අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    හම්බන්තොට දිස්ති‍්‍රක් සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 07, 2018

    හම්බන්තොට දිස්තී‍්‍රක්කයේ ග‍්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල මූලික ගැටලු නිරාකරණය සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

    පසුගිය සමයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වුව ද මූලික පහසුකම්වත් හිමි නොවූ ජනතාව විශාල පිරිසක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වන බැවින් ඔවුන් නඟා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

    දිස්ති‍්‍රක්කයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම, හේන් ගොවියන්ට ස්ථීර වගා ක‍්‍රමයට යා හැකි ආකාරයට ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීම, හේන් ගොවියාගේ ජල ගැටලුවට විසඳුම් ලබාදීම, වල් අලි තර්ජනය සඳහා දිගුකාලීන විසඳුම් ලබාදීම ඇතුළු ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවගේ දුක්ඛිත ජීවන තත්ත්වයන් පිළිබඳ රාජ්‍ය නිලධාරින්ගේ ප‍්‍රමුඛ අවධානයක් යොමු විය යුතු බවයි.

    ග‍්‍රාමීය වශයෙන් ක්ෂේත‍්‍ර නිලධාරින් කිහිප දෙනෙකු රාජකාරියේ නිරත වන අතර ජනතාව මුහුණ දී සිටින අසිරුතාවන් පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් දැනට ලබාදෙන සහනාධාර ප‍්‍රමාණවත් වන නමුත් ගැටලුවක් වී ඇත්තේ ඒවා නිවැරදිව ජනතාව අතට පත් නොවීම බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා එම ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

    හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් යෝජනා කර ඇති ලුණුගම්වෙහෙර ජලාශය යොදාගනිමින් දිනකට ඝන මීටර් 35,000ක ධාරිතාවකින් යුතු ජල යෝජනා ක‍්‍රමයක් සඳහා සැලසුම් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    එමෙන්ම කතරගම පූජා භූමියේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා කඩිනමි පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. කතරගම ප‍්‍රදේශයේ ජලය ලබා දෙන ජල ප‍්‍රභවයට අමතරව දිනකට ඝන මීටර් 15,000 ක ධාරිතාවයකින් වැඩි කිරීම සඳහා සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු විය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya