මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 20, 2018

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    රටේ සමාජ, ආර්ථික දියුණුවට විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කොට උරදුන් විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ව්‍යවසායකයන් ජාතික සම්මානයෙන් පුදනු ලැබීම උදෙසා ජාතික විද්‍යා පදනම මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි.

    2016 සහ 2018 වසරවලට අදාළව සුදුසුකම් සැපිරූ සම්මානලාභීන් වෙත ජාතික සම්මාන සහ කුසලතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා විසින් සම්මාන උලළේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබීය.

    ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුථ සාමාජිකයන් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya