අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති උපදෙස් මත නියං සහනාධාර බෙදාදීම කඩිනම්ව - රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කරයි

    සැප්තැම්බර් 21, 2018

    දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මේ වන විට කඩිනම්ව කි‍්‍රයාවට නංවා තිබේ.

    ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කර මෙම සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

    වියළි කාළගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසිම සඳහා ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000 කි. එම සමස්ත මුදල දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

    දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙළ අද ආරම්භ කෙරුණු අතර මහවිලච්චිය, දුණුමඩලාව, ඇලපත්ගම සහ ඔයාමඩුව ප‍්‍රදේශවල නියං සහනාධාර බෙදාදීම අද දිනය පුරා කි‍්‍රයාත්මක කෙරිණි.

    සහනාධාර ලබාදීමේ වැඩසටහන හෙට සහ අනිද්දා දිනවලද කි‍්‍රයාත්මක ය. සමූපකාර හරහා සහනාධාර ලබාදීම සිදු කෙරෙන අතර වියළි ආහාර මල්ලක් සති දෙකින් දෙකට ලබාදීම සිදු කෙරෙයි.

    එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටළු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.

    මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පහසුකම් සැළසීමට එක්වන්නැයි සියලු මාධ්‍ය ආයතනවලින් ද ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි.

    නියඟයෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු ලබාගැනීමේ දී හා සහනාධාර බෙදාහැරීමේදී අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ සහය ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya