උතුරු පළාතේ පුරා විද්‍යා ස්ථාන හා ස්මාරක ආරක්ෂා කිරීම සඳහා සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු යටතේ කාර්යාල දෙකක්, ස්ථාපිත කොට ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමර්ග සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
පුරාවිද්‍යා ස්ථාන හනිකිරීම් වලින් වැඩි ප්‍රමනයක් සිදු වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා, දෙවැනි වැඩිපුර හනිය සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර තෙවැනි තැන හිමිව ඇත්තේ තංගල්ල දිස්ත්‍රික්කයට බව කීය.