මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් පිලිපීන ජනාධිපති මන්දිරයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    ජනවාරි 18, 2019

    පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය  (16) රාත්‍රියේ එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් හි දී පැවැත්විණි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ගෞරවනීය සහ උණුසුම් පිළිගැනීමක් ලබාදීමට මෙහි දී පිලිපීන ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර, එරට සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව විචිත්‍රවත් කෙරිණි.

    වසර 58ක දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබුණු ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම ඓතිහාසික සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද නායක දෙපළ අතර සිදු විය.

    ඒ අනුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya