අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනපති ඉල්ලයි

    ඔක්තෝබර් 09, 2018

    05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේදැයි සැම වසරකම ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර දෙමාපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට (06) දින පෙරවරුවේ එක්වෙමිනි.

    ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදු වූ පීඩකාරී සිදුවීම් රැුසක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ මේ පිළිබඳ සියලු අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බව යි.

    අද දින සමරන ගුරු දිනය නිමිත්තෙන් සමස්ත ගුරුවරුන්ට මෙහිදී සිය ශුභාශීංසන පළ කළ ජනාධිපතිතුමා ගරු සේවයේ විශිෂ්ට මෙහෙවර ද ඇගැයීමට ලක් කළේය.

    නිදහස් අධ්‍යාපනයෙන්, සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කිරීමට ගුරුවරුන් සිදුකරන කැපවීම අගය කළ ජනාධිපතිතුමා ගරු වෘත්තීයේ අයිතිවාසිකම්, වරප‍්‍රසාද දිනාදීමට මෙන්ම ගුරුවරයාට හිමි ඉහළම ගෞරවය ලබාදීමට රජය කටයුතු කරන බව ද කියා සිටියේ ය. මහනුවර ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    “ළඟම පාසල හොඳම පාසල“ ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    එමෙන්ම විදුහල්පති නිල නිවස ඇතුළු නවීකරණ කටයුතු විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    විද්‍යාලයේ 2017 වසරේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    විද්‍යාලයේ ආදර්ශ ගොවිපළ ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ විදුහල්පති ආර්.එම්. දේශපි‍්‍රය රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වෙන Ayur Ex Kandy 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06) පෙරවරුවේ එක් විය.
    ප‍්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දින ප‍්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙන යාමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්ව වසර දෙකකට වරක් සංවිධානය කරන ප‍්‍රදර්ශනය මෙවර පැවැත්වුනේ 04 වන වරට ය. ප‍්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වෙයි. ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප‍්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරික්ෂණය කළ අතර කාර්යමණ්ඩලය සමග ද සුහද කතා බහක නිරත විය.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුන් ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය ගීත කි‍්‍රෂ්ණන් මහතා ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් ද පළාත් පාලන ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේසුන්දර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya