අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනවා - අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

    සැප්තැම්බර් 18, 2018

    ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවත් මූලික පරීක්ෂණ සිදු කර පොලිස් කොමිෂමට වර්තා කරන බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය

    ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාර නැමැති අය කළ හෙළි දරව්ව සම්බන්ධයෙන් කරුණු විමසමින් ඒ පිළිබඳව  ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී කළ  විමසීමට පිළිතුරු ලබදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    දූෂණ විරෝධී අධ්‍යක්ෂවරයකු යැයි හඳුන්වාගත් පුද්ගලයකු විසින් මාධ්‍ය සකච්ඡාවක් පවත්වමින් සංවාද කීපයක් හෙළි දරව් කරන ලදී. අනාවරණය වන කරුණු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඉදිරි
    විමර්ශන කරගෙන යන අතර මහේස්ත්‍රාස්ත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකරන ලද හඩ පට එම මාධ්‍ය ආයතනවලින් හඩපට පිටපත් ලබාගැනීමට අධිකරණ නියෝග ලබාගෙන ඇත.  විමර්ශන කටයුතු සඳහා අදාළ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාගෙන ඇත. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්ව මහතා ස්ථාන මාරු කර ඇත. අපක්ෂපාතීව පරීක්ෂණ සිදු කරගෙන යනවා. මූලික විමර්ශන කටයුතු කර පොලිස් කොමිෂමට වාර්තා කරනවා. මූලික පරීක්ෂණ කරනවා. අවශ්‍ය පියවර ගන්නවා.මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya