අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හදට හදක්" භාරකාර අරමුදලට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයක් ...

    පෙබරවාරි 27, 2019

    හදවත් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය අසරණ රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති "හදට හදක්" භාරකාර අරමුදල සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    පසුගිය 16 වනදා ,හදට හදක්, භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා එහිදී ලබාදුන් පොරොන්දුව අනුව මෙම මුල්‍ය ප්‍රදානය සිදු කිරීමට පියවර ගත්තේ ය.

    පොළොන්නරුව බෞද්ධ සංගමයේ ද දායකත්වය ඇතිව මෙම මුල්‍ය ප්‍රදානය සිදු කර තිඛෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් වෙත පිළිගැන්වීය.

    මේ අතර ගම්පහ අකරවිට අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයක් එම විහාරාධිපති පූජ්‍ය මඩවලතැන්නේ විමලසාර ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ද  ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ලග්ගල, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පසුගියදා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව එම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 25 ක් වටිනා පරිගණක සහ කී්‍රඩා උපකරණ ප්‍රදානය කිරිම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එමෙන්ම රෝගාතුර වීම හේතුවෙන් ඉතා අසීරුවෙන් ජීවිකාව ගෙන ගිය මාකොළ ඩී.ඩී. රම්‍යා නීලකාන්ති මහත්මිය ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඇයගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්වයං රැකියාවක් සිදුකිරීම සඳහා ති්‍රරෝද රථයක් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ජාතික තරුණ සේවා සභාව මගින් 2019 වසරේ සංවිධානය කරනු ලබන යොවුන්පුර තරුණ කඳවුර සඳහා පොළාන්නරුව දිස්ති්‍රක්කය නියෝජනය කරමින් සහභාගි වන තරුණ තරුණියන්ට අනුග්‍රහය දක්වන ලෙස කරන ලද ඉල්ලීම අනුව මුල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා යන ගීත රචිකාවියන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන සංගීත උලෙළ සඳහා අනුග්‍රාහක මුදලක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ගීත නිර්මාණකරණයෙහි දායකවූවන්ට හිමි කර්තෘභාග මුදල් ගණනය වෙනුවෙන් උපකාරි වන දත්ත ගබඩා කිරීමේ යන්ත්‍රයක් ලබා ගැනීමට මූල්‍ය ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර අදාළ චෙක්පත ගීත නිර්මාණක කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya