මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    2020 දී පාසල් පද්ධතිය ශාරිරික දඩුවමින් තොර කිරීමට පා ගමනක්

    ඔක්තෝබර් 01, 2018

    පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරිරික දඩුවම් වර්ෂ 2020 වන විට සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබද අවධාරණය කරමින් සංවිධානය කෙරුණු ''සැබෑ වෙනසකට'' පා ගමන ඊයේ (30) කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

    දරුවන්ට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන ඝෘණාත්මක බලපෑම් පදනම් කරගෙන ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුථ රටවල් 131 ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මෙම සියලූ සාධක සැලකිල්ලට ගෙන සිවිල් සංවිධානයක් වන ළමා හිංසනයට තිත සංවිධානය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබිණි.

    ශ්‍රී ලංකාවේ ශාරිරික දඩුවම් අවසන් කිරීම සදහා වූ පංච මහා යෝජනාව සහ අත්සන් 3000 කින් සමන්විත සන්දේශයක් ද ළමා හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක, වෛද්‍ය තාරා ද මෙල් යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, වෘත්තීයවේදින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya