අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටළුවට විසඳුමක් ලබාදීමට රජය ඉහළ ප්‍රමුඛත්වයකින් කටයුතු කරනවා- අගමැති

    පෙබරවාරි 06, 2019

    රජය සැමවිට අලිමිනිස් ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවයකින් වැඩ කටයුතු කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ අලි මිනිස් ගැටළුව සම්බන්ධයෙන් රජය ගන්නා විසදුම් කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර සිඩ්නි ජයරත්න මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    රජය සැමවිට අලිමිනිස් ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවයකින් වැඩ කටයුතු කර තිබෙනවා. විදුලි ඉදි කෙරෙනවා. තවද කිලෝ මීටර 7000ක් දක්ව විදුලි වැට පද්ධතිය වැඩි කිරීමට කටයුතු කරනවා. කාර්ය මණ්ඩල සඳහා පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. වන අලින්ගේ වාසස්ථානවල ගුණාත්මක කිරීමට, ක්‍රමවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට අලි වැටවල් අක්‍රිය වන තැන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධව තොරතුරු ලබාදෙනවා නම් ඒ ගැන ක්‍රියා කරන්න හැකියාව තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    ඇමෙරිකන් ඇතුළු නෞකා මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නනායක්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ,ඇමෙරිකන් නාවික හමුදාවේ සැපයුම් මධ්‍යස්ථානය ඉන්දියන් සාගරය ආශ්‍රිතව තිබෙන්නේ. ඊට අමතරව බහරෙන් රටෙත් ඇමෙරිකන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනවා. අනෙක් අරටවල ක්‍රියාත්මක කරන්නේ නෑ. අද තාක්ෂණය අනුව ඇමෙරිකාව ට වුවමනා නෑ විශාල කඳවුරු තියාගන්න. ඕනෑම නාවික හමුදාවකට තාවකාලිකව අපේ වරායක් හා ගුවන් තොටුපලක සේවාවන් සේවාවන් ලබාගන්න පුළුවන් යැයි පැවසී ය.

    මන්නාරම් හා මුලතිව් දිස්ත්‍රික්කවල ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ ඒකක නොමති බවත් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

    මෙයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ,

    මෙම ප්‍රශ්නය කඩිනමින් පිළියමක් යෙදිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා,මුලතිව් හා මන්නාරම් නගර සභාවට ගිනි නිවීමේ ඒකකයක් ලබාදීමට කටයුතු කර කෙරෙනවා. මේ සතියේ පළමු ගිනි නිවන යන්ත්‍ර බාර දෙන්න යනවා. මන්නාරමට හා මුලතිව් සඳහා ගිනි නිවන ඒකක බැගින් ලැබෙනවා.මේ පිළිබඳව සළකා බලන ලෙස අමාත්‍යවරයාට දන්වන්නම් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya