අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම- කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ ලග්ගල නව හරිත නගරය අද ජනතා අයිතියට

    ජනවාරි 08, 2019

    දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  අද (08) පෙරවරුවේ සිදු කෙරේ.

    “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්වෙයි.

    නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් ලෙසිනි.

    මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

    ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව රෝහල ජනතා අයිතියට පවරාදීම සහ ලග්ගල ද්විතිික පාසල සිසු අයිතියට පවරාදීම හෙට සිදු කෙරෙන්නේ ද ජනාධිපතිතුමා අතිනි.

    මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. කළුගඟ ව්‍යාපෘතිය ද පරාක‍්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක‍්‍රම සමුද්‍රය මෙන් හයගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වෙයි.

    කළුගඟ ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකකි. මෙම ජලාශයෙන් ජලය විශාල ප‍්‍රමාණයක් ලබාදෙනු ලබන්නේ ලග්ගල නව නගරයේ ජනතාවට වීම විශේෂත්වයකි. එයින් පරණ හත්තොටඅමුණ ප‍්‍රදේශයේ අක්කර 1500 ක භූමි ප‍්‍රමාණයක් වගා කිරීමට ද කළුගඟ ජලය උපයෝගි කරගනු ලබයි. එමෙන් ම ගඟ දිගේ ජලය ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීමටත්, වනසතුන්ට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය ලබාදීමටත් කටයුතු කෙරේ. අනෙක් ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත ගෙන යනු ලබන්නේ උමං සහ ඇළ මාර්ග භාවිතයෙනි. එම උමඟ සහිත ඇළ මාර්ගය කිලෝමීටර් 09 කි.

    මෙම නව සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් සපිරෙන හෙට දිනයේ ජනගත කෙරෙන්නේ ජනතා හිත සුව පිණිස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිව් වසරක් පුරා ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ තවත් මහඟු ප‍්‍රතිලාභයන් ලෙසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya