විශාල වාර්ගික හා ආගමික විවිධත්වයකින් යුත් ජන සංයුතියක් සහිත අම්පාර දිස්ත්‍රික්කය මෙවර පැවැත්වෙන දෙවන ප්‍රාදේශිය මහා සමුළුව සඳහා තෝරා ගැනීම සෑම අතින්ම යෝජ්‍ය බව ජාතික හා ආගමික සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අදහස වූ අතර, මෙවර සමුළුවේදී ඉහත තේමාව පදනම් කරගනිමින්.
·භාෂා ප්‍රතිපත්තිය,
·අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම්.
·අම්පාර දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ ජාතික හා ආගමික සංහිදියාවට අදාල අත්දැකීම් සහ ගැටළු.
පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
ඔක්තෝම්බර් මස 01 දින අම්පාර මොන්ටි හෝටෙල් ශ්‍රාවණාගාරයේ දී සමාරම්භ වන සමුළුව සඳහා සියළු ආගම් නියෝජනය කරමින් ප්‍රධානතම ආගමික නායකකාරකාදින් මෙන්ම කථානායක කරූ ජයසූරිය මහතා, විපක්ෂප නායක ආර්.සම්බන්දන් මහතා ඇතුළු මැතිඇමතිවරු රැසක් ද ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීහු ද එක් විමට නියමිතය.