අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ආශිර්වාද පතා රුවන්වැල්ල සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී ආශිර්වාදාත්මක පිරිත් දේශනයක්

    ජනවාරි 13, 2019

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් ඊයේ (12) පෙරවරුවේ රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.

    අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට සහභාගී විය.
    පිරිත් දේශනයෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් ද සිදු කෙරුණු අතර එම අවස්ථාවට ද සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමට එක් විය.
    ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත විහාරස්ථානවලට, භික්ෂුන් වහන්සේලාට සහ දහම් පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරුණු අතර එම අවස්ථාව සංකේතවත් කරමින් උපකරණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
    රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරාධිපති ත‍්‍රිපිටකවේදී, ශාස්ත‍්‍රපති පූජ්‍ය පෑලියගොඩ සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීමෙන් හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පද්මතිලක බණ්ඩාර මහතා ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
    දවලගනේ චන්දෝදය පිරිවෙන් අධ්‍යක්ෂ ශාස්ත‍්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය අඹන්පිටියේ සරණපාල ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනෙවිරත්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, සබරගමුව පළාත් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක, රුවන්වැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පරාක‍්‍රම අතාවුද යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශවාසී සැහැදැවතුන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya