අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කෙරේ

    ඔක්තෝබර් 03, 2018

    මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ (02)  සිදු විය.

    ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් මෙම ආලේඛ්‍ය චිත‍්‍රය නිරාවරණය කිරීම සිදු කෙරිණි.

    ආලේඛ්‍ය චිත‍්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වී ය.

    ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

    මෙම ආලේඛ්‍ය චිත‍්‍රය ස්ථීර ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya