අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් ....

    ජනවාරි 01, 2019

    ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

    මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්ධනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් කි්‍රයාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති්‍රක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

    ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති්‍රක් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබ`ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

    වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ති්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිඛෙන බවත්, එහි මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් බවත් දිස්ති්‍රක් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    දිළි`දුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ති්‍රක්කය තුළ කි්‍රයාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හි`ගයට විස`දුම් ලබාදීම පිළිබ`දව ද අවධානය යොමු විය.

    නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්, කසළ කළමනාකරණ වැඩසටහන් ඇතු`ථ පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබ`දව ද සාකච්ඡාවට බ`දුන් විය.

    පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබි`දීමක් ඇති වී තිඛෙන අතර දිස්ති්‍රක්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ,පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් කි්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

    රැක් රෝපණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබ`දව ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ති්‍රක් ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව පාසල් දරුවන් වෙත පැළ ඛෙදාදීමේ වැඩසටහනක් කි්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    පොළොන්නරුව පොත්ගුල් වෙහෙර අභියස වෙළෙදාමේ නියුතු වෙළදුන් 08 දෙනෙකු වෙනුවෙන් වෙළෙ`ද කුටි ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම්වරයා ඇතුථ රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya