එහිදී එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය Ramon Lopez මහතා ඇතුථ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. මේ අතර කුඩා දැරියක විසින් ද ජනාධිපතිතුමා වෙත මල් දමක් පළදවා පිළිගනු ලැබුවාය.
මැනිලා නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
( ඡායාරූප : සුදත් සිල්වා )