අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටිනවා

    සැප්තැම්බර් 20, 2018

    ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තත්වය හමුවේ මෙරට ජනතාවට සහන සලසන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.

     

    මාලිගාවත්ත, දාරුස්සලාම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සැප්තැම්බර් 19 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව

    කුමන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවත් රටේ අධ්‍යපනය, සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් කිසි ලෙසකින්වත් අඩු නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් සඳහන් කළේය.

     
    එහිදි තව දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 

    දාරුස්සලාම් මහ විද්‍යාලයට අයත් මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය පුද කර සිටිනවා. රුපියල් මිලියන 40ක වියදමක් දරමින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබෙනවා. දාරුස්සලාම් විදුහල පිහිටා තිබෙන්නේ ඉතා කුඩා භුමි ප්‍රදේශයක. එම නිසා මෙවැනි මහල් ගොඩනැගිලි මෙම විද්‍යාලයට අවශ්‍යයි. ඒ වගේම මෙම විද්‍යාලයේ ඉඩ ප්‍රමාණය විශාල කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් අපි බලාපොරොත්තු වනවා.

    අවම ඉඩ කඩ ප්‍රමාණයක පිහිටා තිබුණත් දාරුස්සලාම් විද්‍යාලයේ විශිෂ්ඨ දියුණුවක් දක්නට ලැබෙනවා. මෙම පාසල ඇතුළු ප්‍රදේශයේ පිහිටා තිබෙන අනෙකුත් සියüම පාසල් දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්ලිම් පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම දැන් සිදුකර තිබෙනවා. කොළඹදකුණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් එම විද්‍යාලය ආරම්භ කරනවා. මැද කොළඹආරම්භ කිරිමට නියමිත නව පාසල් වෙනුවෙනුත් ඉඩම් ලබා ගැනීමට මට උපදෙස් ලබා දී තිබෙනවා. මැද කොළඹ, උතුරු කොළඹආදි ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ජනතාවට අධ්‍යාපන ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් පාසල් නැහැ. එම නිසා මැද කොළඹඋතුරු කොළඹහොද පාසල් ඇතිකිරීම අපේ විශේෂ අරමුණක් බව පැවසිය යුතුයි.

     

    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රටේ සියලූම පාසල් සංවර්ධනය කිරීමට අධ්‍යාපන ඇමතිතුමා පියවර ගනිමින් සිටිනවා. එම ව්‍යාපෘතිය යටතේ පාසල් ගණනාවකටම ගොඩනැගිලි ලබා දී තිබෙනවා. පාසල් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. මේ වන විට අප පාසල් සඳහා ගොඩනැගිලි 6000ක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අප තරම් පාසල් සඳහා ගොඩනැගිලි ලබා දුන් රජයක් තවත් නොමැති බව පැවසිය යුතුයි.


    සියලූම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රක්ෂණය කිරීමට අප කටයුතු කළා. විදුහල්පති පුරප්පාඩු පිරවිමට අප කටයුතු කරමින් සිටිනවා. නව ගුරුවරුන් පුහුණු කිරීමටත්, බඳවා ගැනීමටත් අප කටයුතු කරනවා.

    වසර 13 පාසල් අධ්‍යාපනය අප තහවුරු කර තිබෙනවා. මෙය අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අප සිදුකරන විශාල සේවාවක් බව පැවසිය යුතුයි. රටේ අධ්‍යාපනය වෙනුවෙන් අප වෙන්කරන මුදල් ඒ වසර තුලම වියදම් කරන ලෙස මම බලධාරීන්ට පවසනවා. ඇතැම් ආයතනවල එම මුදල් එම වසර තුලදීම වියදම් වන්නේ නැහැ. එය විශාල ගැටළුවක්. රටේ කොතරම් ආර්ථික ගැටළු තිබ්බත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය අප වැඩි කරනවා. කිසිම දිනක අප එම මුදල් ප්‍රමාණය කප්පාදු කරන්නේ නැහැ.

     

    ලෝකය මේ වන විට ගෝලීය ආර්ථික ආර්බූදයකට මුහුණ දෙමින් සිටිනවා. ඩොලරයේ වටිනාකම වැඩිවන විට අනෙක් සියලූ මුදල්වල වටිනාකම අඩුවෙමින් පවතිනවා. සෑම රටකටම එය බලපානවා. එය ලංකාවට පමණක් සීමා වි නැහැ. එවිට අපේ බඩු මිල, තෙල් මිල, ආදිය වැඩිවෙනවා. ඇමරිකාවට එම ගැටළුව නැතත් අනෙක් සෑම රටකටම එය බලපා තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් අතර තීරුබදු ඝට්ටනයක් ඇතිව තිබෙනවා. ඒ හරහා ජාත්‍යන්තර වෙළදාමට විශාල හානියක් සිදුවෙනවා. මේ තත්වය සියලූම රටවල්වලට බලපානවා. එහි බලපෑම වැඩිපුරම ඇතිවන්නේ දුප්පත් රටවල් වලටයි. අපටත් වඩා ඉන්දියාවට මේ තත්වය බලපා තිබෙනවා. මෙම ගැටළුවට මුහුණදීම පිළිබදව ලෝකයේ රටවල් සාකච්ඡා කරමින් සිටිනවා.

     

    ගෙදර කුමන ගැටළු තිබ්බත් රත්තරන්, ඉඩම් විකුණා හෝ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීමට ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනවා. ඒ ආකාරයට රජයක් ලෙස අපත් කොතරම් අපහසුතා තිබුණත් රටේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයාගත යුතු බව මම මුදල් අමාත්‍යතුමාට පැවසුවා. අධ්‍යාපනය යනු රටේ අනාගතයට කරන ආයෝජනයක් යනු අප අවබෝධ කරගත යුතුයි. එම නිසා අධ්‍යාපනයට ලබාදෙන මුදල් කලට වේලාවට වියදම් කරන ලෙස මම බලධාරීන්ට නැවතත් මතක් කරනවා. එසේ නොවුණහොත් එය රටේ අධ්‍යාපනයට ඔබ කරන මහා පාපයක් බව සිහිතබා ගත යුතුයි.

     

    රටේ ගැටළුවලට මුහුණදිමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් භාණ්ඩවල මිල වැඩිවී තිබෙන අතර ඇතැම් භාණ්ඩවල මිල අඩුවී තිබෙනවා. ඇතැම් ජනකොටස් ඉතා අපහසුවෙන් ජීවත් වෙනවා. අප ඒ සියල්ල පිළිබඳව ඉතා හොදින් දැනුවත්. මෙම තත්වයට මුහුණදීමට ඇතැම් රටවල් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්ෂේත්‍රයන්ට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළත් අපි එම මුදල් අඩු නොකර ඉදිරියට යාමට කටයුතු කරනවා. අපි අධ්‍යාපනයේ වටිනාකමට ගරු කරනවා. ගෝලීය ආර්ථික අර්බූදය නිසා ජනතාවට සහන සලසන්නේ කෙසේදැයි අප කල්පනා කරනවා. මේ ආකාරයට නව ගොඩනැගිලි ඉදිකරමින් දාරුස්සලාම් විද්‍යාලය ඉදිරියට ගෙන යාමට විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමාපියන් දක්වන සහයෝගයට මම අවසාන වශයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya