අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණික දැනුමත් සමඟ ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟෙනු දැකීම තම අපේක්ෂාවයි-ජනපති

    ජනවාරි 12, 2019

    නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ අද නාගරික සහ ග්‍රාමීය බේදයකින් තොරව රටේ සියලු දරුවන්ට හිමිව තිබෙන අතර, ඔවුන් එම සියලු තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

    අද ග්‍රාමීය පාසල්වල දරුවන්ට ද නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා, තමා එම පාසල් වෙත ගිය විට එම දරුවන් ඉල්ලා සිටින්නේ ඩෙස් පුටු සේම පරිගණක බව ද කියා සිටියේ ය.

    එම සියල්ල කිසිදු බේදයකින් තොරව දරුවන්ට ලබාදීමට තමන් කටයුතු කරන්නේ රටේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ සාධාරණයක් ඉටු කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා නවීන තාක්ෂණයත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව ද කියා සිටියේ ය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට  (11) පෙරවරුවේ එක් වෙමිනි.

    විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී.වී ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩාගාරය ඉදිකර තිබේ.

    අද පෙරවරුවේ තර්ස්ටන් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

    පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගණ සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

    විදුහල්පති කේ.වී.ඒ.එල්.ඩයස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

    ආදි ශිෂ්‍ය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya