අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලග්ගල නව හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට....

    ජනවාරි 08, 2019
    මොරගහකන්ද - කථගග ව්‍යාපෘතයෙන් කථගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කථගග ජලාශයට නුදුරු ව ඉදි කළ නව ලග්ගල නගරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08)  පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
     
    නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කථගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. 
     
    මොරගහකන්ද - කථගග ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කථගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කථගග ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ.
     
     අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිඛෙන අතර, මුථ ආයෝජනය රුපියල් මිලියන 4500 කි.
     
    laaggaa
     
     
     
     
     
     
     
    laggala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya