අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙහි පවත්නා අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම

    ඔක්තෝබර් 16, 2018

    ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පහත දැක්වෙන ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ විනය විරෝධීව හැසිරෙමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නීති රීති වලට පටහැනිව නවකවදය හා අනෙකුත් හිරිහැර කිරීම් හා අඩත්තේට්ටම් කිරීම් වැනි විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ සිසුන් පිරිසකට එම නීති රීති වලට අනුකූලව මෙම විනය විරෝධී ක්‍රියාවල බරපතලකමට අනුව දඩුවම් පමුණුවන ලදි.

    ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණි. එමෙන්ම එම අවස්ථාව ඇති සිසුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකිය.
    
මෙසේ දඩුවම් පමුණුවන ලද සිසුන්ව කොන්දේසි විරහිතව ආපසු ගන්නා ලෙස බලකරමින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. එම ක්‍රියාවලින් කිහිපයක් නම් කොළඹ මාර්ග අවහිර කරමින් පෙළපාලි යෑම හා උද්ඝෝෂණ කිරීම, විශ්ව විද්‍යාලය තුළ හා කොළඹ ලිප්ටන් වටරවුම අසල අට්ටාල ගසා ජනතාවට හා විශ්වවිද්‍යාල සිසුනට කරදර වනසේ උද්ඝෝෂණ කිරීම වැනි දේ සදහන් කල හැකිය. මෙසේ දඩුවම් පමුණුවන ලද සිසුන් බලහත්කාරකම් පෙන්වමින් ඔවුන්ගේ වැරදි සඟවා ගැනීමට හා විසඳුම් සෙවීමට උත්සාහ ගනිති. මෙම සිසුන් පිරිස ඉතාමත්ම සුලු පිරිසකි.


    
මෙසේ දඩුවම් පමුණුවන ලද සිසුන් එම දඩුවම් ලද කාලය තුළ වෙනත් නොයෙකුත් විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධවූ හෙයින් ද, මීට පෙර යම් සිසුන් පිරිසකට දෙන ලද දඩුවම් ඔවුන්ට දෙනලද පරිවාස කාලය තුළදී සිදුවූ හෙයින්ද මීට පෙර දෙන ලද දඩුවමම නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ බලයලත් නිලධාරිනිය ලෙස සේවය කල මහාචාර්ය උමා කුමාරස්වාමි මැතිතුමියගේ කාලය තුලදී තීරණය කරන ලදි.


    
මෙම සිසුන් පිරිස නෙයෙකුත් හිරිහැර කිරීම් හා අඩත්තේට්ටම් කිරීම් වැනි විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ සිසුන් පිරිසක් නිසා තාක්ෂණ පීඨයේ බහුතරයක් වන සිසුන් මොවුන්ගේ ක්‍රියාකලාපයන්ට බලවත් විරෝධයක් දක්වන අතර විශේෂයෙන්ම ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන්ව නැවත විශ්වවිද්‍යාලය තුලට සම්බන්ධකර ගැනීමට ඔවුන් තදින්ම විරුද්ධවන අතර එසේ ඔවුන්ට නැවත ශිෂ්‍යභාවය ලබාදෙන්නේ නම් දැනට සාමකාමීව අධ්‍යයන කටයුතු කරන බහුතර සිසුන්ට විශ්වවිද්‍යාලය හැර යෑමට සිදුවනු ඇතැයිද පවසති.


    
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට මෙම සිසුන් කිහිප දෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති අතර සිසුන් කිහිප දෙනෙකු මෙම ගොඩනැගිල්ල තුලට ලණු හා දම්වැල් සහිතව ඇතුළු වී උපකුලපතිවරයා ඇතුළු සියලුම පරිපාලන නිලධාරීන් හා අනෙකුත් සේවකයින්ට එම ගොඩනැගිල්ල තුලට යාමට නොහැකි වන සේ සියලුම ප්‍රවේශයන් ලණුවලින් හා දම්වැල් වලින් වසා දමා ඇත.

     

    පරිපාලන ගොඩනැගිල්ල විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් වසා දමා ඇතැයි ගෙනයන ප්‍රචාර අමූලික බොරුවක් වන අතර මේ වන විට ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සියලුම පරිපාලන කටයුතු ඇණහිට ඇත. කෙසේ නමුත් විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යාපන කටයුතු සාමකාමීව සිදුවෙමින් පවතී. උපකුලපතිවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් විශ්වවිද්‍යාලයයේ පරිපාලන කටයුතු වෙනත් ස්ථානයක සිට ඉටුකරමින් සිටිති.


    
මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින 20 පමණ වන සිසුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ උපරීම සහයෝගය ඇතිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කර ඇත. මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් පරිපාලන ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින සිසුන්ට හා දෙමාපියන්ට වහාම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වෙන ලෙසට අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත.

     


    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya