මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    රටේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබදව ජාතික ආර්ථීක සභාව සාකච්ඡා කරයි

    ඔක්තෝබර් 05, 2018
    රටේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබද ජාතික ආර්ථීක සභාවේ සාකච්ඡාවට ලක් වෙයි.
     
    රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුථ විද්වතුන්ගේ ද සහභාගිත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථීක සභාව රැස් විය.
     
    ශී්‍ ලංකාවේ වර්තමාන ආර්ථීක තත්ත්වය පිළිබද විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදී සිදු වූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක සභාපතිවරු ඇතු`ථ නියෝජිතයින් ද මීට එක්ව සිටියහ.
     
    එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ  සියලූ ප්‍රධාන වාණිජ මණ්ඩලවල  ප්‍රධානින් ද, මහබැංකුව ඇතුථ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් ද මීට එක්ව සිටියහ.
     
    ශී්‍ ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
     
    රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සදහා දැනට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබ`දව ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරිණි.
     
    පියල අවප්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවත්, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුථ රටවල් රැසක් ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත් මෙහිදී මහ බැංකුව පෙන්වා දෙනු ලැබීය. 
     
    අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබ`දව ද මෙහිදී ජාතික ආර්ථීක සභාව දැනුවත් කෙරිණි.
     
    බදු ප්‍රතිපත්තිය පිළිබදව ද අවධානය යොමු කෙරිණි.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මහින්ද සමරසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya