අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආයෝජනය සහ අපනයනය වැඩි කරන සැලසුම් අප සීග්‍රයෙන් ක්‍රියාත්මක කරනවා

    සැප්තැම්බර් 30, 2018

    යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබාගැනීම වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින බව බවත් විදේශ ආයෝජන ලබාගන්න,විදේශ අපනයනය  වැඩි කරන්න කටයුතු කරන බවත් එම සැලසුම් අප සීග්‍රයෙන් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා පවසයි.

    පුත්තලම,වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේද පැවසී ය.

    අපිට ගමේ ආර්ථිකය වැටෙන්න දෙන්න බැහැ.ගෝලීය වශයෙන් ආර්ථික ප්‍රශ්න තිබුණට ගමේ මුදල් ආරක්ෂා කරගෙන යන්නයි බලන්නේ. වසර දහයකින් පස්සේ ඇමෙරිකාවේ අර්ථිකය ශක්තිමත් වෙලා, ඩොලරයේ අගය 

    ඉහළ යනවා. අනෙක් අතින් තෙල් මිල වැඩි වෙනවා.ඒ දෙකටම හිර වී සිටින්නේ.යුද්ධයෙන් පසුව අප විදේශ ආයෝජන ගන්නේ නැතිව,විදේශ ණය ගන්න පටන් ගත්තා.2008 දී ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටී තිබුණා.
    ඇමෙරිකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ නැතිව වෙනත් තැන්වල ආයෝජනය කළා.එදා ආණ්ඩුව තීරණය කළා මෙහාට ගන්න.එදා පාර්ලිමේන්තුවේ දී කිව්වා මෙහෙම මුදල් ගන්න එපා කියලා. අපි විදෙශ ආයෝජන හොයා ගමු කිව්වා.

    අපි ආපසු මේ විශාල ණය ගෙවන්න තියෙනවා. අලුතෙන් ආයෝජකයන් ගෙනැල්ලා වසර 2025 වන විට ණය ගෙවලා ඉවර කරන්න අප තීරණය කළා. ඒ අතරතුර මේ අර්බුධය ආවා.මේ අර්බුදය තුළ අපට තවත් මුදල් 

    හොයන්න තියෙනවා. මේ වසරේ අප ඩොලර් මිලියන 3000ක් ගෙවනවා. එන වසරේ ඩොලර් මිලියන 4000ක් ගෙවනවා. මේවා ගෙවන්න තිබුණේ නැත්නම් මේ පඩු මිල වැඩිවීමේ ප්‍රශ්න එන්නේ නෑ.ණය ගත්ත එකේ විපාකය.අපි ණය ගත් නිසා දැන් එතැන හිර වෙලා. අපි නොවේ ණය ගත්තේ. එත් දැන් ආණ්ඩුව කරන්නේ අපි. විදේශ ආයෝජන ලබාගන්න,විදේශ අපනයනය වැඩි කරන්න ඕන. ඒ සැලසුම් අප සීග්‍රයෙන් කරන්නවා.

    මේ ගමන යා යුතුයි, මේ රට බේරා ගන්න නම්.පසුගිය ආණ්ඩුවට බැන්නා කියලා ගෝලීය ප්‍රශ්නය විසඳෙනවා නම් මම පැය 24ම බනිනවා.ඒක වෙන්නේ නෑ.මේ ප්‍රශනය ආපසු පශ්සට යන්නේ නෑ.අලුත් තැනක සිට රේස් එක
    දිනන්න ඔන. මේ ගමන යා යුතුයි, මේ රට බේරා ගන්න නම්.පසුගිය ආණ්ඩුවට බැන්නා කියලා ගෝලීය ප්‍රශ්නය විසඳෙනවා නම් මම පැය 24ම බනිනවා.ඒක වෙන්නේ නෑ.මේ ප්‍රශනය ආපසු පශ්සට යන්නේ නෑ.අලුත් තැනක සිට රේස් එක දිනන්න ඔන.අපිට ඒ ශක්තිය තියෙන්න ඕන යැයි ද අග්‍රාමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya