අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.ටී.එන්.ආයතනයේ කලබලකාරි තත්ත්වය සියළු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් සමථකයට පත් වුණා

    ජනවාරි 09, 2019

    අයි.ටී. එන්. ආයතනය ඇති වූ කලබලකාරි තත්ත්වය සියළු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් සමතයකට පත් කරගැනීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ඊයේ (8) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා අයි ටී එන් ආයතනයේ ඇති වූ සේවක විරෝධය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.

    ජනාධිපති උපදේශක, ආරක්ෂක ලේකම්තුමත්, අයි.ටී. එන්. සභාපතිතුමිය, ඒ පාර්ශව සමඟ සාකච්ඡා කර මතුව තිබූ ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීමට හැකි වුනා. උද්ඝෝෂණයට සහභාගී වූ අය දෛනික රාජකාරියට  බාධාකර තිබුණා. ආයතනයේ කීර්තියට බරපතල හානියක් සිදු  කර තිබෙනවා. අයි.ටී. එන් ආයතනයේ රේටින් සීග්‍රයෙන් වැඩි වුණා. පසුගිය රජය කාලයේ එය රජයේ හොරනෑවක්  බවට පත් කර තිබුණා.

    ඒ තත්ත්වය අප සම්පූර්ණයෙන් වෙනස් කළා. ජනවාරි 08 ජනපති පත් වූ වෙලාවේ, පසුගිය ආණ්ඩුවේ කිසිම  කෙනෙකුගෙන් පළිගත්තේ නෑ. හඹයක් රණ්ඩුවක් ඇති වුණේ නෑ.මේ වතාවේ කාගෙවත් රැකියා නැතිවුණෙ නෑ.  බොහොම සාමකාමීව ආණ්ඩු මාරුව සිදු වුණා. ඔක්තෝබර් 26 ඇති වූ ව්‍යවස්ථා කුමන්ත්‍රනයෙන් ඔප්පු වෙනවා,කාගෙන්වත් පළිගත්තේ නෑ කියලා.

    සී.සී.ටී.වී.වල තියෙනවා.රූපවාහිනියට ගියා.විශේෂ ප්‍රකාශයක් කරන්න. එදා මැරවරයෝ රූපවාහිනියේ හිටියේ. අවස්ථාව ආවම සත්තුවගේ ඇවිල්ලා සැබෑ ස්වරූපය පෙන්නුවා. ඒ අය වෙනුවෙන් කටයුතු කරනවා, කිසිම ආයතනයක  විනයක් නැතිව කටයුතු කරනවා.

    මගේ යාළුවෝ නෑ, යාළුවයි සේවකයයි පටවාගන්න එපා. බොහොම සමකාමීව කාටවත් හිරිහැර නොකර  ආයතන බාර ගත්තා. ඔක්තෝබර් 26 විශාල විනාශයක් ඇති වුණා.අපි කවුරුත් අලුතෙන් පත් කරන්න ගියේ නෑ.  පන්නා ගත්ත සේවකයන්ට වැඩ්ට යන්න කියපුවාම අයි.ටී.එන්. එක වටකරගත්තා මම ස්තූතිවන්ත වෙනවා, ජනාධිපතිතුමාට හා ආරක්ෂ ලේකම්තුමාට. ජනාධිපතිතුම මට කතා කළා. ආරක්ෂ ලේකම් ඊයේ ගියා. දැනට මේ ප්‍රශ්නය සමථයකට පත් වී තිබෙනවා.

    අයි.ටීන් .එන්. සුරැකීම සංවිධානය,එදා අයිටීන් එන් එදා සූරා කනකොට මහාපරිමාණ හොරකම් එදා දැක්කේ  නෑ.මෙය මහජන විකාශයක් බවට පත් කළ යුතුයි. ඇතුළේ ඉන්න හැමෝටම වගේ ඒජන්සි තියෙනවා. ඒකෙන්  කොමිස් එනවා.ඒවා නවත්වන්න උත්සහ කළේ. යළි වරක් සාකච්ඡා කරලා, අයි.ටී.එන්. ආයතනයට ලැබිය යුතු  තැන ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya