අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලාලි හෝ වෙනත් කිසිදු ගුවන්තොටුපලක් වෙනත් කිසිදු රටකට දෙන්නේ නෑ

    සැප්තැම්බර් 18, 2018

    පලාලි ගුවන් තොටුපල දියුණු කිරීමට කටයුතු කරන බවත් එය හෝ වෙනත් ගුවන් තොටුපලක් වෙනත් කිසිදු රටකට ලබාදීමට කටයුතු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත සහ ගුවන් සේවා පනත යටතේ නියෝගය පිළිබඳ විවදය ආරම්භ කරමින් අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    පූර්ව නිගමනවලට පැමිණීම සුදුසු නොවන බවත් කී අමාත්‍යවරයා, පළාලි පමණක් නොව හිඟුරක්ගොඩ කොග්ගල, දිගන, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන්තොටු පළ වැඩි දියුණු කළ යුතු යැයි පැවසී ය.

    අභ්‍යන්තර ගුවන්ගමන් සේවා වැඩි දියුණු කළ යුතුයි.රත්මනාලන අක්කර 25ක වඩා ඉඩකඩ සහිත ගුවන්තොටුපලක් බවට පත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවැනි පර්යන්තය සඳහා ජයිකා ආයතනයේ ණය මුදලක් ලැබුණා. එහි ඉදිකිරීම් යම් ප්‍රමාදයක් අති වුවත්, මඟී  ධාරිතාව වැඩි නිසා පෙර සවි ගුවන් පර්යන්තයක් හදන්න ටෙන්ඩර් පරිපාටිය අනුව ප්‍රදානය කරන්න කටයුතු කර  තිබෙනවා. එය ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපල ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂිත තාක්ෂණය සහිත ගුවන්තුටුපලක් ලෙස සංවර්ධනය කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya