මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සග සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 01, 2018

    තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සග සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පස්වරුවේ සිදු විය.

    සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව තෙමහල් මන්දිරය විවෘත කරනු ලැබීය.

    බෝසත් ශ්‍රී ලංකා පදනම මගින් බුරුමයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ප්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ මහජන වන්දනාමානය සදහා නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි.

    විහාරාධිපති මහාචාර්ය කිවුලේගෙදර නාරද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ  මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ,  රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තරගම වජිරජෝති අනුනායක ස්වාමින්වහන්සේ, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya