මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ආර්ථිකය නව මගකට යොමුකළ මහවැලි ව්‍යාපාරය ආරම්භ වී පනස් වසරකට එළැඹුම සනිටුහන් කෙරේ

    මාර්තු 02, 2019

    මෙරට ආර්ථිකය නව මගකට යොමු කරමින් ගොවි ජන ජීවිතය ශක්තිමත් කළ, අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් නව ජවයක් ලබමින් තිබෙන මහවැලි ව්‍යාපාරය ආරම්භ වී පනස් වසරකට පිවිසීම මාර්තු 01 දින සනිටුහන් කෙරේ.

    1970 පෙබරවාරි මස 28 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා සහ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා වූ සී.පී. ද සිල්වා මහතා විසින් මහවැලි මහ සැලැස්ම ආරම්භ කිරීමේ මංගල පියවර තබමින් මෙරට වාරි සංස්කෘතියේ හැරවුම් ලක්ෂය වූ පොල්ගොල්ල බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළේය.

    එදා පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලියේ පංච මහා ජලාශ සංකල්පය යථාර්ථයක් බවට පත්වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද – කළුගඟ මහා ජලාශය නිම කර ජාතියට දායාද කිරීමත් සමග ය.

    එමෙන්ම මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ විෂය භාර අමාත්‍ය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මේ වන විට අත මිට සරු නව ගොවි පරපුරක් බිහි කිරීමේ නව මාවතකට යොමුව තිබේ.

    ශ්‍රී ලංකාව සතු විශාලතම ස්වභාවික සම්පත් ජාලය අතර ප්‍රමුඛයා ලෙස මහවැලි ගඟ පත්කොට ඒ ඇසුරෙන් රටේ ගොවිතැන, විදුලිය, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ කඩිනම් ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මකය.

    ශ්‍රී ලංකාවේ භූමියෙන් තුනෙන් එකක් ආවරණය වන මහවැලි ගොවි ජනපදවල ජීවත්වන පවුල් ලක්ෂ තුනකට ආසන්න ගොවි ජනතාවගේත්, ලක්ෂ 10 කට අධික පිරිසගේත් ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළ ගණනාවක් ද මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.

    සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන ඉන් ප්‍රමුඛ වන අතර මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප් නැංවීමට වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ ද සුවිශේෂි වැඩසටහනකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya