මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් පීඩාවට පත්කරන පහේ ශිෂ්‍යත්ව ක්‍රමයේ වෙනසක්

    ඔක්තෝබර් 16, 2018

    සියලු දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා වන අයුරින්, දරුවන්ට තම දක්ෂතා ඉහළ නංවාගැනීමට පහසුකම් සපිරි පාසල් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩියෙන් සැළසෙන අයුරින් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සංශෝධනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා (13) තලාතුඔය හේවාහැට මධ්‍ය විද්‍යාලයේ පැවති 134 වැනි කන්නන්ගර සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    දුෂ්කර ප්‍රදේශවල පිහිටි පහසුකම් අඩු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ සහ පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමේ මූලික අරමුණින් ක්‍රියාවට නංවන ලද පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මේ වනවිට දරුවන්ට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් මව්පියන් විසින් ඇතිකරවන විභාගයක් බවට පත්වී ඇති බවත්, එම තත්වය වහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    ඒ සඳහා ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගෙන් සහාය ලබාගනිමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මීට අදාළ ව කටයුතු කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    කන්නන්ගර 134 වැනි ගුණානුස්මරණයට එක්වෙමින් එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද, ‘ළඟම පාසල - හොඳම පාසල’ ව්‍යාපෘති ආධාර මගින් මෙම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙදින සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya