.

     107. ගරු කථානායකතුමනි, අපොස උසස්පෙළ ස`දහා පෙනී සිටින ශිෂ්‍යයන් 300,000 න් රජයේ විශ්වවිද්‍යාලවල ඇතුලත් වන්නේ 30,000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි ,ඵහ ත්‍මඑමරු, ණය යෝජනා ක‍්‍රමය ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ යටතේ අප හඳුන්වා දෙනු ලබනවා. ශිෂ්‍යයකුට උපරිම රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණයක් ලබා ගත හැකි වන අතර උපාධිය ලබා අවුරුදු 2කට පසු ආපසු ගෙවීම ආරම්භ කර වසර 12 ක් තුළ ගෙවා අවසන් කල හැකිය. දැනටමත් රුපියල් මිලියන 200 ක් පොළීී සහනාධාර සඳහා වෙන්කර ඇත. (විස්තර සටහන් ෂෂෂ (ආ* - 1.11*

    රැකියාවට කුසලතාවයක්

    108. ගරු කථානායකතුමනි, රජය විශාල වශයෙන් වෘත්තීය පුහුණු අංශය සඳහා ආයෝජනය කර ඇතත්, කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නොවිසඳුනු බොහෝ ප‍්‍රශ්න කාණ්ඩ 2 ක් යටතේ හඳුනාගත හැකි වෙනවා. එනම් ස්වශක්තියෙන් නැගී සිටිය හැකි නිපුණතාවයෙන් හෙබි පුහුණු ශීල්පීන්, තාක්ෂණ ශිල්පීන් හා තාක්ෂණවේදීන්ගේ හිඟකම හා අවශ්‍ය කුසලතාවයන් නොමැති වීමය. මේ සඳහා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මූලිකත්වයෙන් යුත් ඒකාබද්ධ විසඳුමක් වඩාත් ඵලදායී වේ. ඒ සඳහා පහත විසඳුම් යෝජනා කරනවා.

    109. සම්පත් උපරිම වශයෙන් උපයෝජනය කර නොමැති වෘත්තීය පුහුණු ආයතන තෝරාගෙන, එම ආයතන තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සංචාරක ආදී ක්ෂේත‍්‍රවල තෝරාගත් කර්මාන්ත සමූහ සමඟ සම්බන්ධීකරණය වීමෙන් එම කර්මාන්ත සඳහා අවශ්‍ය වන පුහුණුව ලබා දීම.

     110. ප‍්‍රමුඛ කාර්යයක් ලෙස දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම උනන්දු කළ යුතු වනවා. ඒ සඳහා රුපියල් මිලියන 400 ක් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රවර්ධන හා හින්දු කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට යෝජනා කරමි.

    ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු හා අර්ධ පුහුණු ශ‍්‍රමිකයන් පුහුණු කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සහය ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 300 ක් දැනටමත් වෙන් කර ඇත.

    සෞඛ්‍ය ආරක්ෂණ අංශය සඳහා අවශ්‍ය කුසලතා ප‍්‍රවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස අප විසින් හඳුනාගෙන ඇත. ජාත්‍යන්තරව පිළිගත් හෙද පුහුණු පාඨමාලා පැවැත්වීමට පෞද්ගලික අංශය ධෛර්යමත් කරනු ලබන අතර ඒ සඳහා පුහුණුව ලබන එක් අයෙකුට මසකට රු. 10,000 බැගින් වසර 2 ක් සඳහා දීමනාවක් රජය විසින් ලබා දෙනු ඇත. මෙසේ සුදුසුකම් ලබන හෙද හෙදියන්ට රාජ්‍ය නොවන රෝහල්වල රැුකියා ලබා ගත හැකි වනු ඇත. ආධුනිකත්ව වැඩසටහන වෘත්තීය ඖෂධවේදීන් සඳහා ද දිරිමත් කරනවා. ඖෂධ සමාගම් විසින් එවැනි විද්‍යාවේදී උපාධිධාරීන් වසරක කාලයක් සඳහා බඳවාගෙන, ආධුනිකත්ව පුහුණුවක් ලබා දෙන අතර එම පුහුණුව යෝග්‍ය නියාමන ආයතනයක් විසින් නියාමනය කළ යුතු වෙනවා. රජය විසින් එවැනි ආධුනිකයෙකුට රු. 15,000 ක මාසික දීමනාවක් එක් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙනවා. එවැනි ආධුනිකත්ව වැඩසටහන්වල සාර්ථකත්වය අනෙකුත් කර්මාන්ත සඳහා ද ඉදිරියේ දී යොදා ගැනීමට කටයුතු කරනවා.

     කෘෂිකර්මය, සත්ත්ව පාලනය, විසිතුරු මත්ස්‍ය වගාව ආදී ක්ෂේත‍්‍රයන් හි හා බැකෝ යන්ත‍්‍ර, මෝටර් ගේ‍්‍රඩර්, ඩෝසර් වැනි බර යන්ත‍්‍ර භාවිතය පිළිබඳව විශේෂයෙන් අඩු ආදායම්ලාභී පසුබිමකින් පැමිණෙන පිරිසට පුහුණුව ලබා දීම සඳහා වන රජයේ ප‍්‍රවේශයට සහාය වීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරිපත් වී ඇත. තවද, විදුලි කාර්මික ශිල්පීන්, වෑද්දුම්කරුවන්, වායුසමීකරන තාක්ෂණශිල්පීන්, භෝජනාගාර සහායකයන් හා ආවතේවකරුවන්, වඩු කාර්මිකයින්, පෙදරේරු හා ජලනල කාර්මිකයින් පුහුණු කිරීමට ද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. ජාතික වෘත්තීය සුදුසුකම් (භඪූ* සහතික කෙරෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ලබා දෙනවා. මෙම පුහුණුවන්නන් සඳහා දීමනාවක් සහ වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුවන්නන් සඳහා දැනටමත් ලබා දෙන සහනදායී වාර ප‍්‍රවේශ පත‍්‍ර ද ලබා දෙනවා.

    114. ඒ වාගේම යුද හමුදාව විසින්, රටේ විවිධ ප‍්‍රදේශවල පවතින ඔවුන්ගේ කඳවුරුවල ද අපගේ තරුණ තරුණියන් තෝරාගත් ක‍්‍රීඩාවන්හි පුහුණු කරනු ලබනවා.

    සෞඛ්‍ය සම්පන්න සමාජයක්

     115. ගරු කථානායකතුමනි, නව සෞඛ්‍ය උපකරන සඳහා ආයෝජනය , රෝහල් ගොඩනැඟිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන්ම අනෙකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසාදෙනු ලබන ප‍්‍රතිපාදන සමඟ යටිතල පහසුකම් රු.මි. 24,750 ක් වෙන් කර ඇත.

    පුනරුත්ථාපනය මෙන්ම අනෙකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප‍්‍රතිපාදන සමඟ යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිණිස අප විසින් රු. මිලියන 24,750 ක් වෙන් කර තිබෙනවා. මෙය පෙර වර්ෂයේ වෙන් කළ ප‍්‍රතිපාදනයට සාපෙක්ෂව සියයට 38 ක වැඩිවීමකි.

    116. ප‍්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල යොමු කිරීමේ ජාලයක් හරහා රෝගී සත්කාර සම්බන්ධීකරණයට ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරම් කිරීමේ හැකියාව සඳහා පහසුකම් සැලසීමට දැනටමත් රු. මිලියන 1,625 ක් වෙන් කර තිබෙනවා. මෙමගින් එක් රෝගියෙකු හට රෝහල් කිහිපයකින් එකම ප‍්‍රතිකාර ලබා දීම වළකිනු ඇත.

     117. අත්‍යවශ්‍ය සේවාවන් සපයන අපගේ ‘සුවසැරිය’ ගිලන් රථ සේවාව කීර්තියක් අත් කරගෙන තිබෙනවා. තව දුරටත් මෙම සේවාව දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනවා. මේ සඳහා රු. මිලියන 600 ක පිරිවැයකින් වසර දෙකක් තුළ මූලික නැවතුම් ස්ථාන 300 ක් ගොඩනඟනු ලබනවා. ඒ අතරින්, මූලික නැවතුම් ස්ථාන 100 ක් මේ වසරේ දී ගොඩනැෙඟන අතර ඒ සඳහා, රු. මිලියන 200 ක් 2019 වසර සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා.

     118. ගරු කථානායකතුමනි, අප විසින් නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධයෙන් වූ ගැටළුවලට මුහුණු දීම සඳහා සම්පත් වෙන් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඒ අනුව, ඍද උ්එැර ඡුක්බඑි සමඟ රෝහල් 45 ක රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ශක්තිමත් කරන අතර, අප විසින් නිවසේ දී භාවිතා කළ හැකි රුධිර කාන්දුකරණ උපකරණ සපයනු ලබනවා.

     119. නිදන්ගත වකුගඩු රෝගවලට බහුලව ගොදුරුවිය හැකි දිස්ත‍්‍රික්කවල රෝගීන් කල්තබා අනාවරණය කර ගැනීම සඳහා වූ මුල් අවස්ථාවේ පිරික්සීම තව දුරටත් ශක්තිමක් කරනු ලබනවා. ජල භීතිකා රෝගය රටින් තුරන් කිරීම සඳහා වූ ජලභීතිකා පාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරනු ලබනවා. මෙම වෑයමේ දී රාජ්‍ය නොවන සංවිධානවල අවධානය ද ලබා ගනු ඇත. සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණය සඳහා පරිපූර්ණ වන්ධ්‍යාකරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනු ලබනවා. මේ සඳහා රු. මිලයන 100 ක් වෙන් කරනු ලැබේ.

     විශේෂයෙන් වියපත් ජනගහනයත් සමඟම බෝ නොවන රෝග පැතිර යාමේ ප‍්‍රවණතාව මත අසාධ්‍ය රෝග තත්ත්වයන් හි දී සිදු කරන සත්කාර ක‍්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ අනුව, මෙම සත්කාරක සේවාවේ යෙදෙන වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට පහසුකම් සපයනු ලබනවා.

     122. ගරු කථානායකතුමනි, ක‍්‍රීඩාව, සෞඛ්‍ය සම්පන්න සමාජයක වැදගත් කොටසක්. එයින් නායකත්වය හා කණ්ඩායම් හැ`ගීම ගොඩනංවයි. අප විසින් ක‍්‍රීඩාව සඳහා දැනටමත් රු. මිලියන 3,800 ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව මා පහත සඳහන් දෑ යෝජනා කරනවා.

     123. ක‍්‍රීඩාවල යෙදෙන ග‍්‍රාමීය තරුණ කොටස් දිරිමත් කරනු පිණිස මාතලේ බර්නාඞ් අළුවිහාරේ ක‍්‍රීඩාගාරය හා කොලොන්නාවේ වීරසිංහ මල්ලිමාරච්චි ක‍්‍රීඩා පිටිය වැඩි දියුණු කරනු ලබනවා. මේ සඳහා වසර දෙකක කාලයක් තුළ ක‍්‍රීඩාංගනයක් සඳහා රුපියල් මිලියන 300 බැගින් සපයනු ලබනවා. රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ.

     

    124. මළල ක‍්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක‍්‍රීඩා දිරිමත් කිරීම පිණිස ජාතික  රු.මි. 100 ක් වෙන් ඔලිම්පික් අරමුදල තර කරනු ඇත. කරනු ලැබේ.

    පර්යේෂණ හා සංවර්ධන දිරිමත් කිරීමේ සංස්කෘතිය

    රටතුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පර්යේෂණ ආයතන රාශියක් පවතින අතර, බොහොමයක් පර්යේෂණ භාවිතයට ගත හැකි හෝ වාණිජමය විසඳුම් ලෙස හෝ පරිවර්තනය වී නොමැත. එම නිසා ඒවා වෙනුවෙන් සිදු කළ අයොජනයන් හි ඵලදායීතාව ප‍්‍රශ්නගත වී තිබෙනවා. එබැවින්, පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ආයෝජනයන් සඳහා අපගේ ප‍්‍රවේශය සඳහා ප‍්‍රතිඵල දායකත්වය පදනම් වනු ඇත. එමෙන්ම, ඉදිරි වර්ෂවල අවශ්‍යතාවයන් සපුරාලිය හැකි, අනාගතයට ඔබින පර්යේෂණ සඳහා මෙම වියදම් යොමු කරනවා.

    පහත සඳහන් තේමාවන් 5 යටතේ වන අභියෝග, විද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රජාවට ඉදිරිපත් කර, ඔවුන් හට එම අභියෝග ජය ගැනීම සඳහා වන ීජසැබජැ ්එ අදරන ජය්කකැබටැ අප හඳුන්වා දෙනවා. එම පර්යේෂණ ප‍්‍රතිඵල තුළින් මතුවන සාධනීය විසඳුම් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරනු ලබනවා.

    (අ)  කෘෂි හා ධීවර කර්මාන්තවල පසු අස්වනු හානි අඩු කිරීම

    (ආ) වී සහ සුළු භෝග සඳහා ගෝලීය මට්ටමේ අස්වනු ප‍්‍රමිතයක් නිර්මාණය
    කිරීම

    (ඇ) අලි මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීම

    (ඈ) අඩු පිරිවැයකින් ඉදිකළ හැකි ජීවත් වීමට සුදුසු වර්ග අඩි 1,500

    නිවාස ඒකක නිර්මාණය

    (ඉ) දේශීය ඖෂධ පැළෑටි හා ජෛව නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මගින්

    ඒවා පෝෂක නිෂ්පාදන බවට පත් කිරීම.

    සිත් ඇඳගන්නා අපේ නගර

    ගරු කථානායකතුමනි අපගේ නගර ජනතා හිතකාමී තිරසාර හා සමාන සාමාජීය අවකාශයන් සලසන නගරයන් බවට ක‍්‍රමයෙන් පත් වෙමින් පවතින බව මෙම ගරු සභාව පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ආසියාවේ උද්‍යාන නගරය ලෙස වර්තමානයේ දී කොළඹ හඳුන්වනවා.

    128. නාගරික පුනර්ජීව වැඩසටහන   යටතේ දැනටමත් නිවාස ඒකක 8,000 කට වඩා ඉදිකර අවසන් අතර නිවාස 7,500 කට වඩා ඉදිකෙරමින් පවතී. ඒ අතර තවත් නිවාස ඒකක 5,000 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රු. මිලියන 8,000 ක් වෙන් කරනවා.

     රට තුළ පරිපූර්ණ හා තිරසාර නාගරික පරිසරයක් බිහි කිරීම සඳහා පළාත් 9 ම ආවරණය කෙරෙන පරිදි ‘සුඛිත පුරවර’ නගර සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රු. මිලියන 3,000ක් දනටමත් වෙන් කර ඇත. මෙම වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා තවත් රු. මිලියන 2,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

     ඇමරිකා එක්සත් ජනපද ආධාර යටතේ 2000 වර්ෂයේ දී ආරම්භ කෙරුණු ‘බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය’, සම්පූර්ණයෙන්ම නිම කරනු ඇත. එමගින් බේරේ ජලය යථා තත්ත්වයට පත් වනු ඇත.

    අරුවක්කාලූ ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ රජය විසින් වැය කරනු ලබන රු.මිලියන 7,600 ක් පමණ වූ ආයෝජනය හේතුවෙන් කොළඹ නගරයේ ප‍්‍රධාන ගැටළුවක් වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වර්තමානයේ විසදුම් ලැබෙමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජන ද මේ සඳහා යොමු වී ඇත.

     ගංවතුර හා ජලාපවහන කළමනාකරණය කොළඹ ජල ද්‍රෝනියේ ජලය බැසයාමේ ධාරිතාවය වැඩි කිරීම, බේරේ වැව උද්‍යානය, බැද්දගාන උද්‍යානය සහ වේරැුස් ග`ග ව්‍යාපෘතිය කොළඹ සහ මහ කොළඹ ප‍්‍රදේශයේ ගං වතුර අවම කිරීමට පිටුවහලක් වනු ඇත. ඒ සඳහා දැනටමත් රු. මිලියන 10,900 ක් වෙන් කොට ඇත.

     ගරු කථානායකතුමනි, කොළඹ නගරයෙන් ඔබ්බට ගාල්ල, මහනුවර සහ යාපනය දක්වා අපගේ ආයෝජන ව්‍යාප්ත කර ඇත. තෝරාගත් ප‍්‍රදේශවල ප‍්‍රවාහන තදබදය කළමනාකරණය කිරීම, කානු පද්ධති පුනරුත්ථාපනය කිරීම හා ගංවතුර අවම කිරීම, නාගරික පහසුකම් වැඩි දියුණු කිරීම පෞරාණික අගයෙන් යුත් සුවිශේෂී ගොඩනැගිලි නැවත ප‍්‍රයෝජනයට ගත හැකි වන පරිදි පිළිසකර කිරීම හා වෙරළ ඛාදනය අවම කිරීම ආදිය සඳහා වන ක‍්‍රියාමාර්ගයන් මෙම ආයෝජනයන් තුළින් ආවරණය වේ. මේ සඳහා රුපියල් මිලියන 9,225 ක මුදලක් වෙන්කර ඇත.

     පසුගිය ගැටුම් සමයේදී විනාශයට ලක්වූ යාපනය නගරයට ප‍්‍රතිමූර්ථියක් බදු වූ පැරණි නගර ශාලාව ප‍්‍රතිනිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.

    කන්ද උඩරට උරුමයන් සංරක්ෂිත කොට ආරක්ෂා කරන අතරම ඊටම ආවේණික අත්කම්, ගෘහ නිර්මාණ, සංස්කෘතික අංගයන්, සම්ප‍්‍රදායන්, දේශීය වෛද්‍ය ක‍්‍රමවේදයන් සහ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන රැුක ගැනීම සඳහා අපගේ විශේෂ අවධානය යොමු කරනවා.

     පෞරාණික ගොඩනැගිල්ලක් වන බෝගම්බර සිිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්තනය කර ඉදිරි වසර දෙක තුලදී සංවර්ධනය කෙරෙනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර තුලදී වෙන්කරනවා. රු.මි. 750 ක් වෙන්කරනු ලැබේ.

    කල්මුණේ, වාලච්චේන, තලෙයිමන්නාරම සහ සමන්තුරෙයි නගර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දෙනවා.

    ගරු කථානායකතුමනි, වසර 2023 වන විට රජයේ සියලූම ගොඩනැගිලි හා පෞද්ගලික අංශයේ වානිජ ගොඩනැගිලි විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා හිතකර විය යුතු වෙනවා. ඒ අනුව 2020 ජනවාරි මස 01 වන දින සිට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේදී මෙම අවශ්‍යතා සපුරාලීම අනිවාර්යය කෙරෙනවා. එසේම 2022 වන විට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් උදෙසා හිතකර ලෙස රජයේ සියලූ ගොඩනැගිලි සකස් කරනවා.

     වර්ෂ 2020 වන විට පානීය ජල අවශ්‍යතාවයන් අවම වශයෙන් සියයට 60 ක් සපුරාලීම පිණිස රුපියල් මිලියන 45,000 ක් වටිනා පානීය ජලනල ව්‍යෘපෘති සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භ කිරීමට කටයුතුකර තිබෙනවා. ඉදිරි වසර දෙක තුළදී පවුල් ලක්ෂ 2 කට ප‍්‍රතිලාභ ලබාදෙමින් ගම්මාන 1000 ක් ආවරණය වන ආකාරයට ‘‘ප‍්‍රජා ජල අභිමන්, වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා.

    ගරු කථානායකතුමනි, අද වන විට දැඩිවාහන තදබදය දෛනික ජීවිතයේ එක් අංගයක් බවට පත්වී තිබෙනවා. මැදි ආදායම් ලබන රටක අවශ්‍යතාවය සපුරාලීමට අපගේ ප‍්‍රවාහන පද්ධතිය මේ දක්වා සමත් වී නැහැ. ඒකාබද්ධ ආයෝජන ප‍්‍රවේශයක් ඔස්සේ අපගේ ප‍්‍රවාහන පද්ධතිය ගොඩනැගීමට කඩිනමින් අවධානය යොමු විය යුතුයි.

    ඉදිරි වසර 05 තුළ දිවයින පුරා ප‍්‍රවාහන සේවාවන් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ,සහසර, බස් නවීකරණ වැඩසටහන සඳහා ප‍්‍රමුඛතාවය ලබාදෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම සහ ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීිම හේතුවෙන් පෞද්ගලික අංශයේ බස්රථ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී තිබෙනවා.

     මහජනතාවට වඩාත් හිතකර සේවාවක් සැලසීම උදෙසා ඔවුන් අභිපේ‍්‍රරණය වීමට එය බලපා තිබෙනවා.

    දැනට මාර්ගයන්හි පවතින අර්බුදකාරී තත්ත්වයන් හා අනතුරු මෙන්ම මහජනතාව පීඩාවට පත්වන අයුරින් අසතුටුදායක ලෙස පවතින තරඟකාරීත්වය වෙනුවට බස් හිමියන් මාසිකව ධාවනය කරන කිලෝ මීටර ප‍්‍රමාණය පදනම් කරගෙන ගෙවීම් කිරීම පිණිස අන්තර් කාලීන පිළියමක් ලෙස ආදායම් උපකාරී අරමුදලක් පිහිටු වීමට යෝජනා කරනවා.

    මධ්‍යම හා බස්නාහිර පළාත් තුළ පෙර ගෙවුම් කාඞ්පත් ක‍්‍රමය හදුන්වා දීම හා තාක්ෂණය යොදා ගනිමින් ඊලග බස් රථය හා බස් රථ කාල සටහන පිළිබඳ තෙරතුරු බස් මගීන් වෙත ජංගම උපයෝජන (ඵදඉසකැ ්චච* මගින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා.

    මාකුඹුරින් ආරම්භ වී මහනුවර, කඩවත, පිටකොටුව හා මොරටුව ඇතුළත් වන පරිදි ඉදිවන නවීන බහුමාදිලි මගී පර්යන්තයන් සමාජ යථාර්තයක් බවට පත්වනු ඇත. බස්රථ ගමනාගමනය 21 වන සියවසේ ආකර්ෂණීය විකල්පය බවට පත්කිරීම පිණිස, ඩිජිටල් දත්ත ධාරාවන් මුළු රට පුරාම සජීවීව සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ බස් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

    එමගින් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සියයට 40 ක වෙළෙදපොල කොටසක් සහතික කරන අතර ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථ මෙහෙයවන්නන් යන දෙකොටසෙහිම කාර්යක්ෂමතාව වර්ධනය කරනු ලබනවා. මෙම ආයෝජනයන් සඳහා රුපියල් මිලියන 1300 ක් වෙන්කර තිබෙනවා.

    මීළග වසර දෙක තුළ දී ආරක්ෂිත හා භාවිතා කරන්නන්ට මිත‍්‍රශීලී වන ප‍්‍රමිතීන්ගෙන් යුත් බස් රථ 250 ක් එකතු කර ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන ඇනිය වැඩිකරනු ලබනවා. එසේම ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකර වන බස්රථ හඳුන්වාදෙනු ලබනවා.

    පෞද්ගලික අංශයේ බස් රථ ඇනිය සුඛෝපභෝගී බස් රථ 1,000 කින් පුළුල් කිරීම සඳහා, ණය පොලියෙන් සියයට 75 ක් රජය මගින් දරනු ලබන ,සිටි රයිඞ්, සහන ණය යෝජනා ක‍්‍රමය ,එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා, යටතේ හඳුන්වාදෙනු ලබනවා.  

    ත‍්‍රී රෝද රථ, විදුලියෙන් ක‍්‍රියාත්මක වන වඩා පරිසර හිතකාමී, ත‍්‍රී රෝද රථ බවට පරිවර්තනය කිරීම සහ වැඩි සුවපහසුවකින් යුත් කුඩා කාර් රථ මගින් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස ආධාර ලබා දෙනවා. ඒ සඳහා ,එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා, යටතේ වූ ,ණය යෝජනා ක‍්‍රමය මගින් ත‍්‍රී රෝද රථ හිමිකරුවන්ට සහනදායී ණය ලබාදෙනවා. මේ සඳහා රජය විසින් ණය පොලියෙන් සියයට 75 ක් දරනු ලබන අතර දැනට භාවිතා කරන ත‍්‍රී රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා. 

    ගරු කථානායකතුමනි, අපගේ දුම්රිය මාර්ග අතිශයින්ම ඌණ උපයෝජිත තත්ත්වයේ පවතිනවා. අප විශ්වාස කරන ආකාරයට පෞද්ගලික අංශය සමග සහයෝගීත්වයෙන් වඩා හොද සේවාවක් ලබාදිය හැකි වන, වැඩිදියුණු කරන ලද දුම්රිය සේවාවක් සඳහා ඉතා ඉහල ඉල්ලූමක් පවතී. මේ සඳහා අප විසින් දුම්රිය මැදිරි කල්බදු/කුලී පදනමින් පෞද්ගලික අංශයට ලබාදීමටත් ප‍්‍රධාන දුම්රිය මාර්ග 4 හි පහසුකම් ඉහල නැංවීමටත් සහය ලබාදෙනවා.

    මාලඹේ-කොටුව සම්බන්ධ කෙරෙන කොළඹ නගරයේ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000 වෙන් කරනවා.

    ගරු කථානායකතුමනි, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව සහ පිටත වටරවුම් මාර්ගය 2019 වර්ෂයේදී සම්පූර්ණ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ෂෂ කොටසෙහි වැඩ අඛණ්ඩව සිදුකෙරෙන අතරම,  වැඩ කටයුතුද ආරම්භ කරනු ලබනවා. රත්නපුර දිස්ත‍්‍රික්කය, දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරනවා.

     ,රන්මාවත්, වැඩසටහන - ගරු කථානායකතුමනි, මාර්ග හා අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රජය විසින් විශාල සම්පත් ප‍්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. අප විසින් 2015 වර්ෂයේ සිට පාරවල්වලට පමණක් රුපියල් මිලියන 700,000 ක් පමණ වැය කර තිබෙනවා. දැනටමත් වියදම් කර ඇති ප‍්‍රමාණය හැරුණුකොට ඉදිකළ යුතුව ඇති තවත් පාරවල් බොහොමයක් තිබෙනවා. ග‍්‍රාමීය පාරවල් ඉදිකිරීම සඳහා ,ගම්පෙරළිය, වැඩසටහන යටතේ ප‍්‍රතිපාදන වෙන්කර තිබෙනවා. එසේ වුවත්, තවදුරටත් ග‍්‍රාමීය හා අනෙකුත් පාරවල් සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සඳහා වන ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් තවත් රුපියල් මිලියන 10,000 ක් මාර්ග ඉදිකිරීම සඳහා වෙන්කරනු ලබනවා.

     රාජ්‍ය අංශයේ සේවාවන් සම්පාදනය

     150. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:4.07 අනුපාතය පවත්වා ගනිමින් රුපියල් 10,000 ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂිත දීමනාව මූලික වැටුපට එකතු කර අධියර පහක් යටතේ 2016 සිට 2020 දක්වා එය ලබා දීමට අපගේ රජය 2016 දී පියවර ගනු ලැබුවා. එහි ප‍්‍රථිඵලයක් ලෙස අදාල කාලය තුල රාජ්‍ය අංශයේ වැටුප සියයට 107 කින් වැඩි වුනා. මේ සඳහා 2019 විසර්ජන පනතින් රු. බිලියන 40 ක් වෙන් කර ඇත. ඒ අනුව, පහළ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ වැටුප 2015 දී රුපියල් 11,730 සිට 2020 දී රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත.

     2015-2020 රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩිවීම

    අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂමේ වර්තාව, ඒ පිළිබඳව පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ නිකුත් කළ පසුව ක‍්‍රියාත්මක කරනු ඇත. එබැවින් 2019 ජූලි මස 01 දා සිට ක‍්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට අන්තර්කාලීනව රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරනවා.

    151. 2015 දෙසැම්බර් 31 දිනට පෙර විශ‍්‍රාම ගනු ලැබූ විශ‍්‍රාමිකයන් දළ වශයෙන් 560,000 ක් පමණ සිටින අතර ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 06/2006 අනුව ගණනය කරනු ලබනවා. එයට අමතරව 2016 ජනවාරි 1 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල විශ‍්‍රාම ගනු ලැබූ විශ‍්‍රාමිකයන් දළ වශයෙන් 71,000ක් පමණ සිටින අතර රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 03/2016 අනුව ඔවුන් විශ‍්‍රාම ගන්නා දින ලැබූ මූලික වැටුප මත ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප ලබා ගන්නවා. මේ අනුව විශ‍්‍රාම වැටුප් ලබන කණ්ඩායම් දෙකක් අතර විෂමතාවයක් නිර්මාණයවී තිබෙනවා. එනම් 2016 ජනවාරි 1 දිනට පෙර හා පසුව විශ‍්‍රාම ගිය කණ්ඩායම් අතර විශ‍්‍රාම වැටුප් විෂමතාවයක් ඇතිවී තිබෙනවා. එම නිසා, රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 හි සඳහන් මුල් අදියර දෙක අතුළත් වන පරිදි විශ‍්‍රාම වැටුප් සංශෝධනය කර 2019 ජූලි 1 දින සිට බලපවත්වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. විශ‍්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 12,000 ක අමතර ප‍්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙයින් දළ වශයෙන් විශ‍්‍රාමිකයන් 585,000 ක් ප‍්‍රතිලාභ ලබනවා. උදාහරණයක් වශයෙන් පහල මට්ටමේ රජයේ විශ‍්‍රාමිකයෙකුගේ විශ‍්‍රාම වැටුප අවම වශයෙන් මසකට රුපියල් 1,600 කින් වැඩිවනු ඇත. පළමු පන්තියේ ගුරුවරයෙකුගේ විශ‍්‍රාම වැටුප අවම වශයෙන් මසකට රුපියල් 4,600 කින් වැඩි වන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකු සඳහා මාසිකව රුපියල් 12,000 කින් වැඩි වෙනවා. මෙම ගණනය කිරීම සිදුකර ඇත්තේ 2015 දෙසැම්බර් 31 දිනට පෙර විශ‍්‍රාම ලැබූ සහ වසර 25 ක සේවා කාලයක් ඇති විශ‍්‍රාමිකයන් පදනම ලෙස යොදාගෙනයි.

     152. පොලිස් දෙපාර්තමේන්තුවේ දීමනා 2017 හා 2018 වසර තුලදී වැඩි කරනු ලැබුවා. කෙසේ වෙතත් ත‍්‍රිවිධ හමුදාවන්හි ඇතැම් දීමනා වසර විස්සකට වැඩි කාලයක් රු.මි. 1,175 ක් වෙන් කරනු ලැබේ.

    තිස්සේ වැඩි කර නොමැති අතර කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව 2019 ජූලි 1 දින සිට වැඩි කරනු ලබනවා. 2019 ජනවාරි මස ගෙවන ලද ගෙවල් කුලී දීමනාව 100% කින් වැඩි කරනවා. නිළ ඇඳුම් පවත්වා ගැනීමේ දීමනාව පහත පරිදි වැඩි කරනවා.

    මාසිකව රු.1,000/- ක් වූ කොමාන්ඩෝ දීමනාව මසකට රු.5,000/- දක්වා (සටහන - ශ‍්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවල ද සමාන නිල සඳහා අදාල වේ.)

    153. ගරු කථානායකතුමනි, තාක්ෂණය හා නවීකරණය තුළින් අපගේ රාජ්‍ය අංශයේ

    ගුනාත්මක තත්ත්වය හා ඵලදායීතාව ඉහළ නැංවීමට අපට අවශ්‍යයි. ඒ ක‍්‍රියාවලිය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට මා යෝජනා කරනවා.

    154. විශේෂයෙන් මහජනතාව අතර දැනුවත් කිරීමේ වැඩසටහන්හි නියැලීමට හැකිවන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කරනවා.

    155. ගරු කථානායකතුමනි, යහපත් පාලනය සහ වගවීම යන අරමුණු ඇතිව, රජයේ ක‍්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීම දැනටමත් ආරම්භකර ඇති අතර එය තවදුරටත් 2019 වර්ෂයේදීත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරනවා. මෙම කාර්යයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 800 ට වැඩි ප‍්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

    156. තාක්ෂණයට ප‍්‍රවේශ වීමට ඉඩප‍්‍රස්ථා සලසා දීම හරහා ‘‘ග‍්‍රාම ශක්ති’’ නිෂ්පාදන ගම්මානයන්හි ව්‍යවසායකයන් සඳහා තව දුරටත් උදව් කරනවා.

     157. ‘‘ස්මාර්ට් ශ‍්‍රී ලංකා’’ ව්‍යාපෘතිය මඟින් කුසලතා වර්ධනය හා තරුණ ප‍්‍රජාව සවිබල

    ගැන්වීම සඳහා තව දුරටත් උදව් කරනු ලබනවා.

    යම් ආකාරයකින් ඉලක්ක උල්ලංඝනය වීමක් සිදු වුවහොත් නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයත්, ඉවත් වීමේ වගන්ති පැහැදිලිව අර්ථ දැක්වීමද ඇතුළත්වන පරිදිත් රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමඟ නීතිමය වශයෙන් බැඳෙන පරිදිත් 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කරනු ලබනවා.

    159. පසුගිය අයවැයෙන් යෝජනා කල නව මූදල් නීති පනත කෙටුම්පත් කර තිබෙනවා. මෙම යෝජිත පනත මඟින් මූදල් හා රාජ්‍ය මූල්‍ය අංශයේ විනයක් ඇති කිරීමටත් එම අංශයන් හි දශක ගණනාවක් තිස්සේ පැවති නාස්තිකාරී ගණුදෙනු ඉවත් කිරීමටත් අපේක්ෂා කරනවා.

    160. ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් අයවැයකරණය - ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා අනුකූලව අයවැයකරණයක් සඳහා රජය කැපවී ඇති අතර ශ‍්‍රම බලකායට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම පිණිස 2018 අයවැය කැදවීමේදීම අවශ්‍ය සංශෝධන කිරීම තුළින් ඒ සඳහා රජය මූලික අවශ්‍ය පියවර ගෙන ඇත. ප‍්‍රධාන කාර්යය සාධන දර්ශක 12 ක් මේවන විට හදුනාගෙන ඇති අතර ඉදිරියේදී මෙය සාක්ෂාත් කරනු සඳහා කටයුුතු ආරම්භ කරනු ඇත. මේ සම්බන්ධයෙන් දත්ත රැුස් කිරීම සඳහා සෑම අමාත්‍යාංශයක් යටතේම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ කේන්ද්‍රීය ඒකකයක් පිහිටුවීමට මා යෝජනා කරනවා.

    සමාජ ආරක්ෂණ ජාලය

    දුප්පතුන් ඉහළ ආදායම් මට්ටමකට ගෙන ඒමට පහසුකම් සැලසීම සඳහා 1994 දී ආරම්භ කල රජයේ ප‍්‍රධානතම සුභසාධන වැඩපිළිවල වන ‘‘සමෘද්ධි’‘ පීඩාවට හා පීඩනයට පත් ජනතාවට ආරක්ෂණයක් ලබා දීමට පමණක් නොව ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා සහය වීමටවත් නොහැකිව අවාසනාවන්ත ලෙස අසාර්ථක වී ඇත. බොහොමයක් සමෘද්ධි නිලධාරීන් ඇතැම් දේශපාලන පක්ෂ සමඟ තදින්ම අනුබද්ධ වී ඇති මට්ටමට වැඩසටහන දැන් දේශපාලනීකරණය වී තිබෙනවා.

    මෙම යෝජනා ක‍්‍රමයේ ප‍්‍රතිලාභ හිමිවිය යුතුු අයට හිමි නොවී පක්ෂ සාමාජීකත්වයක් හිමි, ප‍්‍රතිලාභ ලැබීමට නොසුදුසු බොහෝ පුද්ගලයින් මෙම සහන නිදහසේ භුක්ති විදිනවා. ඒ පිරිස් සමෘද්ධි නිලධාරීන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි ප‍්‍රතිඵලය වනුයේ ‘‘ දුප්පතා දුප්පතා ලෙසම’’ අඛන්ඩවම ජීවත්වන දේශපාලන අතකොළු බවට පත්වීමයි. මේ හරහා දුබල පිරිස්වල ආර්ථික නිදහස තව දුරටත් සිමා කර ඇත. අරමුණුගත, විනිවිදභාවයෙන් යුතු, මැනිය හැකි නිර්ණායක මත පදනම්ව සමෘද්ධි ව්‍යාපාරය වඩා ඵලදායී ලෙස සංවිධානය කිරීමට මා යෝජනා කරනවා. මෙමගින් ප‍්‍රතිලාභ ලැබිය යුතු 600,000 ක පමණ අතිරේක පිරිසක් අළුතින් ප‍්‍රතිලාභීන් ලෙස එකතුකර ගත හැකිය. මේ සදහා රුපියල් මිලියන 10,000 ක් වෙන්

     කරනු ලබනවා. හිමිකම් ලැබිය යුතු බොහෝ පවුල් මගහැරී ඇත්තේ වෙනත් දේශපාලන පක්ෂවලට ඔවුන් පෙන්වා ඇති පක්ෂපාතීත්වය නිසාය.

    163. ගරු කථානායකතුමනි, සමෘද්ධිලාභීන් විසින් සැලකිය යුතු අරමුදලක් සමෘද්ධි බැංකුවේ හා අනෙකුත් බැංකුවල දැනට තැන්පත් කර ඇත. සමෘද්ධිලාභීන් එයින් අවම ප‍්‍රතිලාභයක් ලබන අතර මුදල් ආපසු ගැනීමට ඉඩප‍්‍රස්ථාවක් ද නැත. නමුත් මේවා ඔවුන්ගේ මුදල්. එම නිසා සියළුම සමෘද්ධි ප‍්‍රතිලාභීන් හට අනිවාර්යය ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 30,000 ක් දක්වා මුදලක් මෙම වසරේ අපේ‍්‍රල් හා නෙවැම්බර් මාස දෙකේදී වාරික දෙකකින් සිංහල හින්්ඳු අළුත් අවුරුද්ද හා නත්තල් උත්සවය සඳහා වූ ලාභාංශ වශයෙන් ආපසු ගැනීමට අවසර දීම සඳහා යෝජනා කරනවා. වැඩිහිටි ජනගහනය වර්ධනය නිසා වන අභියෝගයන්ට ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇත. මෙයට විසඳුම් වශයෙන් තිරසාර මූල්‍ය ව්‍යුහයක් සහිත ‘‘ජාතික විශ‍්‍රාම සැලැස්මක්’’ හඳුන්වා දීමට රජය පියවර ගනු ඇත.

    පවිත‍්‍ර, හරිත හා තිරසාර පරිසරයක්

    සංරක්ෂණය හා ආරක්ෂණය වඩාත් ඵලදායී වන්නේ සමාජය මෙම කි‍්‍රයාවලියේ ක‍්‍රියාකාරී අංශයක් වුවහොත් පමණි. ඒ සඳහා විශේෂයෙන් ශිෂ්‍ය ප‍්‍රජාව වැනි ස්වෙච්ඡුා ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත වූ ප‍්‍රජා මූලික හරිත සමාජ ,ඨරුැබ ක්‍කමඉි, සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පිහිටුවනු ලැබේ. මිලියන 2.5 ක රුක් රෝපණ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීම හා කසළ වර්ගීකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම හරිත සමාජ දායක වනු ඇත.

    ප‍්‍රජාවන් අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීම සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන අතර අපගේ නගර සහ ගම්මාන හරිතකරණය කිරීමට උපකාරී වන හරිත උද්‍යාන සඳහා වන ආයෝජන තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ඇත. කොළඹ නගර සභාවේ ,නගර අලංකරණ, ප‍්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම සඳහා රුපියල් මිලියන 1000 මුදලක් දැනටමත් වෙන්කර තිබේ.

     තවද, ‘නිල්වලා එළිය’ ආදර්ශ උද්‍යාන හා ඵැට් ’දබැ කටයුතු 2019 වර්ෂයේදී නිම කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1,000 වෙන් කර තිබේ.

    වෙරළ තීරයේ පරිසර හිතකාමී ශාකයක් වන කඩොලාන, අනෙකුත් වනාන්තර වලට වඩා කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරගනු ලබන අතරම බොහෝ සත්ත්ව කොට්ඨාශවලට හිතකර වාසභවනක් එමගින් සපයයි. එමනිසා දේශගුණ විපර්යාසයන් මැඩපැවැත් වීම පිණිස කඩොලාන අත්‍යවශ්‍ය ශාකයන් වී ඇත. එසේ වුවද අපගේ කඩොලාන ගහණය ශීඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතී. එම නිසා කඩොලාන නැවත වගා කිරීම පිණිස සහයෝගය ලබා දෙන අතර එහි පළමු පියවර වශයෙන් පැළ තවාන් පිහිටු වීමට කටයුතු කරනු ලැබේ.

     ආපදාවන්ට ලක් වු නිවාස පුනරුත්ථාපනය කිරීමට හා අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් යොදවන අතරම තෝරාගත් අධි අවදානම් සහිත දිස්ත‍්‍රික්කයන්හි අවදානම් සඳහා ගැලපෙන නිවාස හදුන්වාදීමට කටයුතු කරනු ඇත. රු.මි. 2,000 ක් වෙන් කර ඇත.

     170. ගරු කථානායකතුමනි, මෑත ඉතිහාසයේදී නියඟය හා ගංවතුර නිසා ජීවිත අහිමි වීම මෙන්ම ආදායම් හා දේපළ අහිමි වීමද අප අත්විඳ තිබේ. මෙවැනි ආපදාවල වින්ධිතයන් වන පුද්ගලයන් මෙන්ම ආයතන වලටද සිදුවන හානියේ බලපෑම අවම කිරීමට ඉක්මනින් වන්දි ලබාදිය යුතුයි. මෙම කාර්යය ඵලදායී හා කාර්යක්ෂමව සිදුකිරීමට රුපියල් මිලියන 20,000 ක් ආපදා කළමනාකරණ හදිසි අවස්ථා අරමුදල වෙත මධ්‍යකාලීන පදනමින් වෙන් කරනු ඇත.

      ස්වභාවික ආපදා වලට ලක් වන ඉහළ අවදානමක් පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත. පසුගිය වසර කිහිපයේදී වර්ෂයේ එකම කාල පරිච්ෙඡ්දයක් තුල රටේ එක් ප‍්‍රදේශයක ගංවතුර ආපදාවෙන්ද තවත් ප‍්‍රදේශයක නියඟයෙන්ද ලද පීඩා අප අත්දැක ඇත. ඒ අනුව පීඩාවට ලක් වූ පුද්ගලයන් හා දේපළ වලට ඉක්මනින් වන්දි ගෙවීමටත් ස්වභාවික ආපදාවලින් සිදුවන පීඩාවන් අවම කිරීමටත් අවශ්‍ය සම්පත් වෙන් කිරීමට ඉක්මන් ක‍්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී ඇත. ඒ අනුව, රජය 2016 දි හඳුන්වා දුන් ස්වභාවික ආපදා රක්ෂණ ක‍්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. මෙම වර්ෂයේදී රුපියල් මිලියන 1000 ක් ඒ වෙනුවෙන් වෙන් කරමින් දැනට පවත්නා රජයේ වාරිකය රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකරනු ඇත.

     දැනටමත් හඳුන්වාදී ඇති ගම්පෙරළිය හා අනෙකුත් සංවර්ධන යෝජනා ක‍්‍රමවලට අමතරව වියළි කලාපය සංවර්ධන වැඩපිළිවෙලේ ආරම්භක කටයුතු සඳහා කාන්තා, ළමා සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 250 වෙන් කරනු ලබනවා.

    එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් බෑග්, ඇසුරුම්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ වැනි නිෂ්පාදන වැඩිවීමෙන් පාරිසරික පිරිවැය වැඩි වී ඇත. මෙම අංශ වෙනුවෙන් උචිත ප්ලාස්ටික් භාණ්ඩ (මධ්‍යම පරිසර අධිකාරිය හඳුනා ගන්නා ලද)  ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ සැප්තැම්බර් පළමු වන දිනට ප‍්‍රථම ලිියාපදිංචි වීම අනිවාර්යය කරනවා.

    174. ශ‍්‍රී ලංකාවේ සමුද්‍රික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය සඳහා මෙන්ම ආරක්ෂා කිරීම පිණිස සමුද‍්‍ර සංරක්ෂණය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කරනු ලැබේ. රටට ලැබෙන සමාජ ආර්ථික ප‍්‍රතිලාභ වැඩිදියුණු කිරීමට උපකාරී වන සමුද්‍රීය ජෛව විවිධත්ව තිරසාර කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ශ‍්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාප ප‍්‍රකාශයට පත් කිරීම මගින් අත්කර ගැනීමට කටයුතු කරනවා.

    කලාව, සංස්කෘතිය සහ ආගම

    ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික අගයන් ඉහළ නැංවීම සහ අපගේ සමාජය සාරවත් කිරීම වෙනුවෙන් සංගීතඥයින්, ලේඛකයන් සහ කලාකරුවන්ගේ සුවිශේෂී දායකත්වය අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය සංවර්ධනය සඳහා නොකඩවා අපගේ රජය සහයෝගය ලබාදෙනු ඇත. තවද, කලාකරුවන් සඳහා පුරස්කාර ගෙවීමේ :ඍදහ්කඑහ ඡු්හපැබඑ* සාධාරන ක‍්‍රමවේදයක් හඳුන්වා දී ක‍්‍රියාත්මක කරනු ඇත. එමගින් ඔවුන්ගේ නිර්මාණවලින් ගුවන්විදුලිය/රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය කිරීමේදී හෝ අනෙක් ආකාරයෙන් ප‍්‍රසිද්ධියට පත්කිරීමේදී එම නිර්මාණ සඳහා ඔවුන් අඛණ්ඩව ප‍්‍රතිලාභ ලබනු ඇත. මෙමගින් ඔවුන්ට අඛණ්ඩ ආදායම් මාර්ගයක් සැලසෙනවා මෙන්ම ඔවුන්ගේ නිර්මාණ සඳහා ආරක්ෂණයන් ද ලබාදෙනවා. මෙම මූලාරම්භයට තවදුරටත් කරනු ලබන සහායක් ලෙස පුරස්කාර ගෙවීම් මගින් ලැබෙන ආදායම මසකට රුපියල් 50,000 දක්වා සීමාව රඳවාගත් බදු අයකිරීමෙන් නිදහස් කරනු ලබනවා.

    ගරු කථානායකතුමනි, ‘ගම්පෙරළිය’ වැඩසටහන යටතේ බෞද්ධ පන්සල් හා අනෙකුත් ආගමික ස්ථානයන් පුනරුත්ථාපනය කිරීමට අප විසින් පියවර ගෙන ඇත. ඒ අනුව එක් ආගමික ස්ථානයක් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට වෙන් කල රුපියල් ලක්ෂ 5 ක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට 2019 වසරේදී අප කටයුතු කරනවා.

    ජාතික විදුලිබල පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීම සඳහාත්, ආගමික ස්ථානයන්හි විදුලි වියදම තව දුරටත් පහල දැමීම සඳහාත්, ගම්පෙරලිය වැඩසටහන යටතේ ආගමික ස්ථාන සඳහා සූර්්‍ය බල ශක්තිය මත විදුලිය ලබා දීමට ක‍්‍රියා කරනවා. 

    178. මඩු පල්ලිය ආශ‍්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඒ සදහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනු ලබනවා.

    179. ජෝන් ද සිල්වා ර`ගහලේ නවීන උපකරණ සවිකිරීමත් සමඟ සියළු අළුත්වැඩියා කටයුතු 2020 දී අවසන් කරනවා.

    180. නව අංශයකින් සමන්විත වන පරිදි ජාතික කලාභවන, නවීකරණය කිරීමට කටයුතු කරනවා.

    181. ජාත්‍යන්තර ප‍්‍රාසාංගික මධ්‍යස්ථානයක් 2019 වර්ෂයේදී මොරටුවේ ආරම්භ කිරීමට කටයුතු යොදනවා.

    ආර්ථික සවිබලගැන්වීමෙන් සහජීවනය ලගා කර ගැනීම

    182. ගරු කථානායකතුමනි, උතුරු හා නැගෙනහිර සිටින අපගේ ජනතාව මුහුණුපාන ප‍්‍රධාන ගැටළු විසඳීම සඳහා බහුවිධ උපායමාර්ග පසුගිය වර්ෂයේදී හඳුන්වා දෙන ලදී. ණයබරින් දැඩි ලෙස පීඩාවට පත්වූ අයට සහන සැලසීම සහ ආන්තිකරණයට ලක් වූ පිරිස් ඇතුලත් වන පරිදි තිරසාර ජීවනෝපායක් ඇති කිරීමේ පරමාර්ථ මගින් අපගේ උපායමාර්ග කි‍්‍රයාත්මක කරනු ලබනවා. පසුගිය කාලයේ සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නැවත ඇති නොවීමට වගබලා ගැනීම හා නීතිය සැමට එකලෙස ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ රජයේ කැපවීම තහවුරු කරන රාමුව මගින් මෙම කි‍්‍රයා මාර්ග තවදුරටත් විධිමත් වෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් පාර්ශවයන් විසින් සකස් කරන ලද උතුරු පළාතේ ආර්ථික සංවර්ධන වැඩපිළිවල එළිදැක්වීමට මෑතකදී අපට හැකි වුනා. උතුරු පළාතේ සියලූ වැසියන්ට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි මෙම සංවර්ධන රාමුව නිශ්චිත වැඩසැලැස්මකට පරිවර්තනය කිරීමට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. මේ හා සමාන බලපෑම් ඇති ශ‍්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත‍්‍රික්කවලට ද මෙම වැඩසටහන ව්‍යාප්ත කරනවා. ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ කාර්යාලය :ධභඹඍ* මෙම ජාතික වැඩපිළිවෙලට ආරාධනා කරනවා.

    183. අපගේ සංහිදියා වෑයම ශක්තිමත් ලෙස සහ අර්ථාන්විතව සන්නිවේදනය කිරීම මෙම ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක මෙවැනි වැඩසටහන්වල තිරසාර පැවැත්මට තීරණාත්මක ලෙස බලපානවා. එබැවින් සන්නිවේදන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති සංහිදියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල :ීක්‍ඍභ* සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.

    184. මෙම සභාව විසින් හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර එහි වැඩකටයුතු 2019 දී ආරම්භ කරනු ඇත. මේ කාර්යය සඳහා අවශ්‍ය සම්පත්, කාර්ය මණ්්ඩලය ප‍්‍රමාණවත් ලෙස සලසනු ලබනවා.

    අතුරුදහන්වීමේ සහතිකය ලබාගෙන ඇති, ආරක්ෂක හමුදාවල සහ පොලීසියේ ක‍්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ අයද, ඇතුළුව දිවයින පුරා අතුරුදහන් වූ අයගේ පවුල්වලට උපකාර කිරීම සඳහා පිහිටුවා ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට :ධඵඡු* ප‍්‍රමාණවත් පහසුකම් සලසනු ලබනවා. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවා ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරනතුරු මසකට රුපියල් 6000 ක දීමනාවක් එවැනි අයට ගෙවනු ලබනවා. ජාතික සමගිය හා සංහිඳියාව පිලිබද කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ලබන ජීවනෝපාය වැඩසටහන්වලට සම්බන්ධවීමට අවශ්‍ය පහසුකම් ප‍්‍රමුඛතා පදනම මත ලබා දීමට එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහන යටතේ පවුල්වලට අවස්ථාව ලබා දෙනවා.

    186. ගරු කථානායකතුමනි, උතුරු හා නැෙඟනහිර සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා ‘‘තල් අරමුදල’’ පිහිටුවනු ලබනවා. රුපියල් මිලියන 5000 ක මූලික ආයෝජනයක් සහිතව වසර 2 ක් තුළ ක‍්‍රියාත්මක කරනවා. මෙම අරමුදලට දායකත්වය ලබා දීම සදඟා හිතෛශීන්ට, ත්‍යාගශීලීන්ට විශේෂයෙන් ඩයස්පෝරාවට අප ආරධානා කරනවා. මෙම අරමුදල මහා භාණ්්ඩාගාරය විසින් පරිපාලනය කරනවා. මෙම අරමුදලට ලැබෙන මුදල් යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප‍්‍රදේශවල සංවර්ධන කාර්යයන් සඳහා දිස්ති‍්‍රක් ලේකම්වරුන් මගින් යෙදවීමට කටයුතු කරනවා. මෙම සංවර්ධන කාර්යයන්ට අමතරව මත්පැන්වලට ඇබ්බැහිවීම, තරුණ සේවා වියුක්තිය, සිවිල් සමාජය විසින් ආරම්භ කරන ලද උපදේශන හා උපකාරී වැඩසටහන් සඳහාද මෙම අරමුදල් යෙදවීමට කටයුතු කරනවා.

    187. 2018 වර්ෂය තුළ දී ග‍්‍රාමීය ආර්ථිකයේ කුඩා කර්මාන්ත 50 ක් ආරම්භ කරමින් රැකී රක්ෂා සහ සතුටුදායක ආදායමක් ඉතා ඉක්මනින් ජනිත කිරීමට නිෂ්පාදන සමූපාකාර සමිතිවල ප‍්‍රමාණවත් ආයෝජන සිදු කිරීමෙන් අපේක්ෂා කරන ලදි. ගිය වසරේ

    ආරම්භ කළ මෙම වැඩසටහන තවත් කුඩා කර්මාන්ත සමූපකාර සමිති 50 දක්වා ඊළඟ සංවර්ධන අදියරේ දී ව්‍යාප්ත කරනවා. උතුරේ දැනට ක‍්‍රියාත්මක වන හඳුනාගත් කුඩා කර්මාන්ත නිෂ්පාදන සමූපකාර සමිති මෙහෙයවීම සඳහා ලාභ නොලබන  ආයතනය ක‍්‍රියා කරනවා. ප‍්‍රධාන වශයෙන් තරුණ ශ‍්‍රී ලාංකික ඉංජිනේරු හා තාක්ෂණික උපාධිධාරීන් මෙම ආයතනය හරහා ස්වෙච්ඡුාවෙන් තාක්ෂණික සේවය ලබා දෙනවා. මෙම මිලකල නොහැකි සහයෝගය රජය විසින් සිදු කරන ආයෝජනය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා. එසේම, වෙනත් ප‍්‍රදේශවල සිටින තරුණ වෘත්තිකයන් විසින්ද මෙයට සමාන සහයෝගයක් ජාතික ආර්ථිකය වෙත ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

    188. සමූපකාර ග‍්‍රාමීය බැංකු සහ ඉතිරි කිරීමේ සහ ණය සමූපකාර සමිති මගින් ණය සහන වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක කරනවා.

    189. සමූපකාර සමිතිවල සහයෝගය සහිතව කර්මාන්තයක් ලෙස රා බෝතල් කිරීම සහ හකුරු නිෂ්පාදනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් උතුරු ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කරනු ලබනවා.

     190. ගොවීන් සහ වෙළඳපල අතර වඩා කාර්යක්ෂම සම්බන්ධතාවයක් සඳහා පහසුකම් සැලසෙන පරිදි මධ්‍යම ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධිතව පරිවාර ආර්ථික මධ්‍යස්ථාන 10 ක් උතුරු ප‍්‍රදේශයේ පිහිටුවනවා.

     191 විශේෂයෙන් මන්නාරම දිස්ත‍්‍රික්කයේ කෘෂිකර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ. යෝධ වැව පුනරුත්ථාපනය කරනු ලබනවා. උතුරු නැගෙනහිර පළාත්වල දැනටමත් ඉදිකර ඇති නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස හෝ විනාශ වූ නිවාස සඳහා ජලය සහ විදුලිබලය වැනි පහසුකම් සැලසීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇත.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් යටතේ මූලික ප‍්‍රාග්ධනය රුපියල් ලක්ෂය දක්වා ලබාගෙන, 2018 ජූනි සිට මාස 3ක් දක්වා ගෙවීමේ අපහසුව මෙන්ම නොකඩවා අවුරුදු 3 ක් නියඟයෙන් පීඩාවට පත්වූ ත‍්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවල පදිංචි ආසන්න වශයෙන් 45,000 ක් වූ කාන්තාවන් සඳහා ණය සහනයන් ලබා දී තිබෙනවා. රු.මි. 2,000 ක් වෙන් කර ඇත.

    194. උතුරු පළාත තුල සංහිදියාව සුරක්ෂිත කිරීම සඳහාත් සහ තිරසාර ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහාත් වන අපගේ ප‍්‍රයත්නයන්, ජාතික සමගිය හා සංහිදියාව සඳහාවන කාර්යාලය හරහා දැනට ක‍්‍රියාත්මක වැඩසටහන් වන ‘‘අතීතය සුවකරමින් අනාගතය ගොඩ නැගීම’’ යටතේ කි‍්‍රයාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන ‘‘ සහෝදර පාසැල් වැඩසටහන, හමුදා වැන්දඹුවන් සඳහා ක‍්‍රියාත්මක වන ‘‘විරුලිය ශක්තිය’’ වැඩසටහන, සාමය සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික - කලා සහ ඒකාබද්ධ ග‍්‍රාම සංවර්ධන වැඩසටහන් වැනි වැඩපිළිවෙලවල් හරහා තව දුරටත් සවිබල ගන්වනු ඇත. මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් , වැඩිදියුණු කිරීමටත් මෙන්ම නව වැඩසටහන් සකසා ක‍්‍රියාත්මක කිරීමටත් ජාතික සමගිිය සහ සංහිදියාව සඳහා වන කාර්යාලයට තව දුරටත් සහය ලබා දෙනු ඇත.

    ආදායම්

    195. ගරු කථානායකතුමනි, දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව වන ශ‍්‍රී ලංකාවේ බදු අනුපාතය ලෝකයේ අඩුම මට්මටකට පහත වැටී ඇත. මෙරට බදු කාර්යක්ෂමතා අනුපාතයද අනෙක් සමාන රටවල පවත්නා අනුපාතයන්ට වඩා අඩු ය. මෙම තත්ත්වය තුල 2019 වසරේ ආදායම වර්ධනය කර ගැනීමටත් බදු ක‍්‍රමයේ පවතින සමහර විෂමතාවන් ඉවත් කර ගැනීම සඳහාත් පහත දැක්වෙන ආදායම් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    196. ඒ අනුව 2019 මාර්තු මස 06 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරනු ලබන 2019 ජූනි 01 සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද පනවනු ලැබේ. ඒ අනුව, මිමි 60 කට වැඩි සිගරට්වල නිෂ්පාදන බද්ද සියයට 12 කින් එනම් එක් සිගරට්ටුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙනවා. සිගරැට් මත වන නිෂ්පාදන බද්ද ඒ අනුව, රටේ වර්ධන අනුපාතය, උද්ධමනය සැලකිල්ලට ගෙන දර්ශක මත පදනම්ව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදුවල අවම වාර්ෂික වැඩවීම තීරණය කරනු ලබනවා. මෙමගින් ආදායම් සංරක්ෂණයක් නිෂ්පාදනවල නිසි පාලනයක් තහවුරු කර ගත හැකි වෙනවා.

    197. මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 6 දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා. එසේ වුවද, කුඩා එන්ජින් ධාරිතාවන් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධනය මගින් ඉතා අවම බලපෑමක් සිදු වේ. මෙයට අතිරේක වශයෙන් වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200 ආන්තික මුදල් තැන්පතුව : නුදුරු අනාගතයේ දී ඉවත් කරනු ඇත.

    198. 2019 මාර්තු මස 06 දා සිට ක‍්‍රියාත්මක වන පරිදි බීඞී කොල ආනයනය මත පනවා ඇති සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 2,500 සිට රුපියල් 3,500 දක්වා සංශෝධනය කරනවා.

    199. පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ /නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් සංශෝධනය කෙරේ. 2019 අපේ‍්‍රල් මස 01 දින සිට වැඩි කිරීමට නියමිත ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරනවා.

    200. සියළු ණය කාඞ්පත් හා බැර කාඞ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට සියයට 3.5 ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙනු ලැබේ. මෙය 2019 ජූනි මස 01 දින සිට ක‍්‍රියාත්මක වෙනවා. එතෙර ඩිජිටල් සේවාවලට අදාළ බදු පිළිබඳව ගැටළු නිරාකරණය කිරීමට මෙම ක‍්‍රියාමාර්ග උදව් වේ.

    201. 2019 ජූනි මස 01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත‍්‍රවල වෙනස්කම් සිදු කිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කරනවා.

    202. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් මෝටර් රථ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්තු 2019 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා.

    203. දේශීය වශයෙන් නිපදවනු ලබන මත්පැන් මත පනවා ඇති සුරා බද්ද 2019 මාර්තු මස 06 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරනවා. මෙම සංශෝධන වාර්ෂික උද්ධමන අනුපාතය හා වර්ධන අනුපාතය මත පදනම්වන දර්ශක ක‍්‍රමයක් අනුව ක‍්‍රියාත්මක කරනවා.

    204. ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපාර මගින් අලෙවිකරනු ලබන රෙදිපිළි මත පනවන අගය එකතු කිරීමේ බද්ද, උද්ධමනය මත පදනම් වූ දර්ශකයක් පාදක කරගෙන ඒකකයට රුපියල් 75 සිට රුපියල් 100 දක්වා 2019 ජූනි මස 01 දින සිට බලාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ.

     205. 2016 වසරේ සිට සංශෝධනය කොට නොමැති සියලූම ගාස්තු හා අය කිරීම් සියයට 15 ක් වැඩි කිරීමට කටයුතු කරනවා.

    206. 2019 අපේ‍්‍රල් මස 01 දින සිට කි‍්‍රයාත්්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් වැඩි කරනවා.

    207. කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත‍්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කරන අතර රුපියල් මිලියන 1 ක රුජිනෝ වාර්ෂික බලපත‍්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබේ. කැසිනෝ පිරිවැටුම් ගාස්තුව සියයට 15 අනුපාතයකින් අය කරනු ලැබේ. මෙම සියලූම ගාස්තු 2019 අපේ‍්‍රල් මස 01 දින සිට ක‍්‍රියාත්මක වේ.

    208. 2019 ජූනි මස 01 දින සිට කැසිනෝ සඳහා ඇ. ඩොලර් 50 ක ඇතුල්වීමේ ගාස්තුවක් අය කරනවා.

    209. තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථික සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

    පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදු 2019 මාර්තු මස 06 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනවා.

    ගරු කථානායකතුමනි, ආදායම් හා වියදම් යෝජනා සඳහා වූ තොරතුරු තාක්ෂණ සටහන්වල විස්තර කර තිබෙනවා.

    2019 වසර සඳහා වූ ණය ලබා ගැනීිමේ සීමාවන් උදෙසා වන සංශෝධන 2019 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත ඇමුණුම් ෂෂෂ මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ආදායම් යෝජනා ඇමුණුම් ෂ යටතේ ඉදිරිපත් කර තිබෙනවා. යොදාගත් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති රාමුව ඇමුණුම් ෂඪ හි ඉදිරිපත් කර තිබෙනවා. අයවැය යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු පරිපාලන ක‍්‍රියාවලිය සැලකිල්ලට ගෙන ප‍්‍රාග්ධන වියදම් සහ භාණ්ඩ සහ සේවා ප‍්‍රතිපාදනවලින් සියයට 10 සිට සියයට 15 දක්වා ප‍්‍රමාණයක් ඉතිරි කිරීමට යෝජනා කෙරේ. 2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත අනුව අයවැය දෙවන වර කියවීමේ දී ඉදිරිපත් කල යුතු ලේඛනයද මේ සමඟ සභාගත කරනවා.

    213. ගරු කථානායකතුමනි, අපගේ ආර්ථික ප‍්‍රතිපත්ති වලින් බොහෝ විට කෙටි කාලීන මඟ පෙන්වීමක් පමණක් සිදුකරන බැවින් රටේ පවත්නා ක‍්‍රමවේදයන්හි අස්ථාවර හා

    ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වය රට සතු සැබෑ ශක්තියේ ප‍්‍රතිලාභ මතු කිරීම වළක්වනවා. අපගේ ජනතාවට ඉන් කිිසිඳු සුගතියක් වී නැහැ. මෙම ක‍්‍රමය වෙනස් කරමින් සෞභාග්‍යයෙන් පිරි නව යුගයක් කරා යාමට මහජනතාව නියෝජනය කරන අප සැමට අවස්ථාව තිබෙනවා.

    අයවැය ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන් විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම් වෙනුවෙන් ස්තුති කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික‍්‍රමරත්න මැතිතුමා ලබා දුන් සහයෝගය පිළිබඳව ද ස්තුති කරනවා. එමෙන්ම මෙය අයවැය සඳහා ආධාර වූ අයවැය යෝජනා ඉදිරිපත් කළ සැමටත් ස්තුති කරනවා. අමාත්‍ය මණ්ඩලයේ සහෘදයන්ට ද සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මාගේ කෘතඥතාව පළ කරනවා. අවසාන වශයෙන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් අයවැය සකස් කර දුන් භාණ්ඩාගාර ලේකම්තුමා හා අනෙකුත් නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා.

    ස්තූතියි!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya