අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    අගමැති හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයක

    ඔක්තෝබර් 06, 2018

    නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 04 වැනි දා හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.


    කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබූයේ එම ආයතනයේ උප සභාපතිවරුන් වන ලීනේ වෙස්ටර්ලොවාඩ් (Ms. Lene Vesterluad), බියොන් එල්වින් (Mr. Bjørn Alving) සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්‍ෂ ජොහාන් මේරියස් ලි (Mr. Johan Marius Ly) යන මහත්ම මහත්මීහු විසිනි.


    කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමකට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස එහි ක්ෂේත්‍ර තුනක් ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කළහ.


    ධීවර කර්මාන්තය, ආරක්‍ෂක, ප්‍රවාහන කටයුතු පිළිබඳව මෙහිදී සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වූ ආයතන ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානම් බව ද දැනුම් දුන්නේය.


    ඒ අනුව නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවට උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අවධානයක් යොමු කළේය.


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ ඇතුළු ශ්‍රී ලාංකේය නියෝජිත පිරිස සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya