අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපාරිශුද්ධ ථේරවාද ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    ජනවාරි 15, 2019

    ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථේරවාද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මඟපෙන්වීම මත අතිපාරිශුද්ධ ථෙරවාද ත‍්‍රිපිටකය, ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි.

    එහිදී ථේරවාද ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවට ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශය අනුව ඒ සඳහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
    ඒ අනුව එම යෝජනාවට   (14) දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

    මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳව විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ඒ සඳහා ථේරවාද බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත‍්‍රිකයන් එක්ව සිටි අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථේරවාද ත‍්‍රිපිටකය, ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන කටයුතු පිළිබඳව එම රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සිය ප‍්‍රසාදය පළ කළහ.

    එමෙන්ම මෙම කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බව ද ඔවුන් ප‍්‍රකාශ කළහ.

     

    Share This Post

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya