අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම'' සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ...

    ඔක්තෝබර් 11, 2018
    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලූවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් ,ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම, සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ,සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

     

     
    ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සමග විද්වතුන් සහභාගී වන මෙම සමුථව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය, එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ මර්ධන වැඩසටහන හා එක්ව සංවිධානය කර තිබේ. 
     
    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබද විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමුථව අමතා විශේෂ දේශනයක් සිදු කළේ ය.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ දෙස් විදෙස් විද්වත් ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya