මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වසර ''ණය නැති ලංගමයක්'' බවට පත් කරනවා- ප්‍රවාහන අමාත්‍ය

    ඔක්තෝබර් 10, 2018

    සේවක අර්ථසාධකයට, පාරිතෝෂිකයට, ටයර් සැපයුමම්කරුවන්ට හා අමතර කොටස් ගැණුම්කරුවන්ට කිසිම ණයක් නැති ආයතනයක් බවට ලංකා ගමනාගමන මණ්ඩලය 2019 වසරේ දී පත් කරන බවත්, ලබන වසරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තේමාව විය යුත්තේ ණය බරින් තොර ලංගමක්, යන්න බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

     


    අමාත්‍යවරයා එම අදහස් පළකලේ අද (10) දින පෙරවරුවේ නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේදී, ස්වයං ආදායම් ලබමින් නව බස් රථ 05 ක් මිලදීගත් හැටන් ඩිපෝවට එම බස් රථ භාරදීම සඳහා පැවති උත්සවයේදීය. මෙම බස් රථ 05 වටිනාකම රුපියල් ලක්ෂ 260 ක් පමණ වේ.


    මෙම අවස්ථාවේදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා -˸ ලංකා ගමනාගමන මණ්ඩලය ආදායම් උත්පාදනය අතින් විශාල අගාදයකට වැටී තිබුණ බවයි. නමුත් අද මෙම ආයතනය ආදායම අතින් ඉතාමත් ශක්තිමත් ගමනාගමන ඒකකයක් බවට පත්වී තිබෙනවා. මෙම තත්ත්වය උදාකරගැනීමට සියලුම සේවකයන්ගේ සහයෝගය ලැබුනා. සේවක තෘප්තිය ලබාදීම සඳහා මේ වනවිට සියලුම ණය ගෙවා දමමින්, අර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික දීමනා ගෙවමින් ලංකා ගමනාගමන මණ්ඩලය ආකර්ශණීය ආයතනයක් බවට පත් කරලා තියෙනවා.

    ලංකා ගමනාගමන මණ්ඩලය තුළ පැහැදිලි වෙනසක් කරලා තියෙනවා. භාණ්ඩාගාරයේ ඇති මූල්‍ය අර්බුදය නිසා ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට නියමිතව තිබු අරමුදල් ලබාදීමට නොහැකි වුනා. නමුත් මම අද සන්තෝෂ වෙනවා ලංකා ගමනාගමන මණ්ඩලය මගින්ම උපදවාගත් මුදල් වලින් මෙම බස් රථ මිලදී ගැනීමට හැකිවීම පිළිබඳව. හැටන් ඩිපෝවේ සේවය කරන සියලු දෙනාම ඉතාමත් උනන්දු වෙලා ඉතුරුකර ගත් මුදල් වලින් තමයි මෙම බස් රථ මිලදී ගෙන තිබෙන්නේ. හැටන් ඩිපෝව ලංකාවේ අනිත් ඩිපෝ වලට ආදර්ශයක් වෙලා තියෙනවා.

    ඒ නිසා ලංකාවේ අනෙකුත් ඩිපෝත්මෙය ආදර්ශයට ගනිමින් මෙවැනි වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කළොත් අපිට භාණ්ඩාගාරයේ ලැබෙන මුදල් පිළිබඳව බලා නොසිට ආයතනය ගොඩනැගීමට හැකිවන බවද, මෙහිදී හෙළිවු තොරතුරු අනුව දිවයින පුරා ඩිපෝ 106 ක් පමණ ක්‍රියාත්මක වන බවත්, ඉන් 85 ක් පමණ මේ වන විට ලාභ ලබමින් පවතින බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු අණියේ බස් රථ 6100 ක් පමණ වේ.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉදිරියේදී තවත් බස් රථ 372 ක් ලීසිං ක්‍රමයට ලබාගන්න අපි කටයුතු කරනවා. භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුනහොත් ඉලෙක්ට්‍රික් බස් රථ සහ හයිබ්‍රිඩ් බස් රථ ගන්නත් අප
    බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සේවක තෘප්තිය වැඩිකිරීම සඳහා අපි සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ලබන මස සිට සිදුකරනවා. ඒ වගේම ප්‍රසාද දීමනාව (බොනස්) රුපියල් දස දහස (10,000)දක්වා වැඩිකර තිබෙනවා.
    ඒ කෙසේ වෙතත් සේවකයින් විසින් සේවාවේ ගුණාත්මකභාවය ප්‍රදර්ශනය කළ යුතුයි.

    රියදුරු, කොන්දොස්තරවරු විසින් තමන්ගේ චර්යාවන් වර්ධනය කරගත යුතුයි. මගීන්ට ආචාරශීලීව, විනය ගරුක භාවයෙන් හා මගීන් තුළ පිළිගැනීමක් ඇති වන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා ලබන වසරේ සිට නිල ඇඳුම් ලබාදීමටද අප කටයුතු කරනවා. ඒ වගේම මම අද සතුටු වෙනවා අනිල් මුණසිංහ යුගයෙන් පසුව ලංගමයේ ප්‍රවර්ධනය උදෙසා විශාල වැඩ කොටසක් කිරීමට හැකිවීම ගැන. ඒ නිසාම අද වන විට ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට හැකිවී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.


    මෙම බස් රථ සඳහා ජී.පී.එස්.තාක්ෂණික උපකරණ සවිකර ඇති බවද, ඉදිරියේදී ලංගමයට ආනයනය කිරීමට නියමිත, පරිසරයට අඩු කාබන් ප්‍රමාණයක් මුදාහරින පරිසර හිතකාමී යුරෝ 4 තාක්ෂණයෙන් යුතු එන්ජින් යෙදවීමට කටයුතු කරන බවද මෙහිදී හෙළි විය.


    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya