අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි කිසිදු ඉල්ලීමක් කර නෑ- නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 20, 2018

    පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනපතිවරයා හෝ අගමැති කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා හා තමන් සොයා බැලූ බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා‍ පා‍ර්ලිමේන්තුවේදී අද(20) ප්‍රකාශ කළේය‍.

    පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙනගියද එය අසත්‍ය බවත් එවැනි කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බව නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාද තමාට දැනුම්දුන් බවත් නලින් බණ්ඩාර මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් සිදුකරන ලද විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya