අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අහන්න” ජාතික සංහිඳියාව සහ සංවර්ධන වැඩසටහන් මාලාවේ පාසල් සිසුන් දැනුවත් කිරීම ආරම්භ වෙයි

    ඔක්තෝබර් 15, 2018

    “අහන්න” ජාතික සංහිඳියාව සහ සංවර්ධන වැඩසටහන් මාලාවේ පාසල් සිසුන් දැනුවත් කිරීම ආරම්භ වෙයි

    සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.

    ඒ අනුව “අහන්න” වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර යටතේ පාසල් මට්ටමින් පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන අද (2018.10.15) අවිස්සාවෙල්ල, ශාන්ත මරියා විදුහලේදී පැවැත්විණි.

    දීප ව්‍යාප්තව දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන ජාති ආගම් කිසිදු භේදයකින් තොරව එකම රටක්, එකම ජාතියක් ලෙස ජනතාව අතර ජාතික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.

    මුලතිව්, කිලිනොච්චි හා යාපනයේ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු, එකම දැයක් වෙනුවෙන් වෘත්තිකයින්ගේ එකමුතුවේ විධායක සභික චමින්ද ගුණසිංහ, නිදහසේ වේදිකාවේ සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු යන මහත්වරුන් මෙහිදී සම්පත්දායකයින් ලෙස එක්ව සිටියහ.

    සමගිය, සංහිඳියාව හා අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා පැවැත්වෙන මෙම වැඩසටහන තුළ නාට්‍ය හා ගීත ප්‍රදර්ශනයක්, සාකච්ඡා අවස්ථා ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් විය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

    අවිස්සාවෙල්ල ශාන්ත මරියා විදුහලේ විදුහල්පති කුමුදු පරණවිතාණ මහතා, එම විදුහලේ ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ. “අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහනේ තවත් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට (2018.10.16) කොස්ගම මහා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya