අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගය කරගෙන යන්න ඉඩ දෙන්න - දේශපාලන වාසි ගන්න හදන්න එපා

    සැප්තැම්බර් 18, 2018

     ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් විභාගයක් සිදුවන වන බවත් මේ සම්බන්ධයෙන් දේශපාලන වාසි නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාර නැමැති අය කළ හෙළි දරව්ව සම්බන්ධයෙන් කරුණු විමසමින් ඒ පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්  ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබඳ පිළිතුරු ලබදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව  පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

    ''සම්ප්‍රදායක් හැටියට විභාගයක් වෙනකොට සියලු කරුණු හෙළි කරන්න බෑ. අමාත්‍යතුමා සම්පූර්ණ කරුණු සොයා ගත්තා.සාක්ෂි අනුව ක්‍රියා කරන්නම් කිව්වා.ජනාධිපතිතුමා පිළිබඳව පෙන්වා තිබෙන උනන්දුව ගැන ස්තූතිවන්ත  වෙනවා.එහෙත් එතුමා ජනාධිපති අපේක්ෂකයා වෙලා ඉන්න විට එතුමගේ ආරක්ෂාව අයින් කරනකොට කවුද  කතා කළේ?ඒ කැක්කුම ඒ වෙලාවේ තිබුණ ද? මේ පිළිබඳව මම ලංකාවට ආව ගමන් පොලිස්පතිවරයාට කිව්වා, මේ ගැන විභාග කරන්න. ජනාධිපතිතුමා කියල තියෙනවා. විභාගයෙන් පසුව ගත යුතු පියවර කුමක් ද කියලා  වාර්ත කරන්න කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා හිතුනොත් එතුමාට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන්. මෙකෙන් නිකම් දේශපාලන වාසි හදන්න යන්න එපා. විභාගය කරගෙන යන්න ඉඩ දෙන්න. වාර්තාව එනකම් ඉන්න ''යැයි ද  අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya