අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද

    සැප්තැම්බර් 28, 2018

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන ''තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය'' අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙයි.

    පෙ.ව. 9.30 සිට ප.ව.4.00 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා ප්‍රධාන අරාධිතයින් ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා සහභගී වීමට නියමිතය.

    මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සමජ දේශපාලනික ක්‍රියාකරි නියක වන අරුණා රෝයි මහත්මිය විසින් සිදු කරනු ලබයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජත්‍යන්තර දිනය සෑම වසරකම සැප්තැම්බර් 28 දින සැමරේ.ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පොදු ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මක වන පනතක් ලෙස තවදුරටත් ශක්තිමත්ව මහජනතාව වෙත ගෙන යෑමේ අරමුණින් 2018 වසර ''මහජනතාව දැනුවත් කිරීමේ වසර'' ලෙස තේමා කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක
    කළේ ය.

    මෙම අරමුණ මුල්කරගනිමින් පසුගිය සැප්තැම්බර් 21 සිට තොරතුරු සතියක් ප්‍රකාශයට පත් කළ අතර අද (28) මෙම සතියේ අවසන් දිනය ද වෙයි. මෙම සතිය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

    2015 වසරේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කර්න ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්  තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නීතිගත කරන ලදී.ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත 2016 ජූනි මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්පත කරන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya