අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සමාජයක් ගොඩනැඟිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනපති පවසයි

    මාර්තු 04, 2019

    විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැඟිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන්  ඊයේ (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෙවී ගිය වසර කිහිපය තුළ රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් කාර්ය භාරයක් ඉටුවී තිබෙන බවයි.

    ග්‍රාමීය වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් රට තුළ බෞද්ධාගමික පුනර්ජීවනයක් ඇතිකොට තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා එය මෙරට බෞද්ධ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ද කියා සිටියේය.

    පොළොන්නරුව, ඇතුමල්පිටිය, ලක්ෂඋයන ශ්‍රී ශාක්‍යසිංහාරාමය, සේවාගම ශ්‍රී ගෞතම බෝධි රුක්ඛාරාමය, අත්තනකඩවල ශ්‍රී පරාක්‍රමාරාමය, හතමුණ ශ්‍රී ගංගාරාමය යන විහාරයන්හි විහාරාධිපති සිරි විජයබා මහ පිරිවෙන් පරිවෙනාධිපති, පො/ සිරි කස්සප සංඝ සභාවේ ලේඛකාධිකාරි, උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ කාරක සංඝ සභිත ධර්ම ශාස්ත්‍රීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියංවශ නායක ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනය සහ උතුරු මැද පළාත වෙනුවෙන් ඉටුකරන සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් උඩරට අමරපුර මහා නිකාය විසින් ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ ධර්ම ශාස්ත්‍රීය පණ්ඩිත ගෞරව නාමය සහිතව උන්වහන්සේ වෙත උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය පිළිගන්වා තිබේ.

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම පුලතිසිපුරවරයේ ආගමික පුනරුදය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකරන පුළුල් මෙහෙවර මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

    අභිනව අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ශාස්ත්‍රපති පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ, හිටපු අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya