අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුම අද පර්ලිමේන්තුවට

    දෙසැම්බර් 21, 2018

    රාජ්‍ය මුදල් පිළිබඳ වන අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.

    එමගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා ය.
    දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මගින් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ගම් පෙරළිය, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන වැඩසටහන් ඔක්තෝබර් මස 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලය මගින් නවත්වා තිබිණි.
    රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් කිරීමට නොහැකි වූයේ නම් 2019 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ වැටුප් හා පඩිනඩි ගෙවීම ඇතුළුව පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොමැති වීමට ඉඩ තිබිණි.

    මෙම අතුරු සම්මත ගිණුම මගින් මේ සියලු කටයුතු යළි ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ඇරැඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන් හට නිල ඇඳුම් සඳහා වව්චර් පත් ලබා දීමට හැකිව ඇත. මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya