අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 06, 2018

    නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද 05.00ට මන්නාරම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වේ.

    මන්නාරම තම්බනෛයිකුලම් ප‍්‍රදේශය ආවරණය කරමින් හෙට පෙරවරුවේ වන රෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර පරිසර සමුළුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පෙ.ව 10.00 ට මන්නාරම නගර සභා කී‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.

    ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32‍්‍%ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් පරිසර විෂයභාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන කී‍්‍රයාවට නංවා ඇති අතර සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර ඇත. ඒ යටතේ රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම වසරේ ද ඔක්තෝබර් 01 සිට 31 දින දක්වා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    සුවිශේෂ පාරිසරික පද්ධති සුරැකීම හා ඒ ආශ‍්‍රිත වන වගා ප‍්‍රවර්ධනය, ආරක්ෂාව හා නඩත්තුවල ජනාවාස ආශි‍්‍රතව තුරු වියන් සැකසීමට දායක වන ගස් වැවීමෙන් අප ජීවත්වන පරිසරයේ හරිත බව ප‍්‍රවර්ධනය හා එහි ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙන බව තහවුරු කිරීම, හායනයට ලක් වූ භූමි ප‍්‍රදේශ සුවිශේෂ රුක් රෝපණ ක‍්‍රමවේද තුළින් ප‍්‍රතිස්ථාපනය වැඩසටහනේ අරමුණ යි.

    එමෙන්ම වන විද්‍යාත්මක ක‍්‍රමවේද අනුගමනය කරමින් අලුතින් වන වගා ඇතිකිරීමෙන් වන ගහණය වැඩි කිරීම හා පවත්නා වන වැස්මේ ගුණාත්මක භාවය වැඩි කිරීම ද අපේක්ෂා කරන අතර, හඳුනාගත් නිශ්චිත භූමි ප‍්‍රදේශයන්හි එනම් කඳු මුදුන්, ඉහළ ජලධාරා පෝෂක ප‍්‍රදේශ, හායනයට ලක් වූ වෙනත් භූමි සහ වෙරළ තීර ආශි‍්‍රතව හරිත බව ප‍්‍රවර්ධනය වනසේ රුක් රෝපණ කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.

    මේ සඳහා ප‍්‍රදේශ ආශි‍්‍රත සියලු ප‍්‍රජා සංවිධානවල සහභාගිත්වය හා සමස්ත පාසල් ශිෂ්‍ය ප‍්‍රජාවගේ කි‍්‍රයාකාරි දායකත්වය ලබා ගැනීමට පියවර ගෙන ඇත.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 වන රෝපා වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට ද කටයුතු යොදා තිබේ.

     මන්නාරම් දිස්ති‍්‍රක් වැඩසටහනේ දී දිස්ති‍්‍රක්කයේ හෙක්ටයාර් 2000 ක කෘතිම වන වගාවක් ඇති කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1.7 ක් විටිනා පැළ බෙදාදීමෙක් ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya