මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය

    සැප්තැම්බර් 21, 2018
    රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (21) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.
     
    මේ යටතේ ස්ථාපිත කරන ලද 500 වැනි ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලාව, කුරුදන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනයේ  ස්ථාපිත කර ඇති අතර එම ජල පද්ධතිය අද දින දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.
     
    අද උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව අනුරාධපුර මිහින්තලාව, කුරුදන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති 500 වැනි ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. 
     
    ඉන් අනතුරුව ජනාධිපතිතුමා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස ආගමික වතාවත්වලට එක් විය.
     
    මෙම එක් එක් ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධතිවලින් ලීටරය බැගින් ලබාගත් ලීටර් 500 ක ජලය සියක් නමක් වූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 500 මගින් ලබාගන්නා ලද පැන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. 
     
    ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරස්ථානයට වැඩම කරවීමට නියමිත ජය ශ්‍රී මහා බෝධි අංකුරය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එම බෝධි අංකුරය ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත භාරදෙනු ලැබීය. 
     
    කුරුදන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගල්පාත සුමන නායක ස්වාමින්වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අගනුවර පට්ඨාන ධර්ම සභාවේ සභාපති පූජ්‍ය කොරතොට විස්සභු යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද,  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක,වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල   මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya