අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට හතළිස් වසරක් සපිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

    පෙබරවාරි 28, 2019

    දේශපාලනඥයෙකුට දීර්ඝකාලීනව දේශපාලනයේ රැදී සිටීමට හැකි වන්නේ ඔහු ජනතා සේවයට කැපවූ චරිතයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්විම නිසා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සංචාරක සංවර්ධන, වනජීවි හා කි්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි. 

     දේශපාලනඥයෙකු ලෙස ජනහිතකාමි මෙහෙවරක නිරතවෙමින් තම යුග මෙහෙවර මැනවින් ඉටුකළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දීර්ඝකාලීන අත්දැකීම් සහිත පරිපුර්ණ දේශපාලනඥයෙක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

     එමෙන් ම 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය ස`දහා ඒ මහතා ලබාදුන් සහය ද ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

     අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සේවය අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     වෘත්තියෙන් නීතිඥවරයෙකු වූ ජොන් අමරතුංග මහතා 1978 වසරේ දී එක්සත් ජාතික පක්ෂ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස වගකිවයුතු අමාත්‍ය ධූර රැසක් හොබවා තිබේ.

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ද ජෝන් අමරතුංග මහතාගේ පවුලේ ඥාතීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya